Pro Realtors Academy, දේපොළ වෙළෙඳාම් සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රථම පාඨමාලාව හැදෑරූ මුල්ම කණ්ඩායමට සහතික පත් ප්‍රදානය කරයි

Share with your friend

Transco Properties ආයතනය යටතේ Pro Realtors Academy විසින් පවත්වනු ලබන, දේපොළ වෙළෙඳාම් සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපනික වැඩසටහන වන Pro Realtors පාඨමාලාව හැදෑරූ පළමු සිසු කණ්ඩායමේ සහතික පත් ප්‍රදානෝත්සවය පසුගියදා සාර්ථකව පවත්වන ලදී.

මාලබේ The Regent Country Club හෝටලයේදී එම උළෙල උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණේ, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් Prime Group හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතා‌ගේ සහභාගිත්වයද සමගිනි. Transco Properties හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී අසීර් නවාස් මහතා සහ Transco Digital හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දිනෙත් සිල්වා මහතාද එම උළෙලට එක් වූහ. 

දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයට නිපුණ වෘත්තිකයින් පිරිසක් බිහි කිරීම සඳහා 2025 ජනවාරි මාසයේදී ආරම්භ කළ Pro Realtors Academy මෙරට දේපොළ වෙළෙඳාම් සංවර්ධන ක්ෂේත්‍රයේ ඉතිහාසය තුළ සිය නාමය රඳවන්නේ, දේපොළ වෙළඳාම් සම්බන්ධ අධ්‍යාපනය මෙරටට හඳුන්වා දුන් පුරෝගාමී ආයතනය වශයෙනි. ඊට TVEC (තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව) සහතිකය හිමි වීමත් සමග, Pro Realtors Academy දේපොළ වෙළෙඳාම් සංවර්ධන ක්ෂේත්‍රයේ අධ්‍යාපනය පිරිනමන මෙරට එකම සහතිකලත් ආයතනය බවටද එය පත්විය. ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, නවෝත්පාදන සහ අවස්ථා උදාකිරීමට Pro Realtors Academy දක්වන කැපවිම පිළිබිඹු කරමින් එලෙස TVEC සහතිකය හිමි විම, හුදෙක් එම ක්ෂේත්‍රයට පමණක් සීමාවන ජයග්‍රහණයක් නොවේ. එය මුළු මහත් රටටද සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ, ක්ෂේත්‍රයට පා තැබීමට උනන්දු සිසුන්ට සාර්ථක වෘත්තීය අවස්ථා උදාකර ගැනීමට අවස්ථාව සලසමින් ඔවුන්ගේ ඉරණම වෙනස් කිරිමටද ඉවහල් වන්නක් නිසාය. එමෙන්ම, විධිමත් දැනුමක් සහිත නිපුණතාවයෙන් පිරිපුන් දේපොළ වෙළෙඳාම් වෘත්තිකයන් මෙන්ම දූරදර්ශී දැක්මෙන් යුත් අනාගත නායකයින් පිරිසක්ද ක්ෂේත්‍රයට දායාද කරමින්, ශ්‍රී ලාංකේය දේපොළ වෙළඳාම් ක්ෂේත්‍රයේ අනාගතය හැඩ ගැස්වීමේ   ආයතනික අරමුණ පිළිබඳවඳ එය කදිම සාක්ෂියකි.  

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Transco Properties හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී අසීර් නවාස් මහතා මෙලෙස පැවසීය. “මින් පෙර, දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සඳහා විධිමත් අධ්‍යාපනයක් ලබාගත හැකි මගක් හෝ සම්බන්ධතා ගොඩනගා ගතහැකි ඩිජිටල් අවකාශයක් තිබු‌ණේ නැහැ. ඒ වගේම, ක්ෂේත්‍රයේ  දේශීය හා ජාත්‍යන්තර තරගකාරිත්වයට අපේ වෘත්තිකයින් සූදානම් කළ හැකි පුහුණුවක් තිබුණේත් නැහැ. ඒ හේතුවෙන්, අපි Pro Realtors Academy ස්ථාපිත කළේ ක්ෂේත්‍රයට විධිමත් අධ්‍යාපනයක් පිරිනමන ස්ථානයක් විදිහට පමණක් නොවෙයි, වෘත්තීය දේපොළ වෙළඳාම් ප්‍රවීණතා පාඨමාලාව පිරිනමන ශ්‍රී ලංකාවේ ප්‍රථම මධ්‍යස්ථානය විදිහටයි. ඒ අනුව, Pro Realtors Academy දැන් කටයුතු කරන්නේ, දේපොළ වෙළඳාම් ක්ෂේත්‍රයේ අනාගත හැඩරුව වෙනස් කිරීමට හැකි වන පරිදි පුද්ගලයින් සවිබල ගැන්වීමටයි.”

ශ්‍රී ලංකාවේ දේපල වෙළඳාම් ක්ෂේත්‍රයට පිවිසීමට උනන්දුවක් දක්වන ඕනෑම අයෙකු සඳහා නිර්මාණය කර ඇති මාස 2ක අර්ධ-කාලීන පාඨමාලාවක් වන PRO Realtor පාඨමාලාව, මූලික විෂය කරුණුවලින් ආරම්භ කර ක්‍රමයෙන් උසස් මාතෘකා වෙත සිසුන් යොමු කරන පාඨමාලාවකි. ඒ හේතුවෙන්, ඒ පිළිබඳ මූලික අවබෝධයක් නොමැති ඕනෑම අයකුටද පාඨාමාලාවට ඇතුළත්ව පහසුවෙන් විෂය කරුණු හැදෑරිය හැකි වේ. දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නව ව්‍යාපාර පිහිටුවීම සහ ශ්‍රී ලංකා දේපොළ වෙළෙඳ පොළ ඇතුළු සියලුම මාතෘකා ආවරණය වන පරිදි මෙහි විෂය නිර්දේශය සකස්කර ඇති අතර, ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදුකෙරේ. මේ වන විට, පාඨමාලාවේ ඉැගැන්වීමේ කටයුතු සිංහල භාෂාවෙන් පමණක් සිදුකෙරෙන අතර, ඉංග්‍රීසි බසින් පාඨමාලා පවත්වන ලෙසට ඉල්ලුම් කරන සිසුන්ගේ පහසුව තකා, නොබෝ කලකින්ම ඉංග්‍රීසි භාෂාවෙන්ද පාඨමාලාව පැවැත්වීමට ඇකඩමිය අපේක්ෂා කරයි. පාඨමාලාවට සහභාගි වී ඉගෙනුම් කටයුතු සාර්ථකව අවසන් කරන සිසුන්ට දේපොළ වෙළඳාම් නියෝජිතයින්, දේපොළ කළමනාකරුවන්, ආයෝජන උපදේශකයින් වශයෙන් වෘත්තියට පිවිස, ඉන් විශිෂ්ටත්වය කරා යාමට හැකි වේ. එපමණක් නොව, රට තුළ තමන්ගේම දේපොළ වෙළඳාම් ව්‍යාපාරයක් ඇරඹීමේ සිහිනය සැබෑ කරගැනීමට වුව හැකිවන පරිදි ක්ෂේත්‍රය තුළ සිසුන් සවිබල ගැන්වීම ඉන් සිදුකෙරේ. 

Transco Properties මගින් සාර්ථකව දියත් කෙරෙන Pro Realtors Academy, මෙරට දේපොළ වෙළඳාම් ක්ෂේත්‍රයට විධිමත් වාත්තිකයින් පිරිසක් බිහිකිරිම සඳහා ඉවහල් වන ප්‍රමිතීන් හඳුන්වාදෙන අතරෙහි,  එම ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය ළඟකර ගැනීමට අවශ්‍ය දැනුම, අවබෝධය හා නිපුණතා වර්ධනය කිරිම තුළින් ඔවුන්ට වෘත්තීය ක්ෂේත්‍රය වෙත සාර්ථකව  පිවිසීමට සවිබල ගන්වයි. 


Share with your friend