IIHS සිසුන්ට ගෝලීය අධ්‍යාපනයේ දොරටු විවර කරන Deakin 1+2 ප්‍රවේශය දියත් කරයි

Share with your friend

International Institute of Health Sciences (IIHS) ඕස්ට්‍රේලියාවේ Deakin විශ්ව විද්‍යාලය සඳහා වන 1+2 ප්‍රවේශ වැඩසටහන නිල වශයෙන් දියත් කරයි. ඒ IIHS Multiversityහිදී පැවැත්වුණු Deakin Week Sri Lanka 2025 වැඩසටහන අතරතුරදීය. දේශීය සිසුන්ට ගෝලීය අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය ඉහළ නංවන මෙය මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සන්ධිස්ථානයකි. මෙම වැඩසටහන යටතේ IIHS ආයතනය තුළ එක් අවුරුදු සෞඛ්‍ය විද්‍යා ඩිප්ලෝමාව හදාරන සිසුන්ට එහි අවසන් වසර දෙක සම්පූර්ණ කිරීමට Deakin විශ්ව විද්‍යාලය සමග සම්බන්ධ වීමට අවස්ථාව ලැබේ. එහිදී ක්‍රීඩා සහ ව්‍යායාම විද්‍යාව, පෝෂණ විද්‍යාව, මනෝ විද්‍යාව වැනි ක්ෂේත්‍ර කිහිපයකට අදාළ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උපාධි හැදෑරිය හැකිය. වැඩසටහන දියත් කිරීමේ අවස්ථාවට Deakin විශ්ව විද්‍යාලයේ උප කුලපති සහ උප සභාපති (ජාත්‍යන්තර) ජෝන් මොලෝනි, ඕස්ට්‍රේලියානු වෙළෙඳ සහ ආයෝජන කොමිසමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන අධ්‍යක්ෂිකා (අධ්‍යාපන) සැන්ඩි සෙනෙවිරත්න, Deakin විශ්ව විද්‍යාලයේ අන්තර්ජාතික උපාය මාර්ග සහ හවුල්කාරිත්ව ප්‍රධානී චතුරිකා බණ්ඩාර, Deakin Internationalහි ශ්‍රී ලංකා කාර්යාලයේ අධ්‍යක්ෂිකා ඩියෝන් ග්‍රෙගරි ඇතුළු ආරාධිතයෝ රැසක් සහභාගී වූහ.

Deakin විශ්ව විද්‍යාලය සමග සම්බන්ධ වන සිසුන්ට ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු Post Study Work Rights සඳහා අයැදුම් කිරීමටත්, ගෝලීය සේවා පළපුරුද්දක් ලැබීමටත් හැකිය. ක්‍රීඩා සහ ව්‍යායාම විද්‍යා උපාධිය හදාරන සිසුන්ට කාර්යසාධන පුහුණුකරු, සුවතා උපදේශක වැනි වෘත්තිවලට පිවිසිය හැකිය. පෝෂණ විද්‍යා උපාධිය හදාරන සිසුන්ට රෝහල්, පර්යේෂණ, සුවතා වැනි ක්ෂේත්‍රවලට අදාළ රැකියා ගත හැකිය. මනෝ විද්‍යා උපාධිය හැදෑරීමෙන් ගෝලීය වශයෙන් ඉහළ ඉල්ලුමක් ඇති මානව චර්යාව, සංජානන වර්ධනය, මානසික සෞඛ්‍යය හා සම්බන්ධ වෘත්තිවලට පිවිසිය හැකිය. දශකයකට වැඩි කාලයක් මෙරට සුව සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින IIHSහි අධ්‍යාපනය ලැබූ සිසුන් දහස් ගණනක් ලොව පුරා පිහිටි විශ්ව විද්‍යාලවලට සම්බන්ධ වී ඇත. අධ්‍යාපන විශිෂ්ටත්වය වෙනුවෙන්ම කැප වූ එම ආයතනය සහ Deakin විශ්ව විද්‍යාලය එක් වී දියත් කර ඇති මෙම වැඩසටහන තුළින් ගෝලීය සුව සේවා, විද්‍යා සහ සුවතා ක්ෂේත්‍රවල ඉහළටම යාමට සිසුන්ට හැකි වනු ඇත. කෙරවලපිටිය පාර, වත්තල ලිපිනයේ පිහිටි IIHS Multiversity වෙත ගොස් හෝ www.iihs.edu.lk සහ info@iihs.edu.lk වෙබ් අඩවිවලට පිවිස හෝ +94114651144 අමතා වැඩි විස්තර ගත හැකිය.


Share with your friend