Pearson සිය නියෝජිතයින් අගයමින්, නව PTE Core ඉංග්‍රීසි භාෂා විභාග කට්ටලය එළිදක්වයි 

Share with your friend

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථීක අර්බුදය හේතුවෙන්  ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියන් ප්‍රමාණයක් රැකියා සඳහා මෙන් ම ස්ථිර පදිංචිය සඳහා  විදෙස්ගත වීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇත.  2022 වසර අවසානය වන විට ලක්ෂ 3 කට අධික වෘත්තිකයින් පිරිසක් රට හැර ගොස් ඇති බව වාර්තා වේ. කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු තවත් බොහෝ රටවල් වෙත ප්‍රවේශ වීම සඳහා ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණත්වය අනිවාර්ය වන අතර, එය සනාථ කිරීම වෙනුවෙන් පැවැත්වෙන විභාගය  විදෙස්ගත වීමේ අරමුණින් පසු වන බොහෝ දෙනෙකු  මුහුණ දෙන ප්‍රධාන අභියෝගයකි. මෙම ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා තක්සේරුකරණ විභාගය ජය ගැනීමට සහයෝගය ලබා දීම වෙනුවෙන් ම හඳුන්වා දී ඇති  ‘PTE ඉංග්‍රීසි විභාග කට්ටලය’ සිහින ජය ගැනීම සඳහා සුබවාදී බලාපොරොත්තුවක් නිර්මාණය කිරීමට සමත් වී ඇත. 2023 වසර තුළ දී, කැනඩාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ ශ්‍රී ලාංකිකයින් 3200කට අධික ප්‍රමාණයක් අතරින් 84%කට  අනුමැතිය ලැබීම තුළින් මේ බව සනාථ වේ.

ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා ඇගයීම් ක්ෂේත්‍රයේ  වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ‘PTE ඉංග්‍රීසි විභාග කට්ටලය’ ආශ්‍රිත නවතම අංගය වන PTE Core හඳුන්වා දීම පසු ගිය දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී අති උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරුණු අතර, ඊට සමගාමීව, Pearson සමාගමේ ශ්‍රී ලාංකික නියෝජිතයින්ගේ  වටිනා සහයෝගය ඇගයීම හා සුහද හමුවක් ද පැවැත්විණි.   

Gayathrie Sivanathan [Marketing manager South Asia ] Daniel Bood – Counselor – Political and Trade of Canadian High Commision. Premila Paulraj – Director Employability and Qualifications South Asia. Suriya Bibile – Deputy General M

කැනේඩියානු මහ කොමසාරිස් ඩැනියල් බූඩ් සහ Pearson South Asia හි රැකියා සහ සුදුසුකම් පිළිබඳ අධ්‍යක්ෂිකා ප්‍රමිලා පෝල්රාජ් මෙනවිය ඇතුළු සම්භාවනීය අමුත්තන් හා  පාර්ශවකරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර,  කැනඩාවේ  රැකියා අවස්ථා ලබා ගැනීමට උපකාරී වන භාෂා ප්‍රවීණතාව ළඟා කර ගැනීම සඳහා   PTE Core මගින් ලැබෙන සහයෝගය එහි දී අවධාරණය කෙරිණි. 

PTE Core තුළ පවතින විවිධාංගීකරණය වූ විශේෂත්වය සහ විශ්වසනීයත්වය පිළිබඳ උදාහරණ සපයමින්, කැනේඩියානු දේශසීමා නියෝජිතායතනයේ පිළිගැනීම ඊට පවතින බව මෙහි දී අවධාරණය කෙරිණි. Pearson Test of English (PTE) ගෝලීය වශයෙන් විශ්ව විද්‍යාල, විද්‍යාල, සහ වෘත්තීය ආයතන 3,000කට අධික සංඛ්‍යාවක් වෙත ඇතුළත් වීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට සහය ලබා දෙන අතර, එම සුදුසුකම  එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, සහ නවසීලන්තය වැනි රටවල වීසා සහ ආගමන අංශ සඳහා ද අනුමත කර ඇත.  ඊට අමතර ව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය, හාවඩ් ව්‍යාපාරික පාසල සහ මැක්වරි විශ්ව විද්‍යාලය ඇතුළු ලොව කීර්තිමත් විශ්ව විද්‍යාල සහ ආයතන විසින් PTE අනුමත කිරීම, එහි විශ්වසනීයත්වය සහ ගෝලීය පිළිගැනීමට උදාහරණ සපයයි. 

මේ පිළිබඳ ව අදහස් දක්වමින්, Pearson South Asia හි සේවා නියුක්තිය සහ සුදුසුකම් පිළිබඳ අධ්‍යක්ෂිකා ප්‍රමිලා පෝල්රාජ් මෙනෙවිය ප්‍රකාශ කළේ, “ ශ්‍රී ලංකාව වෙත PTE Core හඳුන්වා දීමට ලැබීම ගැන මම ඇත්ත වශයෙන් ම සතුටට පත් වෙනවා. PTE Core හරහා සාර්ථක සහ විශ්වසනීය  සේවාවක් ලබා දෙනවා වගේ ම,  පුද්ගලයන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු  සහ වෘත්තීය ඉලක්ක සාර්ථක කර ගැනීම සඳහා සුවිශේෂී සහයෝගයක් ලබා දෙනවා.” යනුවෙනි.

PTE Core සහ  PTE ඉංග්‍රීසි විභාග කට්ටලය පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට හෝ Pearson’s ගෝලීය ජාලයේ කොටස්කරුවෙකු  වීමට, PearsonPTE.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.


Share with your friend