SLIIT හි පරිගණක පීඨය විසින් පරිගණක ක්ෂේත්‍රයේ දියුණුව සඳහා අඛණ්ඩව සය වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර සමුළුව (International Conference on Advancements in Computing – ICAC 2024) පසුගියදා සාර්ථක අයුරින් නිමාවට පත් විය. ‘කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වූ අනාගතයක් සඳහා දැනුම පුළුල් කිරීම’ (Bridging Horizons for Artificial Intelligence Powered Future) මෙවර සමුළුවේ ප්‍රධාන තේමාව වූ අතර 2024 දෙසැම්බර් මස 12 සිට13 දක්වා පැවති මෙම සමුළුව සඳහා පරිගණක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ දේශීය හා ජාත්‍යන්තර පර්යේෂකයන් 120 කට අධික පිරිසක් සහභාගී විය.

ICAC සමුළුව 2019 වසරේදී මුල් වරට ආරම්භ කෙරුණු අතර එය අඛන්ඩව ක්‍රියාත්මක වූ හයවන අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. පරිගණක ක්ෂේත්‍රයේ දැනුම, තාක්ෂණික ප්‍රවණතා සහ නවතාවයන් පිළිබඳව දැනුම හා තොරතුරු හුවමාරු කර ගැනීම මෙම සමුළුවේ මූලික අරමුණ වේ. මෙම සමුළුවට සමගාමීව පූර්ව සම්මන්ත්‍රණ වැඩමුළු මාලාවක්, කීර්තිමත් මහාචාර්යවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ දේශන හා තාක්ෂණික සැසි 20කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් විය.
Google H Index 14 දර්ශකය සහ Scopus-indexed දර්ශකයට අනුව පිළිගැනීමට ලක්ව ඇති ICAC 2024 සමුළුව සඳහා පරිගණක ක්ෂේත්‍රයට අදාළව අති නවීන තේමා දහයක් ඔස්සේ දේශීය සහ විදේශීය පර්යේෂකයන් විසින් මූලික ඉදිරිපත් කිරීම් 299 ක් ඉදිරිපත් කර තිබුණි. අත්දැකීම් සහිත විද්වත් විචාරකයින් 160 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති දැඩි අධීක්ෂණ ක්‍රියාවලියකින් අනතුරුව මෙහි කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ උසස් මට්ටමේ ගුණාත්මක භාවයෙන් යුත් පර්යේෂණ පත්‍රිකා 99 ක් තෝරා ගන්නා ලදී.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (Auckland University of Technology) මහාචාර්ය විලියම් වොන්ග්, ඔස්ට්‍රේලියාවේ RMIT විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නලීන් ආරච්චිලගේ සහ ඕස්ට්‍රේලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලයේ (Curtin University) ආචාර්ය නික්සන් කැරී යන කීර්තිමත් විද්වතුන්ගේ ප්‍රධාන දේශන තුනක් මෙම සමුළුවට අන්තර්ගත විය.
SLIIT හි පරිගණක පීඨයේ උපකුලපති මහාචාර්ය නුවන් කෝදාගොඩ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ICAC 2024 සමුළුව මගින් කෘතිම බුද්ධිය සහ පරිගණකකරණය සම්බන්ධයෙන් වන පුරෝගාමී පර්යේෂණ සඳහා SLIIT ආයතනය විසින් කරනු ලබන කැපවීම මනාව පෙන්නුම් කරනවා. පර්යේෂකයන් 120 කට වැඩි පිරිසක් එකතු කරගනිමින්, වටිනා පර්යේෂණ පත්‍රිකා 99 ක් ඉදිරිපත් කරමින්, තාක්‍ෂණයේ අනාගතය ගොඩනගන නවෝත්පාදනයන් නිර්මාණය කිරීමට මේ තුළින් අපිට අවස්ථාව ලැබුණා.”
AI, LLMs and Explainable AI, ස්වයංක්‍රීය බුද්ධි යන්ත්‍ර සහ පද්ධති (Autonomous Intelligent Machines & Systems), කෘෂි තාක්‍ෂණය (Agrotechnology), සෞඛ්‍ය ආරක්ෂණ සහ සහායක තාක්‍ෂණ (healthcare & assistive technologies), පරිගණක දැක්ම සහ ස්වභාවික භාෂා සැකසුම් (Computer Vision and Natural Language Processing), තිරසර සමාජ-ආර්ථික පද්ධති (Sustainable Socio-economic Systems), ආරක්ෂිත ඩිජිටල් පරිසර පද්ධති (Secure Digital Eco Systems), අධ්‍යාපනික තාක්ෂණයන් (Educational Technologies) සහ අන්තර් සබඳතා සැලසුම් ජීවන තත්ත්වය වර්ධනය කිරීම යන පර්යේෂණ තේමා 10 මත මෙම සමුළුව පදනම් විය.
SLIIT හි පරිගණක පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රදීප් අබේගුණවර්ධන මහතා මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය. “AI උත්පාදන, සෞඛ්‍ය ආරක්ෂණ තාක්‍ෂණ සහ තිරසර පද්ධති ඇතුළු ඉතා වැදගත් ක්ෂේත්‍ර පිළිබඳව සමුළුවේ අවධානයට ලක් කිරීම තුළින් ජීවිතයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා පරිගණකකරණයේ ප්‍රායෝගික යෙදුම් ඉදිරියට ගෙන යාමට SLIIT විසින් දක්වන කැපවීම මේ හරහා පිළිබිඹු කෙරෙනවා. මේ සඳහා ජාත්‍යන්තර පර්යේෂකයන් දක්වන ශක්තිමත් සහභාගීත්වය සහ IEEE හි තාක්ෂණික අනුග්‍රහය නිසා ICAC සමුළුවේ දියුණුව ගෝලීය පිළිගැනීමට හේතු වී තිබෙනවා.”

ICAC 2024 සමුළුවේ තාක්‍ෂණික සම අනුග්‍රහය IEEE Sri Lankan Chapter හා IEEE Computer Society යන ආයතන විසින් ලබා දී තිබුණි. ඊට අමතරව Curtin University, BPC Banking Technologies, Deakin University, Creative Software and Peoples’ Leasing යන විශ්වවිද්‍යාල හා ආයතන ද මෙම සමුළුව සඳහා සිය සාඩම්බර අනුග්‍රාහක දායකත්වයන් ලබා දී තිබුණි.
2019 වසරේ ආරම්භයේ සිටම ICAC සමුළුව දැනුම, නැගී එන නව තාක්ෂණික ප්‍රවණතා සහ පරිගණකකරණයේ නව්‍යකරණයන් හුවමාරු කර ගැනීම සඳහා මෙන්ම SLIIT ආයතනය, තාක්ෂණික පර්යේෂණ සහ සංවර්ධන ගමන් මග තුළ ඉදිරියෙන්ම ස්ථානගත කිරීම සඳහා කැපවී කටයුතු කළේය.
ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් අධ්‍යයන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කරමින්, නවීන තාක්‍ෂණික අවබෝධය හා ඥාණය හුවමාරු කර ගැනීම සඳහා ජාත්‍යන්තර පර්යේෂකයන් ඒකාබද්ධ කිරීමට ICAC 2024 සමුළුව සමත් වී ඇත. නවීන තාක්‍ෂණික සාකච්ඡා සහ ජාත්‍යන්තර පර්යේෂණ ගමන් මගට ළඟාවීම සඳහා නැගී එන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කරමින්, දැනුම හුවමාරු කර ගැනීම සඳහා ද මෙම සමුළුව පහසුකම් සලසා දී තිබේ.