Prime සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රථම Mobile App එක වන Prime Edge පසුගියදා නිල වශයෙන් දියත් කළේය. මෙය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරන සුවිශේෂී හඳුන්වා දීමකි.

ගැනුම්කරුවන්ගේ හා ආයෝජකයන්ගේ පහසුව ඉලක්ක කරගනිමින් නිර්මාණය කර ඇති Prime Edge, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට ඩිජිටල් නවෝත්පාදන හඳුන්වා දීම සඳහා තබන ලද පුරෝගාමී පියවරක් ලෙස හැඳින්විය හැක. Prime සමූහය යනු දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට මෙවැනි පුරෝගාමී විසඳුම් රැසක් හඳුන්වා දුන් සමූහ ව්‍යාපාරයක් වන අතර, මෙවැනි පියවර ඔස්සේ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කරමින් රටේ ආර්ථික සංවර්ධනයට දායක වීම Prime සමූහයේ අරමුණ වී තිබේ.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනයට සමගාමීව තාක්ෂණය සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දක්වන තරුණ පරපුරක් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට පිවිසෙමින් සිටී. Prime Edge ඉදිරියේදී මෙම පරපුරේ ප්‍රියතම යෙදුමක් බවට පත් වනු ඇති අතර, ඒ ඔස්සේ මෙය මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ පාරිභෝගිකයන් හා සමාගම් අතර ගනුදෙනු සිදුවන ආකාරය මුළුමනින්ම වෙනස් කරන පියවරක් වනු නිසැකය.
Prime Edge නිර්මාණය කරන ලද්දේ Prime සමූහයේ ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී රසික උදයංග මහතා ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ කණ්ඩායම විසිනි. Prime සමූහය මෙරට දේපළ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම රඳවන ඩිජිටල් නවෝත්පාදන හඳුන්වා දීම මෙම කණ්ඩායමේ මූලික වගකීම වන අතර, ඔවුහු මේ වන විට එම වගකීම විශිෂ්ට ලෙස ඉටුකරමින් සිටිති.
“Prime සමූහය මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට ඩිජිටල් සහ වෙනත් නවෝත්පාදන රැසක් හඳුන්වා දී තිබෙනවා. එහි නවතම හඳුන්වා දීම වන Prime Edge App එක, නවීන තාක්ෂණය ඔස්සේ පාරිභෝගිකයන්ට උපරිම වටිනාකමක් හා පහසුවක් පිරිනැමීම සඳහා අප ගන්නා උත්සාහයේ වැදගත් ඉදිරි පියවරක්. දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පාරිභෝගික අත්දැකීම පූර්ණ වෙනසකට ලක්කිරීමේ හැකියාව ඇති මෙම App එක මගින් පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් දේපළ ව්‍යාපෘති ආදිය පිළිබඳ නවතම තොරතුරු දැනගැනීම, ආයෝජන කළමනාකරණය කරගැනීම සහ Prime සමූහය සමග සම්බන්ධ වීම ඇතුළු ප්‍රයෝජන රාශියක් ලබාගැනීමට හැකි වේවි.” Prime සමූහ ව්‍යාපාරයේ සම-සභාපතිනිය වන සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවාය.
Prime Edge මගින් පාරිභෝගිකයන්ට තමන් කැමති වර්ගයේ දේපළ ඉඩකඩම් සොයාගැනීම, ගෙවීම් තොරතුරු පරීක්ෂා කිරීම සහ ආයෝජන අවස්ථා හඳුනා ගැනීම ඇතුළු බොහෝ දේ සිදු කළ හැක. එමෙන්ම Prime Edge භාවිතා කරමින් වෙනත් අයට දේපළ නිර්දේශ කිරීම හා විකිණීම හරහා වක්‍ර ආදායමක් උපයා ගැනීමටද හැකියාව පවතී. ඒ අනුව මෙය ශ්‍රී ලාංකිකයන්ට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය සමග වඩාත් ඵලදායී ලෙස ගනුදෙනු කිරීමට මෙන්ම ධනය උත්පාදනය කිරීමටද නව මාවත් විවර කරන ක්‍රමවේදයක් ලෙස හැඳින්විය හැකි වේ.
Prime Edge යෙදුම කාර්යක්ෂම අතුරු මුහුණතක් (Interface) සහිතව නිර්මාණය කර ඇති නිසා, ගැනුම්කරුවන්ට ඉතාමත් පහසුවෙන් තමන්ට අවශ්‍ය තොරතුරු එතුළින් ලබාගත හැකි වේ. එමෙන්ම Prime Edge මගින් ගෙවීම් කළ යුතු දිනයන් ආදිය පිළිබඳව ස්වයංක්‍රීය දැනුම් දීම් ලැබෙන නිසා එය දේපළ සම්බන්ධ කටයුතු කළමනාකරණය කරගැනීම පහසු කරයි.
මෙහි තවත් විශේෂ කරුණක් වන්නේ, ඉදිරියේදී තවදුරටත් දියුණු කළ හැකි තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කරමින් Prime Edge නිර්මාණය කර තිබීමය. ඒ නිසා ඉදිරියේදී දේපළ ගනුදෙනු, ආයෝජන ක්‍රමෝපායන් සහ වෙළඳපොළ ප්‍රවේශය ඇතුළු ප්‍රධාන අංශ කිහිපයකට අදාළව නව විශේෂාංග රැසක් හඳුන්වා දීමටද Prime සමූහය මේ වන විට සැලසුම් කර තිබේ.
Prime Edge යෙදුම දැන් Apple store හෝ Google Play තුළින් බාගත (Download) කළ හැක. ඔබත් Prime Edge භාවිතා කර දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ මේ නවතම පෙරළිය අත්විඳින්න.