දේශීය ජංගම දුරකථන සන්නිවේදනයේ ප්‍රමුඛයෙකු වන HUTCH, සිය අලෙවිකරණ මෙහෙයුම් කාර්යයන් සඳහා Sirāt NetZero මෘදුකාංග තාක්ෂණය භාවිත කිරීම සම්බන්ධයෙන් පාර්ශ්වකරුවෙකු ලෙස Sirāt2sustainability Pvt Ltd සමඟ හවුල්කාරීත්වයකට එළඹ ඇත. තිරසාර සංවර්ධනය සඳහා වූ ප්‍රමුඛපෙළේ ඉන්දීය සමාගමක් වන මෙම සමාගම සමඟ පාර්ශ්වකරුවකු වීම HUTCH සමාගමේ කීර්තිනාමය තහවුරු කිරීමට සුවිශේෂ බලපෑමක් වනු ඇත. තවද සිය දෛනික ව්‍යාපාරික මෙහෙයුම් කර්යයන් වලදී තිරසාර ක්‍රමවේද භාවිත කිරීම සඳහා HUTCH සමාගම දක්වන අඛණ්ඩ උත්සාහයේ මෙය වැදගත් පියවරක් වනවා මෙන්ම, සිය මෙහෙයුම් කාර්යයන් වලදී පරිසරයට සිදුවන බලපෑම අවම කිරීමට සමාගම දක්වන කැපවීමට මෙය මනා නිදර්ශනයක්ද වේ.

NetZero සංකල්පය භාවිතයට ගැනීම ඔස්සේ, විශේෂයෙන්ම සිය අලෙවිකරණ කටයුතුවලට අදාළව, සිය කාබන් භාවිතයන් විධිමත් ලෙස ගණනය කිරීම, විශ්ලේෂණය කිරීම සහ අවම කිරීම HUTCH හි ඉලක්කය වී තිබේ.
“තිරසාරත්වය යනු අපගේ ආයතනික ක්‍රමෝපායේ අනිවාර්ය අංගයක්. Sirāt2sustainability සමාගම සමග අප ඇතිකරගත් හවුල්කාරීත්වය එයට සාක්ෂි දරනවා. Sirāt NetZero මෘදුකාංග තාක්ෂණය භාවිතයට ගැනීම මගින් අපගේ කාබන් භාවිතය අවම කරගැනීම සඳහා ප්‍රායෝගික පියවර ගැනීමට අපට හැකියාව ලැබේවි. එමෙන්ම එය තිරසාර වර්ධනය සම්බන්ධයෙන් අප සතු දැක්ම සමග මැනැවින් අනුගත වන හවුල්කාරීත්වයක්. මේ ආකාරයට තිරසාර ක්‍රමවේදයන් අපගේ ව්‍යාපාරික මෙහෙයුම්වල අනිවාර්ය අංගයක් බවට පත්කර ගැනීම තුළින් අප උත්සාහ කරන්නේ වඩාත් පරිසර හිතකාමී අනාගතයක් නිර්මාණය කිරීම සඳහා පෙරමුණ ගැනීමටයි.” HUTCH Sri Lanka සාමාන්‍යාධිකාරී මංගල බණ්ඩාර මහතා පැවසී ය.

“NetZero ඉලක්ක වෙනුවෙන් මෙලෙස HUTCH සමග එක්ව කටයුතු කිරීමට ලැබීම අපට මහත් සතුටක්. අපගේ NetZero මෘදුකාංග සකස් කර තිබෙන්නේ මැනිය හැකි ප්‍රතිඵල ලබාගැනීම සඳහා ප්‍රායෝගික මගපෙන්වීමක් හිමි වන ආකාරයටයි. මෙමගින් HUTCH සමාගමට සිය තිරසාරත්ව අරමුණු ඉටු කර ගනිමින් වඩාත් පරිසර හිතකාමී ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා දායක වීමට හැකියාව ලැබේවි.” Sirāt2sustainability පුද්. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් ෂෆීක් මහතා පැවසී ය.

මෙම හවුල්කාරීත්වය, තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් පෙරමුණ ගැනීමට මෙන්ම පාරිසරික වගකීම්සහගත භාවය වෙනුවෙන් දීර්ඝ කාලීනව කැපවීමට HUTCH දක්වන උනන්දුවට මනා සාක්ෂියකි. Sirāt NetZeroහී සහයෝගය සමගින් අහිතකර වායු විමෝචනයන් අවම කරමින් සහ වඩාත් පරිසර හිතකාමී ආයතනික සංස්කෘතියක් අනුගමනය කරමින් අර්ථවත් වෙනසක් ඇතිකිරීමට HUTCH සමත් වනු නිසැක ය.
HUTCH Sri Lanka පිළිබඳව
ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන HUTCH Sri Lanka සමාගම, CK Hutchison Holdings (CKHH) හි අනුබද්ධ සමාගමකි. හොංකොං පදනම් කරගත් Fortune 500 සමාගමක් වන, රටවල් 50 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇති CK Hutchison Holdings සමාගම ප්‍රධාන ක්ෂේත්‍ර 6 තුළ ක්‍රියාත්මක වන අතර එය 2023 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 60 කට ආසන්න ආදායමක් වාර්තා කිරීමට සමත් විය.
1997 වසරේදී මෙරට තුළ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ HUTCH විසින් 2004 වසරේදී GSM සේවාවන් දියත් කරන ලද අතර, ඉන් අනතුරුව 2011 වසරේදී 3G සේවාවන්ද, 2018 වසරේදී 4G සේවාවන්ද හඳුන්වා දෙන ලදි. 2019 වසරේදී Etisalat Sri Lanka සමාගම අත්පත් කරගැනීමත් සමග HUTCH හි වෙළඳපොළ ආවරණය තවදුරටත් ශක්තිමත් වූ අතර, ඒ හේතුවෙන් පාරිභෝගිකයන්ට 078 මෙන්ම 072 අංක යටතේ ජංගම දුරකථන සේවාවන් පිරිනැමීමට සමාගමට හැකියාව ලැබිණි. මේ වන විට HUTCH 4G ජාලය මගින් ශ්‍රී ලාංකික ජනගහනයෙන් 95% ක්ම ආවරණය වන අතර, ඉදිරියේදී රටේ ඩිජිටල් සැලසුම්වලට අත්වැලක් වෙමින් 5G සේවාවන්ද හඳුන්වා දීමට සමාගම සැලසුම් කර ඇත.
රටේ දුරබැහැර ප්‍රදේශවල ජනතාවට පවා සන්නිවේදනය, ව්‍යාපාර කාර්යක්ෂමතාව සහ විනෝදාස්වාදය සඳහා අවශ්‍ය දුරකථන සන්නිවේදන පහසුකම් සපයන HUTCH, සහනදායී හා විශ්වාසනීය සම්බන්ධතා පහසුකම් ඔස්සේ මෙරට දුරකථන සන්නිවේදනය ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරමින් සිටී.