Centrum Marine Consultancy සහ Döhle (IOM) Limited  ශ්‍රී ලංකාවේ වෙළඳ නාවික ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට උපායමාර්ගික සහයෝගීතාවයකට එළඹෙයි

Share with your friend

ශ්‍රී ලංකාවේ නාවික වෘත්තීය මානව සම්පත් පරිපාලන සේවා සපයන ප්‍රමුඛතම ආයතනයක් වූ Centrum Marine Consultancy සමාගම, ලෝකයේ ප්‍රකට නාවික සේවා සපයන්නෙකුවන Döhle සමූහයේ සාමාජික Döhle (IOM) Limited සමග ශ්‍රී ලංකාවේ නාවික මානව සංවර්ධන ක්ෂේත්‍රය ගොඩනැංවීම වෙනුවෙන් අත්වැල් බැඳගත්තේය. මෙම සහයෝගීතාවය තුළින් නව ආයතනයක් වූ  Doehle Marine Lanka Pvt Ltd නිර්මාණය වූ අතර එය හරහා ගෝලීය නාවිකවෘත්තීය අවශ්‍යතාවයන් වෙනුවෙන් ශ්‍රී ලාංකික නාවික වෘත්තීයවේදීන්ට අවස්ථාව හිමිවෙයි.

නිපුණතාවයෙන් පිරි නාවික වෘත්තිකයන්ගේ මූලාශ්‍රයක් ලෙස ශ්‍රී ලංකාවේ ඇති වැදගත්කම මෙම ආයතනික ඒකාබද්ධතාවයෙන් පිළිබිඹුවන අතර හැකියාවන්ගෙන් පිරි ශ්‍රී ලාංකික නාවික වෘත්තිකයන් හඳුනාගෙන ඔවුන්ට වෘත්තීය අවස්ථාව ලබාදීම මෙහිදී සිදුවෙයි. 2015 වසරේ සිට වෘත්තීය නිපුණතාවයෙන් පිරි ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ සේවාවන් Döhle (IOM) Limited ලබාගන්නා අතර සිය සේවාවන් තවත් ව්‍යාප්ත කරමින් නව අවස්ථාවන් එම ක්ෂේත්‍රයට ලබාදීමට ඔවුන් අපේක්ෂා කරයි. මෙම නව ඒකාබද්ධතාවයේ අරමුණ වන්නේ ඉංජිනේරු, නැව් තට්ටු සහ විදුලි යන ක්ෂේත්‍රයන්ගෙන් කැඩෙට් නිළධාරීන් ලෙස පුහුණුව සහ අධ්‍යාපනය ලබාදී ශ්‍රී ලාංකික වෙළඳ නාවික ප්‍රජාව නාවික කළමනාකරණ ක්ෂේත්‍රයේ ඉහළට යාමට සුදානම් කිරීමයි. මෙම පරිපූර්ණ වෘත්තීය පුහුණු සහ උපදේශ සේවා වැඩසටහන් හරහා දැනුම ලබාදෙන නාවික කැඩෙට් නිලධාරීන්ට  Döhle Group හි රැකියා අවස්ථාවන් සඳහා සූදානම් කිරීමට මෙන්ම නාවික ක්ෂේත්‍රයේ මතුවන රැකියා අවස්ථාවන්ටද නිවැරදිව සුදානම් කිරීම සිදුවෙයි.


මෙම ආයෝජන ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලාංකාවේ නාවිකයන් 500කට පමණ රැකියා අවස්ථා නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙන අතරම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සාධනීය බලපෑමක් ඇතිකිරීමට මෙය ඉවහල් වනු ඇත. සෘජු ආර්ථික ප්‍රතිලාභවලට අමතරව මෙවැනි නිපුණතා සංවර්ධන වැඩසටහන් මගින් ලංකාවේ නිපුණතාවන් ශක්තිමත්වන අතර නාවික වෘත්තීය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සොයාගැනීමේ ගෝලීය කේන්ද්‍රයක් ලෙස ශ්‍රී ලාංකාව ස්ථාපිත වනු ඇත.


Centrum Marine Consultancy (Pvt) Ltd ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ කාලිංග ද සිල්වා මහතා මෙම සහයෝගීතාවය පිළිබඳ මෙසේ සිය අදහස් දැක්වීය,“ මෙම සහයෝගීතාවය, අපේ ශ්‍රී ලාංකික නාවික වෘත්තිකයන්ගේ සුවිශේෂී හැකියාවන් සහ Centrum Marine ආයතනයේ කැපවීමේ සාර්ථකත්වය පිළිබඳ හොඳම උදාහරණයක්. නැව් හිමිකාරීත්වය සහ නාවික කළමනාකරණයේ දැවැන්තයෙක් වෙනDöhle Group සමග මෙවැනි වෘත්තීය උපායමාර්ගික සහයෝගීතාවයකට එළඹීමට ලැබීම ගැන අපි ඉතාමත් ආඩම්බර වෙනවා. ඇත්තටම අපේ නාවික මානව සම්පත් ක්ෂේත්‍රයේ හැකියාවන් වර්ධනය කරගැනීමට සහ නාවික යාත්‍රා කළමනාකරණයේ කලාපීය දැවැන්තයෙකු ලෙස ස්ථාපිතවීමට මෙම සහයෝගීතාවය ඉතාම වැදගත්වෙන බවට මට කිසිම සැකයක් නැහැ.”


Döhle (IOM) Limited ආයතන සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ලූක් ටිපට් මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “අපේ ආයතනික වටිනාකම් සමග මනාව ඒකාත්මික වෙන ‘People, Passion & Professionalism’ යන දැක්ම පෙරටුකොට ගෙන ක්‍රියාත්මක වන Centrum Marine Consultancy ආයතනය සමග ආයතනික සහයෝගීතාවක් ඇතිකර ගැනීමට ලැබීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. ශ්‍රී ලාංකික වෘත්තීය නාවිකයන්ගේ හැකියාව සහ කැපවීම අපව ඉතාමත් සතුටට පත් කළා, ඒවගේම මෙම වෘත්තීය සහයෝගීතාවය තුළින් එවැනි දක්ෂ වෘත්තීකයන් අපේ ආයතනික මෙහෙයුම්වලට ඒකාබද්ධ කිරීමට අපට අවස්ථාව ලැබෙනවා. එසේ බඳවා ගන්නා සියලු වෘත්තිකයන්ට අවශ්‍ය පරිපූර්ණ පුහුණුව සහ නිපුණතා සංවර්ධනය ලබාදෙමින් නාවික ක්ෂේත්‍රයේ අභියෝගවලට නිවැරදිව මුහුණදීමට අවශ්‍ය හැකියාව ගොඩනැංවීම සහතික කරනවා. අපි අපේ වෘත්තීය බලකාය ශක්තිමත් කරනවා පමණක් නොවෙයි, අපි ශ්‍රී ලාංකික නාවික වෘත්තිකයන් වෙනුවෙන් ආයෝජනය කරලා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ ගෝලීය නාවික ප්‍රජාවේ වෘත්තීයභාවය ඉහළ නැංවීමට ධනාත්මක බලපෑමක් සිදුකරනවා.”


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply