HUTCH Future Connect, ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාර්ථයින්ගේ තාක්ෂණික දැනුම නව අදියරකට ගෙනයයි.

Share with your friend

HUTCH සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘Future Connect ‘වැඩසටහනේ තවත් අදියරයක් ලෙස, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ (USJP) විද්‍යාර්ථයින්ට රාගම, වල්පොළ පිහිටි HUTCH Engineering Complex හි ක්ෂේත්‍ර චාරිකාවක නිරත වීමට අවස්ථාව උදාකර දෙන ලදි. 

මෙම ක්ෂේත්‍ර චාරිකාව තුළින්, විශ්වවිද්‍යාලයෙහි පරිගණක පීඨයේ විද්‍යාර්ථයින්ට නවීන තාක්ෂණික යටිතල පහසුකම් හා සන්නිවේදන කාර්යයන් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව හිමි විය. එමෙන්ම, ඔවුන්ට සංඥා කුළුණු ,උපකරණ පද්ධති , බිම් ආරක්ෂණ පද්ධති, දත්ත මධ්‍යස්ථානයේ සිදුවන ක්‍රියාවලිය මෙන්ම ප්‍රවේශ පාලනය සහ ජාල මෙහෙයුම් මධ්‍යස්ථානයේ කාර්යයන් පිළිබඳවද ගැඹුරු අවබෝධයක් මෙමගින් ලබා ගත හැකිවිය. එසේම, මෙම වැඩසටහන ඔවුන්ගේ දැනුම ප්‍රායෝගික අධ්‍යාපනික කටයුතු හා සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබූ අතර, 5G, IoT ඒකාබද්ධ කිරීම වැනි නවෝත්පාදන තාක්ෂණික මාතෘකාවන්ද ආවරණය කරන ලදී.

මෙහිදී අදහස් දක්වමින් HUTCH Sri Lanka සමාගමේ සාමාන්‍යාධිකාරී (ආයතනික කටයුතු) මංගල බණ්ඩාර මහතා පැවසුවේ ‘HUTCH, ආයතනයක් ලෙස ඊළඟ පරම්පරාවේ තාක්ෂණික වෘත්තිකයන්ට අවශ්‍ය බලගැන්වීම මෙන්ම අත්දැකීම ලබාදීමට ආයතනයක් ලෙස නිරන්තරයෙන් කැපවෙනවා. මෙම  වැඩසටහන සාමාන්‍ය ක්ෂේත්‍ර චාරිකාවකට සීමා නොවී, මෙහි සිටින ඉංජිනේරු කණ්ඩායම් විසින් සිදුකරන ක්‍රියාකාරකම් ප්‍රායෝගිකව අත්විදීමට විශ්වවිද්‍යාල සිසුන්ට අවස්ථාව හිමි වුණා.’

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ විද්‍යාත්මක පරිගණන අංශයේ ප්‍රධානී, ආචාර්ය ඩී. ජී. එන්. ඩී. ජයරත්න මහතා මෙසේ පැවසීය. “‘Future Connect’ වැනි වැඩසටහන් හරහා සිසුන්ට ඔවුන්ගේ සිද්ධාන්තමය ඉගෙනීම් කටයුතු ප්‍රායෝගිකව යොදා ගැනීමටත්, තාක්ෂණික කර්මාන්තයේ විෂය පථය තේරුම් ගැනීමට මෙන්ම වත්මන් හා නව තාක්ෂණයන් සමඟ ඵලදායී ලෙස වැඩ කිරීමට අවස්ථාව මෙමගින් හිමිවෙනවා. HUTCH සමාගම විසින් සිදුකරන මෙවැනි ක්‍රියාවන් අපි අගය කරනවා.”

මෙම වැඩසටහන හරහා HUTCH සමාගමෙහි ඉංජිනේරු වෘත්තිකයන් සමඟ ඍජුව සම්බන්ධ වීමට විද්‍යාර්ථයීන්ට අවස්ථාව හිමි විය. මෙවැනි වැඩසටහන් මගින් දක්ෂතාවලින් සන්නද්ධ පිරිසක් බිහි කිරීම, ඔවුන් තුළ නව්‍යකරණ සිතුවිලි ඇති කිරීම සහ ශ්‍රී ලාංකීය ඩිජිටල් ආර්ථිකයේ සංවර්ධනයට කාර්යක්ෂම දායකත්වයක් ලබා දීම HUTCH සමාගමේ අරමුණ විය.


Share with your friend