වසර 100කට වැඩි ක්ෂේත්රයේ විශේෂඥ අත්දැකීම් සපිරි ලංකාවේ උසස්ම අක්ෂි සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස ප්‍රකට එරික් රාජපක්ෂ ඔප්ටිෂන්ස් ආයතනය, මෑතක දී පැවති 2023 Pinnacle Sri Lanka සම්මාන උළෙලේ දී වසරේ හොඳම අක්ෂි සෞඛ්‍ය සේවා විශේෂඥයා ලෙස සම්මානයට පාත්රවිය. මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණේ, ශ්‍රී ලංකාවේ තත්ත්ව ඇගයීම් තක්සේරුකරුවන් ලෙස ප්‍රකට MUGP International Organisation විසින් වන අතර එම සම්මාන රාත්‍රිය ගාලුමුවදොර හෝටලයේ දී ඉතාම විචිත්‍රවත් අන්දමින් පැවැත්වීය.
Pinnacle Sri Lanka සම්මාන, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ සමාජ සේවාවන්ට විවිධ සංවිධාන සිදුකර ඇති සේවා ඇගයීම් සිදුකරන ඇගයුම් ව්‍යුහයකි. ඔවුන් මෙහිදී ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ව්‍යාවසායකත්වය, වෙළඳ සන්නාම, සමූහ ආයතන, ව්‍යාපාරිකයන්, සමාජාරක්ෂණ සහ සෞඛ්‍ය සේවා මෙන්ම අධ්‍යාපනඥයන් සහ ජනප්‍රිය චරිත හඳුනා ගනිමින් ඔවුන්ගේ සමාජ දායකත්වය සහ වෘත්තීය ජයග්‍රහණ ඇගයීමට භාජනය කර සම්මාන ප්‍රධානය කරමින් ඔවුන්ගේ පෞද්ගලික අභිවෘද්ධිය සහ රටේ සමස්ත අභිවෘද්ධියට දායකත්වය ලබාදීමට දිරි දෙයි. වඩාත් ස්වාධීන මෙන්ම ඉලක්කගත දත්ත සපරීක්ෂණ සහ තෝරා ගැනීමේ ක්‍රියාවලිය නිසාම ශ්‍රී ලංකාවේ ඉහළින්ම පිළිගත් සම්මාන ක්‍රියාවලියක් ලෙස මෙය හැඳින්විය හැක. මෙම තෝරා ගැනීමේ ක්‍රියාවලියේ දී සම්පූර්ණ වෙළඳපොල අගය, නව්‍යකරණය, වෘත්තීය ස්ථානයේ සංස්කෘතිය, නිෂ්පාදන/සේවා ලබාදීම, නායකත්වය, ව්‍යාපාර ආචාරධර්ම, යහපාලනය, ආයතනික සමාජ වගකීම, කීර්තිමත් පිළිගැනීම සහ එවැනි තවත් කාණ්ඩ යටතේ වඩාත් ස්වාධීනව සහ ප්රමිතගතව තෝරාගැනීම සිදුකරයි.
සම්මාන ජයග්‍රහණය පිළිබඳව අදහස් පළ කළ එරික් රාජපක්ෂ ඔප්ටිෂන්ස් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ රජීව් රාජපක්ෂ මහතා, “Pinnacle Sri Lanka සම්මාන උළෙලේ දී වසරේ හොඳම අක්ෂි සේවා විශේෂඥයා ලෙස සම්මානයට පාත්රවීම අපිට ඉතාම ගෞරවයක් වගේම අභිමාණයක්. එරික් රාජපක්ෂ ඔප්ටිෂන්ස් අපි පවුලක්, පුංචිම සේවකයාගේ සිට ඉහළම සේවකයා දක්වා ඒ පවුලේ සෑම සියලු දෙනාටම මේ ජයග්‍රහණයට නොපිරිහෙළා තමන්ගේ දායකත්වය ලබාදීම ගැන මම ඔවුන්ට ස්තුතිවන්න වෙනවා. මීට ශතවර්ෂයකට කලින් අපි පටන් ගත්ත දා පටන් ලංකාවේ පුරවැසියන්ට ගැළපෙන හොඳම අක්ෂි සෞඛ්‍ය සේවා ලබාදීමට අපි උපරිමයෙන් කැපවෙලා තියෙනවා. ලෝකය වේගවත්ව වෙනස් වෙනවා නමුත් අපි අපේ උපරිම පාරිභෝගික සේවා සත්කාරයේ අරමුණ වෙනස් කරගෙන නෑ, අදත් අපිට පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන පාරිභෝගිකයන් විශාල ප්‍රමාණයක් එන්නේ අන්න ඒ නිසයි. මේ සම්මානය ලැබීහෙන් ඒ අපේ දැක්ම මොනවට පැහැදිළි වෙනවා, ඒවගේම ඉදිරියට එන කාලය වඩාත් හොඳින් සේවා ලබාදෙමින් ඉතාම සාර්ථකව ඉදිරියට යාමට අපිට ශක්තිය තියෙනවා.”
අති නවීන අක්ෂි පරීක්ෂණ තාක්ෂණික උපකරණ සමග සියවසකට වැඩි විශේෂඥ අත්දැකීම් එකතුකොට ගනිමින් ශ්‍රී ලංකාව තුළ දෘෂ්‍ය සහ ශ්‍රවණ පරීක්ෂාවන් ඉතාම නිරවද්‍ය මට්ටමින් සිදුකරන ආයතනයක් ලෙස එරික් රාජපක්ෂ ඔප්ටිෂන්ස් ආයතනය ඉහළ කීර්තිනාමයක් උසුලයි. මෙම පරීක්ෂාවන් සිදුකිරීමෙන් අනතුරුව පාරිභෝගිකයාට තමන්ට අවශ්‍ය පරිදි තෝරාගැනීමට ප්‍රකට ජාත්‍යන්තර සන්නාම ගණනාවකට අයත් විශාල පරාසයක අක්ෂි රාමු සහ කාච එහිදීම ලබාගත හැක. Michael Kors, Prada, Gucci, Vogue, Ray Ban, Polo Ralph Lauren, Polar Sun, Carrera, Boss සහ Oakley සන්නාමයන්ට අයත් අක්ෂි ආරක්ෂණ උපකරණ සෑම එරික් රාජපක්ෂ ඔප්ටිෂන්ස් ශාඛාවක් තුළින්ම ලබාගත හැක. එසේම scratch proof, water proof, colour changeable, anti-reflective සහ anti-fatigue විශේෂාංග සහිත ලොව ප්‍රකට ජාත්‍යන්තර සන්නාමව වලට අයත් විවිධ වර්ගයේ අක්ෂි කාච විශාල ප්‍රමාණයක් ද එරික් රාජපක්ෂ ඔප්ටිෂන්ස් තුළින් පාරිභෝගිකයාට ලබාගැනීමේ අවස්ථාව උදාකර දී තිබේ. එසේම ශ්‍රවණ දුර්වලතා ඇති පාරිභෝගිකයන්ට ලොව ඉහළින්ම ප්‍රචලිත ඩෙන්මාර්කයේ Beltone සන්නාමයේ ශ්‍රවණාධාරක ඉතාම සාධාරණ මිලකට ලබාගැනීමේ අවස්ථාව ද උදාකර දී තිබේ.
එරික් රාජපක්ෂ ආයතනයේ ශාඛා කොල්ලුපිටිය, වැල්ලවත්ත. දෙහිවල, මාලඹේ, කිරිබත්ගොඩ සහ මහනුවර යන නගර වල පිහිටා තිබේ. මෙම ශාඛා, පාරිභෝගිකයන්ට පහසුවෙන් ලඟවීමට හැකි නගර මධ්‍යයේ පිහිටා තිබෙන අතර වාහන ගාල්කිරීමට විශාල අවකාශයක් තිබෙන නිසා තමන්ගේ අක්ෂි හෝ ශ්‍රවණ සෞඛ්‍ය අවශ්‍යතාවය පහසුවෙන් සහ නිවැරදිව සිදුකර ගැනීමේ අවස්ථාව උදාකර දී තිබේ.
රාජපක්ෂ ඔප්ටිෂන්ස් 1917 වසරේ දී ඇල්ෆ්‍රඩ් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත බිහි වූ අතර එසමයේ ශ්‍රී ලංකාවේ ඉතාම අල්පයක්ව පැවැති අක්ෂි සේවා සැපයුම් ආයතන අතරින් පාරිභෝගික ජනතාවට වඩා ඉහළම සේවාවක් ලබාදීමේ අරමුණ පෙර දැරිව මෙම ආයතනය ආරම්භ කර තිබේ. තමන්ගේ පියා ආරම්භ කළ ව්‍යාපාරික පදනමේ සිට ඉදිරියට පැමිණි එරික් රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකාවේ අක්ෂි සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ පුරෝගාමියෙකු වෙමින් තමන්ගේ සේවාවන් වඩාත් ඉහළම තලයකට ඔසවා තැබීමට සමත් විය. ශ්‍රී ලංකා අක්ෂි සෞඛ්‍ය සේවා පරිණාමය ඇසින් දැක අත්දැකීම් ඇති කණ්ඩායමක් ලෙස පසුගිය දශක කිහිපයේ අක්ෂි සෞඛ්‍ය සේවාවේ සන්ධිස්ථානීය හැරවුම් කිහිපයක ප්‍රධන භූමිකාවක් ඉටුකිරීමට ඔවුන් සමත් වී තිබේ.