DFCC Pinnacle Junior පසුගියදා Gateway College විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද Gateway National interschool Robotics Championship සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කළේ ය. මෙම තරගයට දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තර පාසල් 25 ක කණ්ඩායම් සහභාගී විය. මෙය රොබෝ තාක්ෂණය සම්බන්ධයෙන් මෙරට පාසල් සිසු සිසුවියන් අතර පවතින උනන්දුව වර්ධනය වෙමින් පවතින බවට මනා සාක්ෂියකි.
DFCC Pinnacle යනු DFCC බැංකුවේ සේවාවන් අතර ඉහළම ශ්‍රේණියේ සේවාවන් එකතුවක් වන අතර, DFCC බැංකුවේ ඉහළම තලයේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට මැනැවින් ගැළපෙන පරිදි එම සේවාවන් සැලසුම් කර තිබේ.
Gateway Robotics Competition 2024 වැඩසටහනේ නිල බැංකුකරණ හවුල්කරු වශයෙන්, පාසල් දරුවන් අතර නවෝත්පාදනය සහ විචාරාත්මක චින්තනය ප්‍රවර්ධනය කිරීමට අත්වැලක් වීම DFCC බැංකුවේ අරමුණ විය. මෙය DFCC Pinnacle Junior සතු එක් ඉලක්කයක් වන, දරුවන්ගේ කුසලතා වර්ධනය කරමින් යාවජීව ඉගෙනුමකට ඔවුන් යොමුකරවීම සඳහා දරන ලද පියවරක් ලෙසද හැඳින්විය හැකි වේ. මෙහිදී දරුවන් අතර යහපත් තරගකාරීත්වයක් ඇතිකරමින්, නිර්මාණශීලීත්වය ඔස්සේ ගැටලු විසඳීම සඳහා දරුවන්ට අවස්ථාව සලසා දෙන ලදි. මෙම හවුල්කාරීත්වය ඔස්සේ රටේ අනාගත පරපුර කාලීන දැනුමින් පෝෂණය කරමින් රටට සමෘද්ධිමත් අනාගතයක් උදාකර දීමට DFCC බැංකුව සහ Gateway College බලාපොරොත්තු වෙයි.
“අධ්‍යාපනය හා නවෝත්පාදනය තුළින් අනාගත පරපුර සවිබල ගැන්විය යුතුයි කියා අප විශ්වාස කරනවා. Gateway National Robotics Championship වැනි වැඩසටහන් සඳහා අනුග්‍රහය දැක්වීම යනු රටේ අනාගත නායකයන් දිරිගන්වන පියවරක් මෙන්ම ඔවුන්ගේ යහපත වෙනුවෙන් කරන ආයෝජනයක්. මේ ඔස්සේ රටට විශිෂ්ට දක්ෂයනින් පිරිසක් බිහිකරමින් ඔවුන්ට අනාගත දියුණුව සාක්ෂාත් කරගැනීම සඳහා ඵලදායී අවස්ථා උදාකර දීමට අප බලාපොරොත්තු වනවා.” Pinnacle සේවා/ශාඛා බැංකුකරණ සැලසුම් සහ ක්‍රියාත්මක කිරීම් ප්‍රධානී ශේරා හසන් මහත්මිය පැවසුවා ය.
අධ්‍යාපනය යනු DFCC Junior ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරන ක්ෂේත්‍රයකි. විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම තුළින් ක්‍රමයෙන් ඩිජිටල්කරණය වන ලෝකයක් තුළ සාර්ථක වීම සඳහා අවශ්‍ය කුසලතා වර්ධනය කරගැනීමට දරුවන්ට අත්වැලක් වීම DFCC බැංකුවේ අරමුණ වී තිබේ. එමෙන්ම විශිෂ්ටත්වය ළඟා කරගැනීම සඳහා සහභාගීත්වය හා තරගකාරීත්වය අත්‍යවශ්‍ය බවත්, ප්‍රජාවන් හා සම්බන්ධ වෙමින්, නව අවස්ථා ඔස්සේ අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කරගැනීම සඳහා සහයෝගීත්වයන් ගොඩනංවා ගැනීම අතිශයින් වැදගත් බවත් බැංකුව විශ්වාස කරයි.
DFCC Pinnacle Junior යනු DFCC බැංකුව හඳුන්වා දී ඇති, ඉහළ ප්‍රතිලාභ පිරිනමන ඉතුරුම් ක්‍රමයක් වන DFCC Junior විසඳුමෙහිම දිගුවකි. දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කරවීමට සහ ඔවුන් තුළ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කරවීමට DFCC Junior නිරන්තරයෙන් උත්සාහ දරයි. එමෙන්ම දරුවන් ඉතිරි කිරීමට දිරිගැන්වීම සඳහා DFCC Junior යටතේ විවිධාකාර වූ ආකර්ෂණීය දීමනා හා ත්‍යාග පිරිනමනු ලැබේ. ජීවිතයේ විශේෂ සන්ධිස්ථාන සහ ජයග්‍රහණවලදී DFCC Junior ගිණුම් හිමියන්ට ත්‍යාග හිමිවන අතර, ඔවුන් වෙනුවෙන් විවිධාකාර ක්‍රියාකාරකම් සහ තරග ආදියද සංවිධානය කෙරේ. ඊට අමතරව තමන් සමග අත්වැල් බැඳගෙන සිටින අලෙවිසැල් හරහා ගිණුම් හිමියන්ට විවිධාකාර වූ දීමනා පිරිනැමීමටද DFCC Junior නිරන්තරයෙන් පියවර ගනියි.
DFCC Pinnacle Junior සමගින් දරුවාගේ ඉතිරි කිරීමේ ගමන්මග ආරම්භ කරන ආකාරය පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.dfcc.lk වෙත පිවිසෙන්න. නැතිනම් පැය 24 පුරා ක්‍රියාත්මක 0112350011 ක්ෂණික ඇමතුම් අංකය අමතන්න. දිවයින පුරා විසිරුණු DFCC ශාඛාවන් වෙතින්ද තොරතුරු ලබාගත හැක. දැනටමත් DFCC Pinnacle සාමාජිකත්වය හිමි ගනුදෙනුකරුවන්ට තම Pinnacle සම්බන්ධතා කළමනාකරු හෝ අදාළ ශාඛාවේ කළමනාකරු වෙතින් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 68 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයක් වී තිබේ.
Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම (සහ මේ දක්වා එකම) බැංකුව වන්නේ DFCC බැංකුවයි. මෙය DFCC බැංකුව තිරසාරත්වය උදෙසා දක්වන කැපවීම සනාථ කරන සාධකයක් වන අතර, මෙමගින් එම බැංකුවට මෙරට තුළ දේශගුණ විපර්යාසවල බලපෑම අවම කරන සහ එම බලපෑම්වලට අනුගත වීමට උපකාරී වන ව්‍යාපෘතිවලට අත්වැලක් වීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ.
Euromoney වෙතින් හිමි වූ ‘2021 සහ 2022 වසරවල ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණයේ වෙළඳපොළ ප්‍රමුඛයා’ සම්මානය ඇතුළුව DFCC බැංකුව මේ දක්වා සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලබා ඇති අතර, Business Today සඟරාව මගින් එම බැංකුව ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන DFCC බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.