Ceyline Shipping, ජාත්‍යන්තර නාවුක දිනය සමරමින් නාවිකයින්ට ගෞරව පුදකරයි

Share with your friend

ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා සහ Ceyline Group අනුබද්ධ සාඩම්බර සමාගමක් වන Ceyline Shipping, නාවිකයින්ට ගෞරව බහුමානයට පාත්‍රකරමින්, ජුනි 25 වැනිදා ජාත්‍යන්තර නාවික දිනයට සමාන්තරව ජූනි 22 සමරනු ලැබීය. Ceyline-SeaCare: Saluting the Spirit of Seafarers” යන තේමාවෙන් බොල්ගොඩ පුහුණු ඇකඩමිය එම උළෙල පැවැත්වුණේ, රටට හා ලෝකයට නාවිකයින් විසින් සිදු කරනු ලබන සුවිසල් දායකත්වයට ගෞරව දැක්වීමේ සමාගමේ කැපවීම ද තහවුරු කරමිනි. 

නාවික හා සේවා සැපයුම් සමාගම් 15 කට අධික ප්‍රමාණයකින් සමන්විත Ceyline Group මගින් දියත් කරනු ලැබූ ප්‍රමුඛතම වැඩසටහනක් වූ මෙම Ceyline-SeaCare උපහාර වැඩසටහන, නාවික ප්‍රජාව විසින් සේවය ඉටුකරනු ලබන මාහැඟි සේවය අගයමින්, නාවිකයින් හා ඔවුන්ගේ පවුල්වල පිරිස හෘදයාංගම උපහාරයට පාත්‍ර කෙරුණු වැඩසටහනකි. එම උපහාර වැඩසටහන ඇතුළුව එදින දවස පුරාම, සහභාගි වූවන්ගේ ආකර්ෂණය දිනාගත් වැඩසටහන් ගණනාවක් ක්‍රියාවට නැංවුණු අතර, ‘මානසික සුවතාවය’, ‘මූල්‍ය යහපැවැත්ම’ හා ‘නායකත්ව සංවර්ධනය’ ආදී තේමාවන් යටතේ, පිරිස දැනුවත් කිරීම සිදුකෙරිණි. 

ඊට අමතරව, නාවිකයන් හා ඔවුන්ගේ පවුලේ සමාජිකයන්ගේ සුභ සිද්ධිය සඳහාම දීමනා පිරිනැමෙන Loyalty card වැඩසටහනක්ද Ceyline ආයතනය විසින් දියත් කරන ලදී. දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල්වලින් සිසුන් සහභාගි වීමද විශේෂත්වයක් වූ අතර, නාවුක වෘත්තිය, මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට පමණක් ඉවහල් නොවන වෘත්තියක් බවට දැනුවත්භාවය වැඩි කිරීමටද එය මහඟු අවස්ථාවක් විය.  නාවුක වෘත්තිය ජාතික ආර්ථිකයට අත්‍යවශ්‍ය විනිමය සපයන අතරෙහි ලොව පුරා ඉහළ පිළිගැනීමක් දිනාගන්නා වෘත්තියක් බවට එහිදී දැනුවත් කෙරිණි. 

2010 වසරේදී ජාත්‍යන්තර නාවික සංවිධානය (IMO) විසින් ජාත්‍යන්තර නාවික දිනය නම් කරනු ලැබුවේ, ගෝලීය වෙළඳාම් ක්ෂේත්‍රය තුළ නාවිකයන් විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය හඳුනා ගැනීම සඳහාය. නාවිකයින් ගෝලීය ආර්ථිකයේ, නොපෙනෙන ජීවනාලිය බවට පත් කරමින්, ලෝකයේ භාණ්ඩ අපනයනයෙන් 90% ක තරම් ප්‍රතිශතයක් මුහුදු මගින් අපනයනය කරන භාණ්ඩ වී තිබේ. මුහුදු ගමන්වල නිරත නාවිකයින් මුහුණ දෙන අභියෝග හා ඔවුන් සිදුකරන කැප කිරීම් සිහිපත් කෙරෙන මෙම දිනය මගින්, නාවිකයින්ගේ සුබ සිද්ධිය සහතික කිරීම සඳහා රජයට, නාවික සමාගම්වලට හා සමාජයට සිහි කැදවීමක් කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාවුක කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ සහ කළමනාකරණ සමාගම ලෙසින්, ලොව ප්‍රමුඛ පෙළේ නාවුක  සමාගම් සඳහා සුදුසුකම් සහිත දක්ෂ නාවිකයින් සපයන Ceyline Shipping, නාවුක ක්ෂේත්‍රයේ 40 වසරකට වැඩි විශේෂඥභාවයක් සහිත සමාගමකි. නාවුක ක්ෂේත්‍රයේ පමණක් නොව, භාණ්ඩ ප්‍රවාහන අධ්‍යාපන සෞඛ්‍ය හා චාරිකා යන අංශයන්හි සේවා සපයන Ceyline, ශ්‍රී ලංකාවේ වඩාත්ම විවිධාංගිකරණය වූ නාවුක හා සැපයුම් සමූහයයි. එම සමූහය ශ්‍රී ලංකාවේ නාවුක ක්ෂේත්‍රයේ ප්‍රමිතීන්, ජාත්‍යන්තර මට්ටමට ඉහළ නැංවීම සඳහා නිරන්තරයෙන් සිය දායකත්වය ලබාදෙයි. 

මෙවර ජාත්‍යන්තර නාවික දිනය අභිමානයෙන් සමරන Ceyline Group, ලොව පුරා සියලු නාවිකයින් වෙත සුභ පැතුම් පිරිනමනු ලබන්නේ, සිය හෘදයාංගම කෘතඥතාව ද සමඟිනි. නාවිකයින්, කැපවීමෙන් ඔරොත්තු දීමේ හැකියාවෙන් මෙන්ම වෙහෙස මහන්සියෙන් වැඩ කිරීමෙන් ගෝලීය නාවුක ක්ෂේත්‍රය අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, ලෝක ප්‍රජාව සම්බන්ධ කිරීමටත් කටයුතු කරයි. එම කැපවීම වෙනුවෙන් සිය ගෞරවය පුද කරන Ceyline Group, නාවික ක්ෂේත්‍රයට ලබා දෙන මිල කළ නොහැකි දායකත්වය වෙනුවෙන් සිය ස්තුතිය පුද කර සිටියි. 


Share with your friend