HUTCH Sri Lanka සමාගම 2025 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම සම්මානයෙන් (Sri Lanka Best Employer Brand Awards 2025) පිදුම් ලබා ඇති අතර, එය මෙරට වඩාත්ම ප්‍රගතිශීලී සහ ජනතාව කේන්ද්‍ර කරගත් ආයතනයක් ලෙස එහි කීර්තිය යළි තහවුරු කරයි. මෙම වැඩසටහන කොළඹ, ටාජ් සමුද්‍ර හෝටලයේ දී පසුගියදා පැවැත්විණි. මානව සම්පත් සංවර්ධනය සහ සේවායෝජක සන්නාමකරණය සම්බන්ධයෙන් නිර්ණායක සකසන සංවිධාන ඇගයීම වෙනුවෙන් මානව සම්පත් වෘත්තිකයන්ගේ ලෝක සම්මේලනය (World Federation of HR Professionals) විසින් මෙම සම්මානය පිරිනමන ලදී.

මෙම සම්මානය මඟින්, ව්‍යාපාරික ඉලක්ක සමඟ සිය මානව සම්පත් උපායමාර්ග පෙළගස්වා ගැනීමට HUTCH සමාගමට ඇති හැකියාව මෙන්ම, අනාගතයට රැකියා නියුක්තිකයන් පිරිසක් ඇති කිරීමේදී එම සමාගම ලැබූ සාර්ථකත්වය ඉස්මතු කරයි. අඛණ්ඩ අධ්‍යාපනය, නායකත්ව සංවර්ධනය, සහ සේවක සුබසාධනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම හරහා, විදුලි සංදේශ ක්ෂේත්‍රය තුළ වෙනසක් සිදුකිරීමට ඇති හැකියාව HUTCH සමාගම අඛණ්ඩව ප්‍රදර්ශනය කර ඇත.
මානව සම්පත් කළමනාකරණයේදී සමාගම විසින් සියලු පැති ආවරණය වන ප්‍රවේශයක් යොදාගෙන ඇති අතර, එහිදී සංවිධානාත්මක පුහුණු වැඩසටහන්, නායකත්වයට මං පෙත් සහ සුබසාධන වැඩසටහන් සමඟ, කැමතිම සේවායෝජකයා ලෙස ඔවුන්ගේ අනන්‍යතාව ශක්තිමත් කරන ඵලදායී අලෙවිකරණ සන්නිවේදනයන් ද ඒකාබද්ධ කර ඇත.මෙම නවතම ජයග්‍රහණය සමඟින්, ව්‍යාපාරික කාර්ය සාධනය පවත්වා ගැනීමට සහ කර්මාන්ත නායකත්වය හැඩගැස්වීමට මානව සම්පත් සඳහා ආයෝජනය කිරීම මූලික වශයෙන් වැදගත් බවට HUTCH සමාගමට ඇති විශ්වාසය පෙන්වා දෙයි. මෙම සම්මානය දිනා ගැනීම තුළින්, HUTCH සමාගම තවදුරටත් සිය සන්නාමය ශක්තිමත් කරන අතර, අනාගත කුසලතා දිරිමත් කරමින්,මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය සඳහා දායක වෙමින් සිය කාර්යභාරය තහවුරු කරයි.





