FitsAir ජාත්‍යන්තර මඟී ගුවන් ගමන් සේවාවේ වසරක මෙහෙයුම් සනිටුහන් කරයි

Share with your friend

සියලු දෙනාට දැරිය හැකි ගුවන් ගමන් ගාස්තු යටතේ නිසි වේලාවට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාදරයට පත්ව සිටින ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ගුවන් සමාගමක් වන FitsAir පසුගියදා සිය ජාත්‍යන්තර මගී සේවාවේ අභිමානවත් පළමු වසර සමරනු ලැබීය. ජයග්‍රහණ, නවෝත්පාදන හා විචිත්‍රත්වය කැටි කර ගත් ජවයෙන් සපිරි වසරක මෙහෙයුම් සනිටුහන් කළ FitsAir එම කාලය තුළදී ශ්‍රී ලාංකේය ගුවන් සේවා ක්ෂේත්‍රයට සුවිසල් බලපෑමක් ඇති කිරීමට සමත් වූයේ සිය පාරිභෝගිකයින් වෙත සුවපහසු ප්‍රීතිමත් අත්දැකීමක් එක් කරමිනි. 

සියලු ශ්‍රී ලාංකිකයින් හට ගුවන් ගමනක සිහිනය සැබෑ කර දෙමින් දැරිය හැකි මිලකට සේවාවන් ලබා දීමේ අරමුණෙන් යුතුව ගුවන් සේවා ක්ෂේත්‍රය වෙත පිවිසි  FitsAir ආරම්භයේ සිටම අවම ගුවන් ගමන් ගාස්තු සහ ඉහළම සේවාවක් තුළින් සංචාරක අත්දැකීම්හි විප්ලවීය වෙනසක් ඇති කිරීමට සමත් විය. මේ වන විට ගුවන් සේවා කර්මාන්තයේ සාර්ථක වර්ධනයක් වෙනුවෙන් දායක වී ඇති FitsAir මගීන්ට ඉහළම ප්‍රතිලාභ ලබා දීමේ  ‘More Sky for Less’ සඳහා කැපවෙමින් අඛණ්ඩව කර්මාන්ත වර්ධනය ඉහළ නැංවීමටද සමත්ව සිටී.

මෙම සුවිශේෂී අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ FitsAir හි විධායක අධ්‍යක්ෂ අමාර් කසීම් මහතා “අපගේ ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් මේ ආකාරයෙන් නිවේදනය කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. FitsAir හි මෙහෙවරේ අරමුණ වන්නේ මගීන්ගේ සතුට වෙනුවෙන් කැපවීම හා අපගේ ‘Ahase Fun තේමාව අනුව කටයුතු කිරීමයි. පුද්ගලික ගුවන් සමාගමක් ලෙස අසමසම මගී අත්දැකීමක් ලබා දීමට නිරන්තරයෙන් උත්සාහ කරන FitsAir සෑම විටම පාරිභෝගික සේවය වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දී තිබෙනවා. සෑම විටම ගුවන් ප්‍රවාහනය පමණක් නොව මගීන්ට අමතක නොවන සංචාරක අත්දැකීමක් නිර්මාණය කිරීමට අප කටයුතු කරනවා. අපගේ වසරක ජයග්‍රහණය සනිටුහන් කරන මේ මොහොතේ අපගේ අසමසම සේවාව අත්විඳි මගීන්ට, ඒ සමඟ එක් වූ හවුල්කරුවන්ට, කැපවීමෙන් කටයුතු කළ සේවක ප්‍රජාවට, ගුවන් නියමුවන්ට හා ගුවන් කාර්ය මණ්ඩලයට මාගේ හද පිරි ස්තුතිය පුද කිරීමට කැමතියි. මෙය අපගේ ආරම්භයක් පමණයි. ඉදිරියේදී සෑම ශ්‍රී ලාංකිකයකු වෙතම වැඩි අවස්ථාවක් හා උනන්දුවක් ඇති කරමින් සියලු සේවාවන්ට වඩා ප්‍රීතිමත් ගුවන් ගමන් අත්දැකීමක් ලබා දීමට අපි කැපවී කටයුතු කරනවා.”  යනුවෙන් පවසා සිටින ලදී. 

සංචාරකයින්ට ප්‍රීතිමත් ගමනාන්තයක් ලබා දීමට අමතරව FitsAir විසින් රැකියා වෙළෙඳපොල තුළ පුළුල් වෙනසක් ඇති කිරීමටද සමත්ව ඇත. වසරක කාලයක් තුළ ශ්‍රී ලාංකේය ආර්ථික වර්ධනය හා දියුණුව ඉහළ නැංවීම සඳහා වන කැපවීම ප්‍රදර්ශනය කරමින් රැකියා අවස්ථා රැසක් නිර්මාණය කොට ඇති FitsAir ව්‍යාපාරික ලෝකය වෙතද ඇති කර ඇති බලපෑම අති මහත්ය. සිය භාණ්ඩ ප්‍රවාහන සේවා හරහා බාධාවකින් තොරව භාණ්ඩ ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා සුවිසල් කාර්ය භාරයක් ඉටු කරන FitsAir කලාපීය වෙළෙඳාම ඉහළ නැංවීමටද දායක වෙයි.

නවෝත්පාදනය ප්‍රමුඛ කොටගත් ගුවන් සේවාවන් හිදී අනෙකුත් සමාගම් සමඟ හවුල්කාරීත්වයන් ගොඩනගා ගැනීමට කටයුතු කර ඇති FitsAir ඒ තුළින් පාරිභෝගිකයින් හට පුළුල් පරාසයක් තෝරා ගැනීමේ අවස්ථාවන් සළසා දී ඇත. එසේම නුදුරේදීම නව ආකර්ෂණීය ගමනාන්තයන් වෙත සිය සේවාවන් ක්‍රියාත්මක කරන බවද FitsAir නිවේදනය කර සිටියි.

සෑම විටම පාරිභෝගිකයින් වෙත දැරිය හැකි පහසු මිලකට ගුවන් සේවාවන් සපයන FitsAir සරල ගාස්තු ක්‍රමවේදයක් පාරිභෝගිකයින් වෙත හඳුන්වා දී ඇති අතර ඒ තුළින් ආසන, ගමන් මලු හා අවශ්‍ය මූලික පහසුකම් ආවරණය කරනු ලබයි. ඊට අමතරව අවම ගාස්තු යටතේ මගීන් හට තමන් කැමති පරිදි ආසන තෝරා ගැනීමේ හා ආහාර සපයා ගැනීම ඇතුළු විකල්ප සේවාවන් සපයා ගැනීමේ පහසුවද FitsAir උදා කර දී ඇත. මෙම නම්‍යශීලී සේවාවන් තුළින් අනවශ්‍ය වියදම් මඟ හරවා ගනිමින් රිසි සේ තම ගුවන් ගමන සාර්ථක කර ගැනීමට මගීන්ට අවස්ථාව උදා වේ.

ගුවන් යානා ඉන්ධන සපයා ගැනීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් මතුව තිබූ කාල වකවානුවක සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ FitsAir එම අභියෝගයන් මධ්‍යයේ සිය ඔරොත්තු දීමේ හැකියාව හා අභියෝගයන් හමුවේ කටයුතු කිරීමේ හැකියාව මනාව ප්‍රදර්ශනය කර ඇත. මෙරට පුද්ගලික හිමිකාරීත්වයක් සහිත එකම ගුවන් සේවාව ලෙස ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කර්මාන්තය පිළිබඳව ජාත්‍යන්තරය තුළ දැඩි විශ්වාසයක් ඇති කිරීමට FitsAir සමත්ව ඇත්තේ ශ්‍රී ලංකාවටද මහත් අභිමානයක් එක් කරමිනි. ඒ නිසාම විදේශීය ගුවන් සමාගම් විසින් සේවාව ලබා දුන් ජාත්‍යන්තර ගුවන් ගමන් හි සැලකිය යුතු කොටසක් අත්පත්කර ගැනීමට FitsAir සමත්ව සමාගමට අවස්ථාව උදා විය.

අවසන්

FitsAir පිළිබඳව

1997 වසරේදී එයාර් කාගෝ ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කළ FitsAir ගුවන් සේවා ක්ෂේත්‍රයේ දශක ගණනාවක පළපුරුද්ද හා ගුවන් ගමන් වාර දහස් ගණනක් සමඟින් ශ්‍රී ලංකාවෙන් පිටත නියමිත ජාත්‍යන්තර මගී ගුවන් සේවා ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් නම් කරන ලද ප්‍රථම පුද්ගලික ගුවන් ගමන් සමාගම බවට පත් විය. අති නවීන A320 ගුවන් යානා සමූහයක් තුළින් සිය විශිෂ්ට සේවාව සළසා දෙන මගීන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමු කිරීමට කටයුතු කර ඇත්තේ උසස්ම තත්වයේ සේවාවක්ද ඔවුන් වෙත ලබා දෙමිනි. විවිධ ව්‍යාපාරයන් හා සම්බන්ධ ශ්‍රී ලාංකේය සමූහ ව්‍යාපාරයක් වන Aberdeen Holdings හි අනුබද්ධ සමාගමක් ලෙස FitsAir හඳුන්වා දිය හැකිය.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply