තරුණ වෘත්තිකයින් විසින් කලාපීය සංචාරක කර්මාන්තයට ලබාදුන් දායකත්වය අගයමින් පැසිෆික් ආසියානු සංචාරක සංගමය හෙවත් Pacific Asia Travel Association -PATA) වෙතින් පිරිනමනු ලබන 2025 PATA Face of the Future සම්මානය දිනාගැනීමට Intrepid Travel Sri Lanka සමාගමේ මෙරට සාමාන්‍යාධිකාරී පූර්ණක දැල්පචිත්‍ර මහතා වෙත පසුගියදා සමත්විය.

ආසියානු පැසිෆික් කලාපයේ නැගී එන තරුණ වෘත්තිකයින් සිව්දෙනා අතුරට මෙවර නම් කෙරුණු දැල්පචිත්‍ර මහතා තිරසර වැඩසටහන් අංශයේ ජයග්‍රහණය හිමිකරගැනීම ද කැපීපෙනුණි.
″PATA මගින් මෙවැනි ගෞරව සම්මානයක් හිමිවීම පිළිබඳ මා නිහතමානී සතුටක් ලබනවා. සංචාරණය තුළින් ධනාත්මක වෙනසක් ඇතිකිරීම පිළිබඳ විශ්වාස කරන කණ්ඩායමක් සමඟ එකට සේවය කිරීමට ලැබීමත්, ඉදිරියටත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තුළ එවන් කාර්යයභාරයක් ඉටුකිරීමට ලැබී ඇති ඉඩප්රස්ථාව පිළිබඳවත් මම බෙහෙවින් සතුටට පත්වෙනවා″, යනුවෙන් දැල්පචිත්‍ර මහතා අදහස් දැක්වූවේය.
Intrepid සමාගමේ දැවැන්තම ගෝලීය මෙහෙයුම් ක්‍රියාවලි අතුරින් එකක්වන ගමනාන්ත කළමනාකරණ අංශය සහ ශ්‍රී ලංකාවේ පිහිටි හුවමාරු සේවා මධ්‍යස්ථානය මෙහෙයවනු ලබන්නේ ද පූර්ණක දැල්පචිත්‍ර මහතා විසිනි.
දේශගුණික බලපෑම් පිළිබඳ දක්වන අවධානය, ප්‍රජා පාදකබව සහ සියලුදෙනා අන්තර්කරණය කරගත් සංචාරක කටයුතු ආදිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමට ලක්ව සිටින Intrepid සමාගම, දැල්පචිත්‍ර මහතාගේ නායකත්වය යටතේ ශක්තිමත් වාණිජ වර්ධනයක් අත්පත්කරගැනීමට ද සමත්වී තිබේ.
මෑතකාලීනව සමාගම ලබාගත් සෙසු ජයග්‍රහණ අතර, 2024 ශ්‍රී ලංකා සංචරණ සම්මාන උළෙලේදී සංචාරක මෙහෙයුම් අංශයෙන් හිමිකරගත් Best Destination Loyal Partner’ සම්මානය කැපීපෙනේ. එමෙන්ම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ Market Development Facility ආයතනය සමඟ එක්ව දියත් කළ Women in Tourism වැඩසටහන ද විශාල අවධානයකට ලක්විය. එහි අරමුණ වූයේ සංචාරක කර්මාන්තය තුළ කාන්තා සහභාගීත්වය වර්ධනය කිරීම ය. මේ අතර ZeroPlastic සංවිධානය සමඟ එක්ව The Intrepid Foundation යටතේ වරක් පමණක් භාවිතයට ගන්නා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ශ්‍රී ලාංකිකයින් තුළ චර්යාත්මක වෙනස්කම් ඇතිකිරීමට ද වැඩසටහනක් දියත්කිරීම කැපීපෙනුණි. Zero Plastic Impact Centre වෙත ආයෝජනය කිරීමට ද සමාගම පියවර ගත්තේය.
ගෝලීය වශයෙන් සිය කාබන් භාවිතය අවමකිරීමේ සැලසුම ප්‍රකාරව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විදුලි වාහන ආශ්රිත සංචාරක මෙහෙයුම් හඳුන්වාදීමට ද සමාගම කටයුතු කළේය. තව ද ශ්‍රී ලංකාවේ පළමු පාපැදි සංචාරක මාර්ගෝපදේශිකාවට සංචාරක ව්‍යාපාරයට එක්වීමට ද සමාගම සහාය ලබාදුනි. Great Place to Work ආයතනය මගින් ශ්‍රී ලංකාවේ සේවයට වඩාත්ම සුදුසු ආයතන 40 අතරට ද Intrepid සමාගම නම්කර ඇත.
″පුළුල් දැක්මක් සහිත ව්‍යාපාර නායකයෙකුවන පූර්ණක දැල්පචිත්‍ර, සංචාරක කර්මාන්තයේ හෙට දවස වඩාත් යහපත් කිරීම සඳහා කටයුතුකරන අනාගත පරම්පරාවේ පිළිබිඹුවක්. ඔහුගේ විශේෂත්වය වන්නේ සේවකයින්, ප්‍රජාව සහ පරිසරය යන අංශ තුන කෙරෙහිම දක්වන ඉහළ සැළකිල්ලයි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තිරසර ලෙසත්, වාණිජ ලෙසත් සාර්ථක කරගැනීමට ඇති හැකියාව ඔහු මනාව ඔප්පු කොට තිබෙනවා. ඔහුගේ නායකත්වය සහ ඔහු අත්කරගෙන ඇති ප්‍රතිඵල පිළිබඳ අපි බෙහෙවින් ආඩම්බරයට පත්වෙනවා″, යනුවෙන් Intrepid Travel සමාගමේ ආසියානු කලාපීය කළමනාකාර අධ්යක්ෂ සහ ගෝලීය මෙහෙයුම් අංශ ප්‍රධානී නැටලි කිඩ් ප්‍රකාශ කළාය.
වගකීම් සහගත සංචරණයේ වසර 36ක් පුරා ගෝලීය පුරෝගාමියා වන Intrepid Travel සමාගමේ අරමුණ වන්නේ සංචරණයේ විනෝදය තුළින් ධනාත්මක වෙනසක් ඇතිකිරීමයි. ඒ වෙනුවෙන් දේශීය සංස්කෘතිය අත්විඳගැනීම වෙනුවෙන් ලොව පුරා සංචරණ 900කට වැඩි ප්‍රමාණයක් සංවිධානය කිරීමට සමාගම කටයුතුකර තිබේ. රටවල් 31ක මෙහෙයුම් සිදුකරන Intrepid Travel සමාගම දේශීය විශේෂඥතාව සිය සංචාරණ වැඩසටහන් වෙත සමීප කිරීමට විශේෂ උනන්දුවක් දක්වයි. පාරදෘශ්‍යතාව සහ සදාචාරාත්මක සංචාරණ මෙහෙයුම් සඳහා ගෝලීය වශයෙන් ප්‍රසිද්ධියක් උසුළන සමාගම 2018 වසරේදී B-Corp සහතිකලත් (සමාජ සහ පාරිසරික ප්රමිතීන් සහ විනිවිදභාවය හා නෛතික වගකීම්සහගත බව ඇතුළු ඉහළ ගුණාත්මක ප්රමිතීන් අනුගමනය කරන සමාගම් වෙත පිරිනැමෙන ස්වාධීන පිළිගැනීමකි) සමාගමක් බවට ද පත්විය. Science Based Targets Initiative සමඟ කටයුතු කිරීමට එක්වූ ප්‍රථම සංචාරක මෙහෙයුම් ආයතනය ද Intrepid Travel සමාගමයි. මේ අතර සමාගමේ සමාජ සත්කාර පදනමවන The Intrepid Foundation හරහා 160කට වැඩි විවිධ හවුල්කාරීත්වයන් තුළින් ඩොලර් මිලියන 18කට වැඩි අරමුදල් සම්පාදනය කිරීමට ද හැකිවී තිබේ. වැඩිදුර තොරතුරු සඳහා සමාගමේ 2024 ඒකාබද්ධිත වාර්ෂික වාර්තාව පරිශීලනය කළ හැකි අතර, Facebook, Instagram, Twitter, TikTok සහ LinkedIn වැනි සමාජ මාධ්‍ය හරහා ද තොරතුරු ලබාගත හැක.