ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව (Commercial Bank of Ceylon PLC – “Commercial Bank”), මෙරට බැංකු රක්ෂණයේ (Bancassurance) පුරෝගාමී සමාගම වන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (AIA ශ්‍රී ලංකා) සමඟින් සුවිශේෂී වූ දිගු කාලීන බැංකු රක්ෂණ හවුල්කාරීත්වයකට එළැඹි බවත්, ඒ අනුව AIA ශ්‍රී ලංකා, කොමර්ෂල් බැංකුවේ නිත්‍ය බැංකු රක්ෂණ සහකරුවා ලෙස ඉදිරියේ දී කටයුතු කරනු ඇති බවත් මහත් අභිමානයෙන් යුතුව ප්‍රකාශ කර සිටියි.
මෙම අද්විතීය සන්ධිස්ථානය මෙරට ආයතනික දැවැන්තයින් දෙදෙනෙකු අතර සුවිශේෂී වූ හවුල්කාරිත්වයක් සනිටුහන් කරන අතර, සමාගම් දෙකම වසර 100කට අධික අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කීම ද සුවිශේෂී කරුණකි. කොමර්ෂල් බැංකුව සහ AIA ශ්‍රී ලංකා, අසමසම ශක්තියක්, විශාල අත්දැකීම් සමුදායක් සහ ඉහළ කීර්ති නාමයකින්ද හෙබි සමාගම් දෙකකි. AIA හි ආසියාව පුරා ඇති අතිමහත් අත්දැකීම් සමුදාය සහ කොමර්ෂල් බැංකුවේ දේශීය ප්‍රජාවන් සමඟ ඇති අර්ථවත් සබඳතා සමඟින් ඇතිවන සුසංයෝගය, ශ්‍රී ලාංකිකයන් වෙත ආකර්ෂණීය විසඳුම් ලබා දීම සඳහා කදිම වේදිකාවක් සපයනු ඇත.

මෙම හවුල්කාරිත්වය ඔස්සේ, කොමර්ෂල් බැංකුව, AIA හි බැංකු රක්ෂණය පිලිබඳව ඇති දැනුම උපයෝගී කරගනිමින්, දිවයින වටා ශාඛා 272ක මිලියන 3.5 කට වැඩි ගනුදෙනුකරුවන්ගෙන් යුත් ව්‍යාපාර ජාලය වෙත සුවිශේෂී වූ ජීවිත සහ සෞඛ්‍ය රක්‍ෂණ විසඳුම් සැපයීමට අපේක්ෂා කරයි. එමෙන්ම මෙම දීර්ඝ කාලීන සුවිශේෂී හවුල්කාරිත්වය මගින් ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසකට ඉහළ මූල්‍ය සුරක්ෂිතතාවයක් සහ රැකවරණයක් ලබා දීමටත්, ඔවුන් තුල රක්ෂණ සංකල්පය පිළිබඳව ඇති අවබෝධය සහ මූල්‍ය ඇතුළත් කිරීම් තිරසාර ලෙස වැඩිදියුණු කිරීමටත් අපේක්ෂා කෙරේ.
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සනත් මනතුංග මහතා කථා කරමින් කියා සිටියේ :
“විශ්වාසය සහ මූල්‍ය ස්ථාවරත්වය යනු බැංකු සහ රක්ෂණ යන දෙඅංශයේම හවුල්කරුවන් පිළිබඳව ගනුදෙනුකරුවන් විසින් සොයා බලන මූලිකම වටිනාකම් වෙනවා. මෙම සහයෝගීතාවය මෙරට වෙළෙඳපොල තුල වඩාත්ම විශ්වාසදායක සහ ශක්තිමත්ම වූ මූල්‍ය සේවා සන්නාම දෙකක් එකට එකතු කරන අතර, බෑන්ක් ඇෂුවරන්ස් නැතිනම් බැංකු රක්ෂණ ක්ෂේත්‍රය තුළ (Bancassurance) සැලකිය යුතු ශක්තිමත් බලවේගයක් නිර්මාණය කරනු ඇති. සුරක්ෂිතතාවය සහ රැකවරණය මෙන්ම ඉතිරිකිරීම් වඩාත් අදාළ වී ඇති වාතාවරණයක් සහිත අවස්ථාවක එම අංශ ප්‍රවර්ධනය කිරීම සඳහා AIA සමඟ හවුල් වීමට ලැබීම ගැන අප සතුටු වෙනවා.”
AIA ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුනවීර මහත්මිය කථා කරමින් කියා සිටියේ :
“මෙම හවුල්කාරිත්වය අපේ රටේ ගෞරවනීය ආයතන දෙකක් එකට එක් කරමින් ශ්‍රී ලාංකිකයින්ට අසමසම සුරක්ෂිතතාවයක් සහ රැකවරණයක් සැපයීමේ ප්‍රබල ශක්තියක් ඇතිකර තිබෙනවා. ඒ වගේම ඩිජිටල්කරණයෙන් සහ තාක්‍ෂණික පරිවර්තනයෙන් බල ගැන්වෙන තිරසාර වර්ධනයක් සමඟින් ශ්‍රී ලාංකිකයින්ට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගත කිරීමට සහය වීම සඳහා වන මෙහෙවරට අප සමාගම් දෙකම පෙළ ගැසී සිටිනවා.
“2006 වසරේ දී අපි ශ්‍රී ලංකාවේ බැංකු රක්ෂණයේ (Bancassurance) පුරෝගාමී සමාගම වූ අතර එතැන් සිට ක්ෂේත්‍රය තුල ඉදිරියෙන්ම සිටීමට සමත් වුනා. අපගේ මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය 2023 තුන්වන කාර්තුව අවසන් වන විට 798% ක ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය (CAR) හරහා පෙන්නුම් කරනවා. මෙම අගය නියාමන සීමාව මෙන් හය ගුණයකටත් වඩා වැඩි වන අතර ක්ෂේත්‍රය තුල සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතිනවා.”
“AIA හි අපි ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා නිරතුරුව කැපවී කටයුතු කරන අතර මෙම සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන හැකියාව වඩාත් ශක්තිමත් කිරීමට සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය කරන බව අප විශ්වාස කරනවා”.
AIA ශ්‍රී ලංකා හි සභාපති සහ AIA සමූහයේ කලාපීය ප්‍රධාන විධායක නිලධාරී ටැන් හක් ලේ මහතා සිය අදහස් ප්‍රකාශ කරමින් :
“මෙම සහයෝගීතාවය කලාපය පුරා බෙදා හැරීමේ හැකියාවන් පුළුල් කිරීම සඳහා ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතන සමඟ හවුල් වීමේ AIA හි බැංකු රක්ෂණ ක්‍රමෝපායයන් සමඟින් පෙළගැසී ඇති අතර, එය AIA සහ කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකාර භවතුන් සඳහා ශක්තිමත් වටිනාකමක් ලබා දෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.”
“AIA දිගුකාලීන සබඳතාවයන් ඔස්සේ ගොඩනැගෙන ශක්තිය පිළිබඳව මැනවින් විශ්වාස කරන අතර කොමර්ෂල් බැංකුවට සහ එහි ගනුදෙනුකරුවන්ට ලොව පිළිගත් සුරක්ෂිතතාවයක් සහ රැකවරණයක් සපයන දිගුකාලීන හවුල්කාරිත්වයක් සඳහා අපගේ කැපවීම සහතික කර සිටීම සඳහා මා මෙය අවස්ථාවක් කරගැනීමට කැමතියි”.