ChildFund International, ශ්‍රී ලංකාව තුළ සිදුකළ 40 වසරක සුවිසල් මෙහෙයුම සනිටුහන් කරමින්, WiDE Lanka සංවිධානය (කාන්තා සහ ළමා සංවර්ධන සහ සවිබල ගැන්වීම) සමාරම්භ කරනු ලැබීය. මින් ඉදිරියට WiDE Lanka සංවිධානය හරහා ChildFund International මගින් දේශීය වශයෙන් සිදු කරන ක්‍රියාකාරකම් වඩාත් පුළුල්ව හා ගුණාත්මකව, ප්‍රාදේශීය නායකත්වය මෙන්ම ප්‍රජා සහභාගිත්වය යටතේ සිදුකරනු ලැබේ.
40 වැනි සංවත්සරය සමැරීම සහ WiDE Lanka සංවිධානයේ සමාරම්භය නිමිතිකොට පවත්වනු ලැබූ උළෙල, කෙටි සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි ChildFund International හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඉසාම් ඝානිම් මහතාගේ පැමිණීමෙන් අලංකාරවත් විණි. දිවයිනෙහි ඔහුගේ සංචාරය අතරතුර, ChildFund Internationalහි ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලය මෙන්ම විවිධ පාර්ශ්වකරුවන්ද මුණගැසීමට අවස්ථාව සැලසිණි. එමෙන්ම, ආගන්තුක සත්කාර, ආහාර තාක්ෂණය සහ ග්‍රැෆික් නිර්මාණකරණ පුහුණුව තුළින් මෙරට ආබාධ සහිත තරුණ තරුණියන්ගේ නිපුණතා වර්ධනය කරන අමුණුකුඹුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමට මෙන්ම, සමාජ හා චිත්තවේගීය ඉගෙනුම් (SEL) ව්‍යාපෘතියෙහි සමාරම්භක අවස්ථාවටද ඔහු එක් විය. එය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සකස් කරනු ලදුව, ChildFund Sri Lanka කාර්යාලයේ සහයෙන් ක්‍රියාවට නැංවෙන ව්‍යාපෘතියකි .
ශ්‍රී ලංකාව තුළ කොන්වන හා අවදානමට ලක්විය හැකි දරුවන්ගේ ජීවිත වැඩිදියුණු කර, ප්‍රජාව තුළ ධනාත්මක වෙනසක් ඇති කරන තරුණයින්, දෙමාපියන් සහ නායකයින් බවට පත්වීමට අවස්ථාව ලබා දීමේ අරමුණ පෙරදැරිව 1985 දී, ChildFund International හි ශ්‍රී ලංකා කාර්යාලය ස්ථාපනය කරන ලදී. ChildFund Sri Lanka කාර්යාලය, අද වන විට 200,000කට අධික ළමුන්, පවුල් සහ ප්‍රජාවන්ට ගුණාත්මක අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, පෝෂණය සලසන අතරම ඔවුන්ට අපයෝජන සහ සූරාකෑම්වලින් ආරක්ෂා වීම සඳහා හැකියාව සලසමින් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 12ක් පුරා ක්‍රියාත්මක වෙයි.
සංවිධානයේ 40 වැනි සංවත්සරය නිමිත්තෙන් දියත් කරනු ලැබූ WiDE Lanka තුළින් කැප වෙන්නේ, මෙරට අධ්‍යාපන, ආර්ථික අවස්ථාවන්, සෞඛ්‍ය හා ආරක්ෂාව තුළින් කාන්තාවන්ගේ හා ළමුන්ගේ අයිතිවාසිකම් හා යහපැවත්ම ඉහළ නැංවීමෙන් ඔවුන් සවිබල ගැන්වීම වෙනුවෙනි. කාන්තාවන්ගේ සහ ගැහැනු ළමයින්ගේ අයිතිවාසිකම්, අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම ඇතුළත් එහි වැඩසටහන් මගින් ඔවුන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම, ගුණාත්මක අධ්‍යාපනය සඳහා ප්‍රවේශ වීමට සහය ලබාදීම මෙන්ම, ඔවුන්ගේ සෞඛ්‍ය හා පෝෂණ තත්ත්වය වැඩිදියුණු කිරීම සිදුකෙරේ. එමෙන්ම, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව නැංවීම හා සමාජ අන්තර්කරණයද එහි විෂය ක්ෂේත්‍රයට ඇතුළත් අතර, කාන්තාවන්ට සහ ළමුන්ට තම අරමුණු සාක්ෂාත් කර ගනිමින්, දියුණු වීමට හැකි පරිසරයක් සකස් කිරීම මෙම වැඩසටහනේ සාමුහික ඉලක්කයයි.
මෙලෙසින් සිය ප්‍රයත්නයන් පුළුල් කරමින්, ChildFund International සහ Wide Lanka කැප වන්නේ, සමස්ත ප්‍රජාවටම ප්‍රතිලාභ උදාකර දෙන තිරසාර, පරිවර්තනීය ප්‍රතිඵල සඳහා මඟපාදන පද්ධතිමය වෙනසක් ඇති කිරිමයි. ඒ සඳහා නව ඵලදායි වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීමට ප්‍රාදේශීය ප්‍රජාව, රාජ්‍ය ආයතන, හවුල්කරුවන් සහ පාර්ශවකරුවන් සමග සහයෝගීතාව පවත්වාගන්නා අතරම, සමව කටයුතු කරන ප්‍රවේශයක් කරා සංවිධානය යොමුවෙයි.
ආබාධ සහිත පිරිස් ඇතුළුව සියලු ළමයින්ට සහ කාන්තාවන්ට අවස්ථා උදාකිරීමත්, සම්පත් වෙත ප්‍රවේශ වීමට ඔවුනට හැකියාව සැලසීම, ChildFund International සහ WiDE Lanka සංවිධානයේ ප්‍රධානතම අරමුණ ලෙස සලකයි. එහි වැඩසටහන් සැලසුම් කර ඇත්තේද, සමාන සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම සමාජය තුළ කොන්වීමට ලක්වන පිරිස්වල දියුණුව අඩපන කරන ගැටලු සඳහා විසඳුම් ලබාදීමද ඇතුළත් වන පරිදි ය. අන්තර්කරණ පරිසරයක් ගොඩනැගීම තුළින් තනි තනි වශයෙන් පුද්ගල ජීවිත මෙන්ම, ප්‍රජාවන් හා බැඳුණු සමාජ වියමන වැඩිදියුණු කිරීමෙන්, වඩාත් සම හා සාධාරණ සාමාජයක් බිහි කිරීමට මග පෑදේ. ඉදිරියේදී එහි පුළුල් වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින් 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ මිලියනයක ජනතාවගේ මුවගට සිනහව ගෙන දීමේ අපේක්ෂා සහගත ඉලක්කය කරා ChildFund International සහ WiDE Lanka පියනගමින් සිටියි.
1938 වසරේ ආරම්භ කරන ලද ChildFund International, ලොව පුරා ළමුන්ගේ හා පවුල්වල යහපැවැත්ම වැඩිදියුණු කිරීම වෙනුවෙන් කැප වී කටයුතු කරයි.