New Anthoney’s සමූහය ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී සැකසූ ආහාර කාණ්ඩයේ හොඳම අපනයනකරු ලෙස බුහුමන් දිනයි  

Share with your friend

විසි හය වැනි වරට සංවිධානය කරන ලද ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී, මෙරට ප්‍රමුඛතම තිරසර මාංශ ආහාර නිෂ්පාදන සමාගමක්වන නිව් ඇන්තනීස් සමූහය, සැකසූ ආහාර නිෂ්පාදන කාණ්ඩයේ හොඳම අපනයනකරු ලෙස සම්මාන දිනාගැනීමට සමත්විය. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමූහය විසින් ලබාදෙන අඛණ්ඩ දායකත්වය මෙම සම්මානය හරහා මැනවින් පිළිබිඹු වේ.

New Anthoney’s සමූහයේ සභාපති එමිල් ස්ටැන්ලි මහතා සම්මානය ලබාගත් අයුරු

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම අපනයනකරුවන් ඇගයෙන මෙම වාර්ෂික සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසිනි.

සැකසූ සහ අගය එකතුකළ ආහාර නිෂ්පාදන සඳහා ඇති ගෝලීය ඉල්ලුම දිනෙන් දින වර්ධනය වෙමින් තිබේ. නාගරීකරණය වේගවත් වීම, පාරිභෝගික ජීවන රටාවේ වෙනස්කම් මෙන්ම පහසුව සහ ඉක්මන ආදිය ඊට හේතුසාධක වී ඇත. එහිදී විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතතාව, තිරසරභාවය සහ ඉහළ ප්‍රෝටීන් මට්ටමක් පැවතීම ආදී කරුණු මත සැකසූ මාංශ ආහාර සඳහා ඇති ගෝලීය ඉල්ලුම ද වර්ධනය වෙමින් පවතී.

″නිව් ඇන්තනීස් සමූහය මේ වනවිට උසස් තත්ත්වයේ, ප්‍රතිජීවකවලින් තොර, තිරසර ලෙස නිෂ්පාදනය කළ කුකුළුමස් අපනයන සමාගමක් ලෙස ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ නමක් දිනාගෙන සිටී. ගෝලීය වෙළෙඳපොළ කරා අපේ නිෂ්පාදන ගෙනයාමට හැකිවීම තුළින් අප කෙරෙහි ඇති දැවැන්ත පාරිභෝගික විශ්වාසය පෙන්නුම් කෙරෙනවා. සියලු දෙනා වෙනුවෙන් වඩාත් හරිතවත් සහ සෞඛ්‍යමත් අනාගතයක් වෙනුවෙන් දායකවීම අපේ අරමුණයි″, යනුවෙන් නිව් ඇන්තනීස් සභාපති එමිල් ස්ටැන්ලි මහතා ප්‍රකාශ කළේය.

″තිරසර මාංශ ආහාර නිෂ්පාදනය, ආහාර සුරක්ෂිතතාව සහ නවෝත්පාදනය තුළින් අපි ගෝලීය ප්‍රමිතීන් ළඟාකරගැනීමට පමණක් නොව ඉක්මවා යෑමටත් කටයුතු කරනවා. ඒ හරහා ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යාපාර ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමටත් අපට හැකිවෙනවා. හුදෙක් කුකුළු මස් අපනයනයෙන් ඔබ්බට ගොස් ගෝලීය මට්ටමේ උසස් ආහාර නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකාව සතු හැකියාව ලෝකයටම විදහා දක්වමින් රටේ ආර්ථික අභිවෘද්ධියට දායක වීම අපේ බලාපොරොත්තුවයි″, යනුවෙන් නිව් ඇන්තනීස් ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා පැවසුවේය.

නිව් ඇන්තනීස් සමූහය, ඉහළ පෝෂණයෙන් යුත්, ප්‍රතිජීවකවලින් තොර සහ ප්‍රණීත විවිධ සැකසූ මාංශ ආහාර වර්ග රැසක් සමඟින් ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය සන්නාමයක් දිනාගෙන සිටී. GMP, HACCP, ISO 22000 සහ දේශීය හා ජාත්‍යන්තර හලාල් සහතික ද සමාගමේ ආහාරවල ගෝලීය ප්‍රමිතියට සාක්ෂි සපයයි.

එමෙන්ම සමාගම වෙළෙඳපොළට ඉදිරිපත් කරන හරිතහරි කුකුළු මස් නිෂ්පාදනය වෙනුවෙන් 100%ක් ස්වභාවිකව දිරාපත්වන ඇසුරුමක් භාවිත කරන අතර, එවැනි තිරසර ඇසුරුම් භාවිතයක් සිදුකරන මෙරට පළමු මංශ ආහාර නිෂ්පාදකයා වන්නේ ද නිව් ඇන්තනීස් සමූහය යි. තව ද ISO 14064-1:2018 ප්‍රමිතීන්ට අනුකූලව නෙදර්ලන්තයේ කාබන් පාලන සංගමය යටතේ හරිතාගාර වායු විමෝචන සහතිකය ලත් නිෂ්පාදනය වන්නේ ද හරිත හරි කුකුළු මස් නිෂ්පාදනය යි.

ඉකුත් වසරේදී තම ආහාර සුරක්ෂිතතාව සහ ගුණාත්මකභාවය තවදුරටත් පිළිබිඹු කරමින් ජාත්‍යන්තර FSSC 22000 සහතිකය දිනාගත් මෙරට පළමු මාංශ ආහාර නිෂ්පාදකයා බවට ද නිව් ඇන්තනීස් පත්විය. මෙම සහතිකකරණය තුළින් ආහාර සුරක්ෂිතතාවට අමතරව සත්ත්ව සුබසාධනය වෙනුවෙන් සමාගම ගනු ලබන ප්‍රයත්නය ද අගයනු ලැබේ. ඉදිරියටත් කලාපය තුළ මාංශ ආහාර නිෂ්පාදනයේ පෙරමුණ ගනිමින් නව ප්‍රමිතීන් කරා ගමන් කිරීමට නිව් ඇන්තනීස් සමූහය සැලසුම් දියත්කොට තිබේ.


Share with your friend