HNB Finance ශ්‍රී ලංකාවේ ව්‍යාපාර දිරිගැන්වීම උදෙසා ශක්තිමත් සැපයුම් ජාල මූල්‍ය පහසුකම් ^Supply Chain Financing facility& දියත් කරයි

Share with your friend

රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC කෝවිඩ් වසංගතයෙන් දැඩි බලපෑමට ලක් වූ ආර්ථික තත්වයක් තුළ පසුබෑමට ලක් වූ ව්‍යාපාර යළි  ගොඩනැංවීම සඳහා වන තීරණාත්මක මූල්‍ය අවශ්‍යතා වහාම සපුරාලීම වෙනුවෙන් සැලසුම් කරන ලද නව සැපයුම් ජාල මූල්‍ය පහසුකම ^Supply Chain Financing facility&  පසුගියදා දියත් කළේය. මෙම ශක්තිමත් මූල්‍ය සේවාව මගින් ව්‍යාපාර සදහා මඟ පෙන්වන අතර බාධාවකින් තොරව ව්‍යාපාර පවත්වාගෙන යෑම සහ ගැනුම්කරුවන්ට භාන්ඩද සැපයුම්කරුවන්ට මුදල්ද ගලා එන පරිදි නිර්මාණය කර ඇති චක්‍රීය මූල්‍ය පහසුකම් ක්‍රමවේදයකි.

මෙම සැපයුම් ජාල මූල්‍ය සේවාව මඟින් නිෂ්පාදකයින්ට සැපයුම්කරුවන්ගෙන් වැඩි වට්ටම් සහිතව භාණ්ඩ සහ අමුද්‍රව්‍ය මිලදී ගැනීමට හැකිවන අතර භාණ්ඩ සඳහා වන ගෙවීම් HNB FINANCE විසින් පියවනු ඇත. මෙමගින් ණය කාලසීමාවකින් තොරව ගෙවීම් සිදු කෙරෙන බැවින් සැපයුම්කරුට තම ව්‍යාපාරික කටයුතු බාධාවකින් තොරව සිදුකර ගැනීමට අවශ්‍ය මූල්‍ය පසුබිම සැලසෙයි. නිෂ්පාදකයා වෙනුවෙන් ලබා දුන් මූල්‍ය පහසුකම යළි පියවීම සඳහා HNB FINANCE විසින් දින 120ක් දක්වා වූ ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් ලබා දෙන අතර අවම පොළීයක් අය කිරීම තුළ නිෂ්පාදකයාට පීඩනයකින් තොරව සිය වාපාරික කටයුතු පවත්වාගෙන යෑමට මෙය විශාල පහසුවක් වනු ඇත. නිෂ්පාදකයාට තම නිෂ්පාදන අළෙවිකර ගැනීමෙන් පසුව ණය පියවා දැමීමට හැකිවීම මෙම සැපයුම්ජාල මූල්‍ය සේවාවෙහි සුවිශේෂී වාසිය වේ. 

මෙම අද්විතීය යෝජනා ක්‍රමය පිළිබඳ වැඩි විස්තර 0112024848 අංකය භාවිතයෙන් HNB FINANCE ඇමතීමෙන් ලබාගත හැකිය 

මෙම සැපයුම්ජාල මූල්‍ය සේවාව පිළිබඳව HNB FINANCE හි ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකරණ අධ්‍යක්ෂ චමින්ද ප්‍රභාත් මහතා සිය අදහස් දැක්වූයේ මෙසේය.

“වේගයෙන් වෙනස් වන වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලීම සඳහා නව මූල්යම සේවා  සැපයීමට සෑම විටම දැඩි උත්සාහයක් ගන්නා මූල්‍ය සමාගමක් ලෙස, ව්‍යාපාරයන් හි කාරක ප්‍රාග්ධන අවශ්‍යතා ලිහිල් කිරීම අරමුණු කරගෙන මෙම නව පහසුකම සැපයීමට අපි තීරණය කළා. අත්පිට මුදලට ගනුදෙනු කරන සැපයුම්කරුවන් නිෂ්පාදකයින් සඳහා සිදු කරන ගෙවීම් නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රමවත්ව හා ස්ථාවරව පවත්වාගෙන යෑමට අපි විසින් හඳුන්වාදුන් සැපයුම් ජාල මූල්‍ය සේවාව ප්‍රායෝගික පහසුවක් වන බවට කිසිදු සැකයක් නැහැ. මෙම සේවාව තුළින් නිෂ්පාදකයාට සහ සැපයුම් කරුවන්ට තම මුදල් ප්‍රවාහය තිරසාර, පහසු සහ බුද්ධිමත් ලෙස වැඩිදියුණු කර ගැනීමට වාතාවරණයක් සැලසෙන බැවින් එය සැපයුම්කරු සහ ගැනුම්කරුගේ සබඳතා ශක්තිමත් කරන බව අපට විශ්වාසයි.” 

ගෙවීම් සඳහා වන invoice පත්‍රයක් නිකුත් කිරීමෙන් අනතුරුව සැපයුම්කරුවන්ට පැය 24 තුළ ගෙවීම් ලබා ගත හැකි අතර සාමාන්‍යයෙන් ණය පාරිභෝගිකයින් මත පනවා ඇති දිගු ගෙවීම් කොන්දේසි කිසිවක් මෙම සේවාවට අදාළ නොවේ. HNB FINANCE ආයතනයෙන් ලබා ගන්නා සැපයුම්ජාල මූල්‍ය සේවාව වෙනුවෙන් ගෙවීමට ඇති ණය පොළීය, පියවීම සඳහා නිෂ්පාදකයාට සැපයුම්කරුගෙන් ලැබෙන වට්ටම භාවිතා කළ හැක. මෙම පහසුකම මගින් නිෂ්පාදකයාට සහ සැපයුම්කරුට සිය ගනුදෙනුව ඉක්මනින් අවසන් කිරීමට හැකි වන බැවින් නිෂ්පාදකයාට සැපයුම්ජාල මූල්‍ය සේවාව ඔස්සේ HNB FINANCE වෙතින් ලැබෙන ණය මුදල ගෙවීම සඳහා දිගු ණය කාලසීමාවක් හිමිවන  බැවින් හිඟ මුදල් ගෙවීමෙන් පසු නව අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මෙම අරමුදල් නැවත භාවිතා කළ හැකිය.  තවද, නිෂ්පාදකයාට අත්පිට මුදලට සැපයුම්කරුවන්ගෙන් භාණ්ඩ හෝ අමුද්‍රව්‍ය මිලදී ගත හැකි බැවින් වැඩි වට්ටම් ඉල්ලා සිටීමට හැකි වේ. මෙමගින් නිෂ්පාදක සහ සැපයුම්කරු අතර සබඳතා වර්ධනය වන අතර නිෂ්පාදකාගේ සහ සැපයුම්කරුගේ ලාභය වර්ධනය වීම කෙරෙහි ද මෙය තීරණාත්මක ලෙස බලපානූ ඇත. 

HNB FINANCE පිළිබඳව

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. ෆිච් රේටිං ආයතනය විසින් පිරිනමනු ලබන ජාතික දිගුකාලීන‘A(lka)Z ශ්‍රේණිගතකරණය සමාගම විසින් හිමිකර ගෙන ඇත. ශාඛා 60 ක් හා සේවා මධ්‍යස්ථාන 10 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වෙතින් සලසනු ලබන මූල්‍ය සේවාවන් අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය (SME), ලීසිං සේවා, රන් ණය, නිවාස ණය, පුද්ගලික ණය, අධ්‍යාපන ණය, ඉතිරිකිරීම්, සහ ස්ථාවර තැන්පතු පහසුකම් යන මූල්‍ය සේවා ප්‍රධාන  වේ.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply