නව්‍ය ඩිජිටල් තාක්ෂණික විසඳුම් ඔස්සේ වැඩි පිරිසක් වෙත බැංකු සේවාවන් සමීප කරවීමේ මෙහෙවර තවදුරටත් ඉදිරියට රැගෙන යමින් DFCC බැංකුව, සිය ATM/CRM ජාලය තුළ UnionPay International කාඩ්පත් භාවිතා කිරීමේ පහසුකම LankaPay සේවාව හරහා ලබා දී ඇති බව පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේ ය. මීට පෙර එම බැංකුවේ Internet Payment Gateways (IPGs) and POS ස්ථාන හරහා UnionPay ගෙවීම් භාරගැනීමට පහසුකම් සලසා දී තිබිණි. මෙම නව පියවරත් සමග DFCC බැංකුවේ ගෙවීම් භාරගැනීමේ ආවරණ පරාසය තවදුරටත් පුළුල් වන අතර එමගින් වැඩි ගනුදෙනුකරුවන් පිරිසක් ආවරණය වනු ඇත. සාමාන්‍ය සංචාරකයන් හා ව්‍යාපාරික සංචාරකයන් ඇතුළුව චීනය, රුසියාව, හොංකොං සහ තවත් රටවල් රැසකින් පැමිණෙන සංචාරකයන් විශාල පිරිසකට මෙය ඉමහත් පහසුවක් වනු නිසැක ය.

මෙම නව පියවර, මෙරට ඩිජිටල් බැංකුකරණයේ පුරෝගාමියෙකු ලෙස DFCC බැංකුව සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරන අතරම, විදේශ සංචාරකයන්ට වඩාත් පහසුවෙන් මූල්‍ය ගනුදෙනු සිදුකිරීමට අවස්ථාව සලසා දීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයටද කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙනු ඇත. මෙරට ආර්ථිකය වර්ධනය වෙමින් සහ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යමින් පවතින මේ මොහොතේ, UnionPay සමඟ ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය ඔස්සේ DFCC බැංකුව මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ප්‍රමුඛ පෙළේ දායකත්වයක් දක්වන බැංකුවක් ලෙස නැවත වරක් ඇගයීමට ලක්වනු නිසැක ය.
“මෙය චීනය ඇතුළු අනෙකුත් ප්‍රධාන පෙළේ රටවල සංචාරකයන්ගේ පැමිණීම මෙන්ම එම රටවල් සම්බන්ධ ආයෝජන සහ ව්‍යාපාර කටයුතුද දිරිගන්වන පියවරක් වේවි. එමෙන්ම මෙය ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම බැංකුකරණ අත්දැකීමක් පිරිනැමීම සඳහා DFCC බැංකුව දරන නිරන්තර උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසද හැඳින්වීමට පුළුවන්. ලොව විශාලතම කාඩ්පත් සන්නාමයක් වන UnionPay International හි කාඩ්පත් පිළිගැනීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වර්ධනයට පෙරටත් වඩා පුළුල් දායකත්වයක් දැක්වීම DFCC බැංකුවේ ඉලක්කයයි.” DFCC බැංකුවේ ප්‍රධාන ඩිජිටල් මෙහෙයුම් නිලධාරී ඔමාර් සහිබ් මහතා පැවසී ය.
“DFCC බැංකුව මේ ආකාරයට LankaPay ජාලය හරහා UnionPay International කාඩ්පත් භාරගැනීම ආරම්භ කළ දෙවැනි බැංකුව බවට පත්වීම අපට මහත් සතුටක්. ශ්‍රී ලංකාව යනු චීනය ඇතුළුව ආසියා පැසිෆික් කලාපයේ රටවල් රැසකින් සංචාරකයන් පැමිණෙන රටක් නිසා, මෙම හවුල්කාරීත්වය UnionPay කාඩ්පත් හිමියන්ට විශාල පහසුවක් වේවි. අපගේ මෙම උත්සාහය මගින්, ජාත්‍යන්තර ගනුදෙනු වඩාත් පහසු කරන ගෙවීම් යටිතල පහසුකම් ඔස්සේ රටේ ආර්ථිකයේ පුනර්ජීවනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුවනු ඇතැයි කියා අප සිතනවා.” LankaPay නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී දිනුක පෙරේරා මහතා පැවසී ය.
DFCC බැංකුවේ ATM සහ CDM යන්ත්‍ර මගින් UnionPay කාඩ්පත් භාරගැනීම යනු ඩිජිටල් තාක්ෂණයේ දියුණුව ඔස්සේ වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් පිරිනැමීම සඳහා ගනු ලබන ප්‍රවේශයක එක් වැදගත් පියවරකි. මේ වනවිට DFCC බැංකුවේ ගෙවීම් ආවරණ පරාසයට UnionPay, MasterCard, Visa සහ JCB International යන ආයතන ඇතුළත් වී තිබේ. ඉදිරියටත් මේ ආකාරයට නවීනතම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ දේශීය හා විදේශීය ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් මෙන්ම සුරක්ෂිත හා කාර්යක්ෂම ලෙස ගනුදෙනු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම DFCC බැංකුවේ අරමුණ වී තිබේ.
ඡායාරූපය:
DFCC බැංකුවේ සහකාර උප සභාපති (ඩිජිටල් බැංකුකරණ) ප්‍රදීපන් සිවලිංගම්, එම බැංකුවේ ප්‍රධාන තොරතුරු නිලධාරී වින්ද්‍යා සෝලංගආරච්චි, ප්‍රධාන තොරතුරු හා ඩිජිටල් මෙහෙයුම් නිලධාරී ඔමාර් සහිබ්, ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ, LankaPay නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී දිනුක පෙරේරා, UnionPay International සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රධාන කළමනාකරු ක්‍රිස්පින් විජේසේකර, එම සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නිෂ්පාදන හා ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී සමීර රොවෙල් සහ එම සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා අලෙවිකරණ හා සන්නාමකරණ ප්‍රධානී අරූෆ් සමූන් යන මහත්වරුන්.
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 68 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයක් වී තිබේ.
Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම (සහ මේ දක්වා එකම) බැංකුව වන්නේ DFCC බැංකුවයි. මෙය DFCC බැංකුව තිරසාරත්වය උදෙසා දක්වන කැපවීම සනාථ කරන සාධකයක් වන අතර, මෙමගින් එම බැංකුවට මෙරට තුළ දේශගුණ විපර්යාසවල බලපෑම අවම කරන සහ එම බලපෑම්වලට අනුගත වීමට උපකාරී වන ව්‍යාපෘතිවලට අත්වැලක් වීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ.
Euromoney වෙතින් හිමි වූ ‘2021 සහ 2022 වසරවල ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණයේ වෙළඳපොළ ප්‍රමුඛයා’ සම්මානය ඇතුළුව DFCC බැංකුව මේ දක්වා සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලබා ඇති අතර, Business Today සඟරාව මගින් එම බැංකුව ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන DFCC බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.
LankaPay පිළිබඳව
2022 වසරේදී සංස්ථාගත කරන ලද LankaPay ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් ජාලය වන අතර එය ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශවලට යටත්ව ඩිජිටල් ගෙවීම් විසඳුම් රාශියක් ඔස්සේ දේශීය අන්තර්-බැංකු ගෙවීම් සහ පියවීම් සඳහා පහසුකම් සලසයි. දකුණු ආසියාවේ වඩාත්ම ඉදිරිගාමී ගෙවීම් ජාලයක් වන LankaPay මගින් නවීන ගෙවීම් විසඳුම් රාශියක් ප්‍රථම වරට මෙම කලාපයට හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මෙරට සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල හිමිකාරීත්වය යටතේ පවතින LankaPay ජාලය මෙම කලාපයේ විශිෂ්ටතම රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් අතරින් එකක් ලෙසද සැලකේ.
2013 වසරේදී ප්‍රථම වරට සජීවී ගෙවීම්ද ආරම්භ කරමින් පොදු ATM ජාලයක් දියත් කළ LankaPay මේ වනවිට දිවයිනේ ATM යන්ත්‍ර අතරින් 99% ක්ම සම්බන්ධ කිරීමට සමත් වී ඇත. දැනට රටේ ක්‍රියාත්මක වන මූල්‍ය ආයතන 29 ක් LankaPay සමග සම්බන්ධ වී සිටී. LankaPay හරහා මසකට සිදුවන අන්තර්-බැංකු ATM ගනුදෙනු සංඛ්‍යාව මිලියන 12 කට අධික ය.