DFCC Galaxy වෙතින් ආදරවන්තයගේ දිනයේදී සුවිශේෂී Virtual අත්දැකීමක්

Share with your friend

DFCC බැංකුව මෙවර ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් සුවිශේෂී ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර තිබේ. මේ යටතේ DFCC Galaxy Virtual ශාඛාව නවීන තාක්ෂණය සමග මනුෂ්‍යත්වය යා කරන සුවිශේෂී අවකාශයක් බවට පරිවර්තනය වනු ඇත. ආදරය තේමා කරගත් මෙබඳු වැඩසටහනක් බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් අවකාශය තුළ ක්‍රියාත්මක වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙය DFCC බැංකුවේ ගනුදෙනුකරුවන් සියලුම දෙනාට සුවිශේෂී අත්දැකීමක් වනු නිසැක ය.

මෙම ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රධානතම අංගය ලෙස, DFCC Galaxy Virtual ශාඛාව (https://galaxy.dfcc.lk/) තුළ සඟවා ඇති, ආදරය තේමා කරගත් ‘Box of Love’ සොයාගැනීමට ඔබට අවස්ථාව හිමි වේ. එය සොයාගත් පසුව DFCC ONE ලාංඡනයද සමගින් ඔබේ ජීවිතයේ ඔබ වඩාත්ම ආදරය කරන පුද්ගලයන්ගේ රූ දිස්වනු ඇත. මෙය ඩිජිටල් බැංකු සේවාවන් හුදෙක් ගනුදෙනු මාධ්‍යයක සීමාවෙන් ඔබ්බට ගෙන යමින්, එයට මනුෂ්‍යත්වයේ හැඟීම් මුසුකරන පුරෝගාමී පියවරක් වනු නිසැක ය.

එමෙන්ම මෙම වැඩසටහන, DFCC බැංකුවේ ගනුදෙනුකරුවන්ට DFCC Virtual ශාඛාව වෙත පිවිසී එය සිත් සේ දැකබලාගැනීමට ලැබෙන මහඟු අවස්ථාවකි. මෙමගින් , DFCC බැංකුවේ නවතම ජංගම යෙදුම (App) වන DFCC ONE යෙදුම සහ ඊට ඇතුළත් විශේෂාංග පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමටද ඔවුන්ට අවස්ථාව හිමි වේ. DFCC ONE යෙදුම නිර්මාණය කර ඇත්තේ ගනුදෙනුකරුවන්ට තම බැංකු සේවා අවශ්‍යතා සියල්ල වඩාත් පහසුවෙන් ඉටුකර ගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණිනි.

මෙය පෙරටත් වඩා වැඩි පිරිසක් ඩිජිටල් තාක්ෂණය වෙත යොමුකරවන පියවරක්ද වනු ඇතැයි DFCC බැංකුව විශ්වාස කරයි. එමෙන්ම වඩාත් පහසු, සුහදශීලී සහ කාර්යක්ෂම සේවාවක් පිරිනැමීම සඳහා DFCC බැංකුව කෙතෙරම් සාර්ථක ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන්නේද යන්න අවබෝධ කරගැනීමටද ගනුදෙනුකරුවන්ට මෙමගින් අවස්ථාව හිමි වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන ඩිජිටල් නිලධාරී ඔමාර් සහිබ් මහතා පැවසුවේ, ඩිජිටල් බැංකුකරණය යනු හුදෙක් ගනුදෙනුකරුවන්ගේ පහසුව පමණක් ඉලක්ක කරගත් දෙයක් නොව, එය ඔවුන්ට වඩාත් පෞද්ගලික, සමීප හා සුහදශීලී අත්දැකීමක් පිරිනමන මාධ්‍යයක් විය යුතු බවයි. මෙම නව ප්‍රවර්ධන වැඩසටහන මගින් ඩිජිටල්කරණය සම්බන්ධයෙන් DFCC බැංකුව අනුගමනය කරන නැවුම් ප්‍රවේශය මැනැවින් පිළිබිඹු වන අතරම එය බැංකු සේවාවන් නව්‍ය මෙන්ම සමීපස්ථ අත්දැකීමක් බවට පත් කළ හැකි ආකාරය පෙන්වා දෙන මනා උදාහරණයක්ද වේ. ඉදිරියටත් තම ඩිජිටල් සේවාවන් වැඩිදියුණු කරන අතරම ගනුදෙනුකරුවන්ට සැබැවින්ම සමීප අත්දැකීම් තිළිණ කරමින්, බැංකු ක්ෂේත්‍රයේ අනාගත ප්‍රවණතා වැළඳ ගැනීමට ඔවුන් යොමුකරවීම DFCC බැංකුවේ අරමුණ බව ඔමාර් සහිබ් මහතා වැඩිදුරටත් පැවසී ය.

කාලයත් සමග ගනුදෙනුකරුවන් ඩිජිටල් බැංකුකරණය තුළින් වඩාත් ප්‍රශස්ත සේවාවක් සහ අත්දැකීමක් අපේක්ෂා කරති. මෙම පසුබිම තුළ තාක්ෂණය සහ ගනුදෙනුකරුවන් අතර සම්බන්ධතාව වඩාත් අර්ථවත් කිරීමට DFCC බැංකුව කටයුතු කරමින් සිටී. එහි එක් පියවරක් වන මෙම නවතම ප්‍රවර්ධන වැඩසටහන, මෙරට බැංකු ක්ෂේත්‍රයේ පාරිභෝගික සම්බන්ධතා වැඩසටහන් සම්ප්‍රදායේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත් වනු ඇත. මේ ආකාරයට නවීන තාක්ෂණය සහ මානව හැඟීම් සුසංයෝග කිරීම තුළින්, බැංකුකරණය යනු හුදෙක් ගනුදෙනු පමණක් නොව සුහදත්වය හා සමීපත්වය මූලික කරගත් දෙයක් බව පෙන්වා දීම DFCC බැංකුවේ අපේක්ෂාව වී තිබේ.


Share with your friend