DMASL Digital Summit 2025: ආසියාවේ  ඩිජිටල් අනාගතය තව දුරටත් ව්‍යාප්ත කරයි

Share with your friend

දකුණු ආසියාවේ ප්‍රමුඛතම ඩිජිටල් අලෙවිකරණ සමුළුව ජ්‍යාත්‍යන්තර මුහුණුවරකින් ඉදිරිපත් කිරීමට සූදානම් 

ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරණ සංගමය (DMASL) සිය තෙවන වාර්ෂික ඩිජිටල් සමුළුව නව මුහුණුවරකින් ඉදිරිපත් කරයි. මෙම වසරේදී, විදේශීය නියෝජිතයන්ට ප්‍රථම වතාවට සහභාගී වීමට ආරාධනා කිරීමත් සමඟ, මෙම සමුළුව ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ට  සහ උනන්දුවක් දක්වන අයට අසමසම අත්දැකීමක් ලබා දෙයි. මෙම ව්‍යාප්තිය පෙර නොවූ විරූ කලාපීය සහයෝගීතාව සහ දැනුම හුවමාරුව සඳහා මග පාදන අතර, දකුණු ආසියාවේ ප්‍රමුඛතම ඩිජිටල් අලෙවිකරණ සමුළුව ලෙස නම් කෙරේ. 

DMASL ඩිජිටල් සමුළුව 2025 සඳහා ලියාපදිංචිය දැන් නිල වශයෙන් විවෘත කර ඇති අතර, සීමිත කාලයක් සඳහා සුවිශේෂී වට්ටම් ලබා ගත හැකිය. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙන් මෙම උත්සවයට නිල අනුමැතිය ලැබී ඇති අතර, එය එහි කීර්තිය තවදුරටත් ඉහළ නංවයි. දිනෙන් දින දියුණු වන ඩිජිටල් අවකාශය තුළ ගෝලීය ඩිජිටල් ප්‍රවණතාවන් හදුනාගනිමින් ඉදිරියට යාමට උනන්දුවක් දක්වන තරුණ තරුණියන්ට සහ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ට මෙය මහඟු අවස්ථාවකි.

“ආසියාවේ ඩිජිටල් සංවර්ධනය” යන තේමාව යටතේ, DMASL ඩිජිටල් සමුළුව 2025, දකුණු ආසියාවේ ඩිජිටල් ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්, ඩිජිටල් නවෝත්පාදකයින් එක්වන මෙය සුවිෂේශී අවස්ථාවකි. මෙම සමුළුව කලාපයේ ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සහ සහයෝගය වර්ධනය කිරීම අරමුනු කර ගනිමින් සිදු කෙරේ.  

සහභාගිවන්නන්ට ඩිජිටල් අලෙවිකරණයේ නවතම ප්‍රවණතා සහ නවෝත්පාදනයන් පිළිබඳ අති නවීන අවබෝධයක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති ප්‍රධාන දේශන, සාකච්ඡා සහ අන්තර්ක්‍රියාකාරී වැඩමුළු ඇතුළත් වැඩසටහනක් අපේක්ෂා කළ හැකිය. මෙම සමුළුව ඩිජිටල් අලෙවිකරුවන්, වෙළඳ ප්‍රචාරණ ආයතන, ව්‍යාපාරිකයන් සහ තාක්ෂණික උනන්දුවක් දක්වන අය ඇතුළු විවිධ වෘත්තිකයන් සඳහා අවස්ථාව ලබා දෙයි.  දේශකයින් පිළිබඳ තොරතුරු ඉදිරියේදී ඉදිරිපත් කරයි. මෙම සමුළුව ජූලි මස 24 සහ 25 යන දෙදින තුල කොළඹ වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වේ.

“ශ්‍රී ලංකාව ඩිජිටල්-ප්‍රමුඛ ලෝකයක අලෙවිකරණය සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වන විට, මෙම සමුළුව මගින් උත්සහ කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සන්නාම සහ ඩිජිටල් මාධ්‍ය නවෝත්පාදනයන්හි රටේ වර්ධනය වන දැනුම් සම්භාරය සහ ඊට අදාළ උනන්දුව වර්ධනය කිරීමටයි. DMASL ඩිජිටල් සමුළුව 2025හි සම සභාපතිවරුන් වන ගයත්‍රි සෙනෙවිරත්න සහ ශලෙන්ද්‍ර මෙන්ඩිස් ප්‍රකාශ කළහ.

“අපි DMASL ඩිජිටල් සමුළුව සැබවින්ම ඩිජිටල් අවකාශය සඳහා වැදගත් අවස්ථාවක් බවට පත්වීම දැකීමෙන් අතිශයින් ආඩම්බර වෙමු. ඩිජිටල් සංවර්ධනයක් සඳහා ජාතික මුලපිරීමක් ලෙස ආරම්භ වූ මෙය දැන් දකුණු ආසියාව පුරා සහ ඉන් ඔබ්බට ඩිජිටල් නවෝත්පාදනයන් සඳහා මහගු අවස්ථාවක් බවට පත්ව ඇත. ප්‍රථම වතාවට ජාත්‍යන්තර නියෝජිතයින් පිළිගැනීම DMASL සඳහා පමණක් නොව ශ්‍රී ලංකාවට ද සුවිශේෂී අවස්ථාවකි. ” ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරණ සංගම‍යේ සභාපති අර්ජුන් ජෙගර් කියා සිටියේය.

“අප Unilever, DMASL ඩිජිටල් සමුළුව 2025 හි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සම්බන්ධ වීමට ලැබීම ගැන ආඩම්බර වෙමු. Unilever හි දී, අප විශ්වාස කරන්නේ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පාරිභෝගිකයන් වෙත ළඟා වීමට පමණක් නොව, අපගේ සන්නාම සඳහා උසස් බවක් ලබා දීම සඳහා නව මාවතක් නිර්මාණය කිරීමට හැකි වනු ඇති බවයි. මෙම සමුළුව ඩිජිටල්කරණය වූ දකුණු ආසියාවක් හැඩගැස්වීමේ වැදගත් පියවරක් වන අතර, මෙම ගමනට දායක වීමට ලැබීම ගැන අපි සතුටු වෙමු.” යැයි Unilever ශ්‍රී ලංකාවේ මාධ්‍ය හා ක්‍රියාකාරකම් ප්‍රධානී චමින්ද සමරකෝන් මහතා පැවසීය.

Unilever DMASL ඩිජිටල් සමුළුව 2025 හි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක වන අතර, ඩිජිටල් නවෝත්පාදනයන් සඳහා ඔවුන්ගේ කැපවීම මේ අනුග්‍රාහකත්වය තුලින් ඔවුන් ඉස්මතු කරයි.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න https://dmaslsummit.com/ 


Share with your friend