ශ්‍රී ලාංකීය බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය (NBFI) තුළ දශක 3 ක පුරෝගාමී මෙහෙවර, සුවිශේෂී ජයග්‍රහණ හා පරමාදර්ශී හඳුන්වාදීම් රැසක් සමග සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සිය 30 වන සංවත්සරය අර්ථවත් ලෙස සැමරීය. CDB කාර්ය මණ්ඩලයේ සියළු දෙනා එකමුතුව පසුගිය සැප්තැම්බර් මස 04 වැනි දින සර්වරාත්‍රික පිරිත් සජ්ජායනා පිංකමක් පවත්වා හා පසුදින උදෑසන හීල් දානය පිරිනමා ආයතනික සංවත්සර සැමරුම් උත්සව මාලාව ආරම්භ කරනු ලැබීය. එදාමෙදාතුර ආයතනික වර්ධනය උදෙසා ඇපකැප වූ කාර්ය මණ්ඩලය වෙත කෘතවේදීත්වය පිරිනමමින් සැප්තැම්බර් 08 වැනිදා ප්‍රධාන කාර්යාලයේ සහ දීපව්‍යාප්ත CDB කාර්ය මණ්ඩලයේ සියළු දෙනා ප්‍රධාන කාර්යාලය වෙත එකමුතු කරමින් ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වූයේ එකම පවුලක් මෙන් සියළු දෙනා අතර සහෝදරත්වයේ බැඳීම ශක්තිමත් කරමිනි. බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා CDB දායකත්වයේ අතීත සංධිස්ථාන සිහිපත් කිරීම වෙනුවෙන් CDB Heritage Pavilion කෞතුකාගාරය විවෘත කිරීම සංවත්සර සැමරුම් උත්සව මාලාවේ වඩාත් කැපීපෙනුනු අවස්ථාව විය. ශ්‍රී ලාංකීය සංස්කෘතික උරුමයේ වටිනාකම් හා නව්‍යකරණයේ ජවය මිශ්‍ර වූ CDB අනාගතවාදී ආයතනික සංස්කෘතිය අභිමානවත් 30 වැනි සංවත්සර සැමරුම් උළෙල පුරා අරුත් ගැන්වීම විශේෂත්වයකි.

දේශීය ආර්ථික සංවර්ධනයට සක්‍රීය දායකත්වයක් ලබාදෙමින් නව්‍යකරණය හා තිරසර ශ්‍රී ලංකාවක් ගොඩනැංවීමෙහිලා අනාගතවාදී දැක්මක් අනුව කටයුතු කරන CDB ශ්‍රී ලාංකීය සංස්කෘතිය සමග බද්ධ වෙමින් සැබෑ ශ්‍රී ලාංකිකත්වයට මුල්තැනක් ලබාදෙමින් නව්‍යකරණයෙන් පිරිපුන් පාරිභෝගික කේන්ද්‍රීය ධනාත්මක ආයතනික සංස්කෘතියක් ගොඩනැගීමට කටයුතු කොට තිබේ. කණ්ඩායම් හැඟීමෙන් එකමුතු වූ කාර්ය මණ්ඩලයේ ශක්තිය සමග CDB 30 වැනි සංවත්සර සැමරුම් උත්සව මාලාව සංවිධානය කරනු ලැබුවේද මෙම ආයතනික වටිනාකම් පෙරදැරිකරගනිමිනි.
ශ්‍රී ලාංකීය බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ නවෝත්පාදකයෙකු හා පුරෝගාමියෙකු ලෙස පරමාදර්ශී මෙහෙවරක නියැලි CDB අවංකභාවය, විනිවිදභාවය, ආචාර ධර්ම, යහපාලනය, විශ්වාසනීයත්වය, අනුකූලතාවය මෙන්ම පරිසරය හා සමාජය වෙනුවෙන් කැපවීම සිය දශක 3 ක අභිමානවත් මූල්‍ය සේවා ගමන්මග තුළ ප්‍රකට කොට තිබේ. තිරසාර අනාගත වර්ධනය සඳහා 3P ආයතනික ප්‍රතිපත්තිය තුළ CDB සතු ගැඹුරු කැපවීම ද පිළිබිඹු කරන අතර, වසර ගණනාවක් පුරා දේශීය හා ජාත්‍යන්තරව ලද බහුවිධ ඇගයීම් මේ සඳහා සාක්ෂි දරයි.
සංස්කෘතිය හා පුද්ගල වටිනාකම් කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත ආයතනික සම්ප්‍රදාය අරුත්ගන්වමින් සංවිධානය කරනු ලැබූ CDB 30 වැනි සංවත්සර සැමරුම් උළෙල නව්‍යකරණය පෙරදැරි කරගනිමින් ඉදිරියට ගමන් කරනු ලබන පුද්ගල කේන්ද්‍රීය තිරසර මූල්‍ය සේවා මෙහෙවරේ අනාගතයට ආශිර්වාදයක්ම විය.