SLIIT හි දේශීය හා ජාත්‍යන්තර පරිගණක විද්‍යා උපාධි වැඩසටහන් අනාගත නවෝත්පාදකයින් සවිබල ගන්වයි 

Share with your friend

SLIIT ආයතනය, දේශීයව හා ජාත්‍යන්තරව පිළිගත් තොරතුරු තාක්ෂණ (IT) උපාධි පාඨමාලා රැසක් පිරිනමමින්, පරිගණක අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තවදුරටත් ප්‍රමුඛස්ථානයේ රැඳී සිටී. වර්තමානයේදී SLIIT ආයතනය, පරිගණක අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගමනාන්තය ලෙස ඉහළ පිළිගැනීමකට පාත්‍ර වී ඇති අතර, එය අනාගත පරපුරේ තාක්ෂණික නිපුණත්වයන් බලගැන්වීම සඳහා අඛන්ඩව මග පෙන්වාලමින්, සාඩම්බර වූ උරුමයක් පවත්වා ගෙන යනු ලබයි.

අධ්‍යයන විශිෂ්ටත්වය, ගෝලීය සහයෝගීතාවයන් සහ කර්මාන්ත සබඳතා සමගින් ආයතනය විසින් මෙහෙයවන පාඨමාලා, අනාගත පරපුරේ තාක්ෂණික නවෝත්පාදකයින්, ගැටළු වලට විසඳුම් සොයන්නන් සහ ගෝලීය ඩිජිටල් ආර්ථිකයේ අභියෝග භාර ගැනීමට සූදානම් නායකයින් බලගැන්වීම  අරමුණු කොටගෙන සැලසුම් කර ඇත.

SLIIT හි පරිගණක පීඨයේ, 13,000 කට වැඩි විවිධත්වයකින් යුත් ශිෂ්‍ය ප්‍රජාවක් සිටින අතර එම සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. SLIIT ජාතික වශයෙන් වැදගත් වූ ප්‍රමුඛතාවයන්ට සහ ගෝලීය වෙළඳපොළ අවශ්‍යතාවයන්ට සරිලන උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා රැසක් පිරිනමමින්, රටේ විශාලතම හා වඩාත්ම ක්‍රියාශීලී ආයතනය ලෙස කටයුතු කරයි.

අධ්‍යයන විශිෂ්ටත්වය සහ කර්මාන්ත ක්ෂේත්‍රයන්ට ඇති ශක්තිමත් සම්බන්ධතාවය  වෙනුවෙන් පිළිගැනීමට ලක්ව ඇති SLIIT ආයතනය, ශ්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත විශ්වවිද්‍යාල අතරින් ප්‍රමුඛ ස්ථානයක්  හිමිකර ගෙන ඇත. Times Higher Education (THE) 2025 ගෝලීය විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව, SLIIT දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල අතරින් 3 වන ස්ථානයට එක්ව ඇති අතර, Times Higher Education (THE) 2025 හි පරිගණක විද්‍යාව පිළිබඳ ගෝලීය විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව, SLIIT පරිගණක පීඨය රටේ ප්‍රමුඛතම ස්ථාන දෙක අතරට සහ ගෝලීය වශයෙන් 1001+ කාණ්ඩයේ ස්ථානගත කර ඇත. එමෙන්ම එහි පාඨමාලා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය (Institution of Engineering and Technology – IET) විසින් අනුමත කර ඇති අතර එය පර්යේෂණ, නවෝත්පාදන සහ අධ්‍යයන කාර්ය සාධනයේ නායකත්වය තහවුරු කරනු ලබයි.

SLIIT හි පාඨමාලා සැලසුම් කර ඇත්තේ අනාගත රැකියා අවස්ථාවන් ප්‍රධාන කර ගෙනය. පරිගණක උපාධිධාරීන්ගෙන් 98% කට වඩා වැඩි ප්‍රමාණයක් උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව රැකියා අවස්ථා හිමි කර ගන්නා බැවින්, පරිගණක පීඨය සීමාවාසික පුහුණුව, පුළුල් පැවරුම් ව්‍යාපෘති සහ ඩිජිටල් අංග භෞතික ලෝකය සමග ඒකාබද්ධ කිරීම හරහා ප්‍රායෝගික ඉගෙනීම් ලබා දෙයි. සිසුන්හට න්‍යායාත්මක දැනුම පමණක් නොව, දේශීය හා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් 1,000 කට වැඩි ප්‍රමාණයක් සමගින් පවත්වනු ලබන සහයෝගීතාවයන් හරහා ඔවුන්ට වර්තමානයේ පවතින ගැටළු විසඳීමේ කුසලතා ද ලබා ගැනීමට මේ හරහා අවස්ථාව සැලසේ.

SLIIT හි පරිගණක පීඨයේ සහකාර උපකුලපති මහාචාර්ය නුවන් කෝදාගොඩ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”පරිගණක පීඨය තුළදී අපි සිසුන්ට උගන්වන්නේ තාක්ෂණය පමණක් නොවේ, අපි ඔවුන්ගේ අනාගතය හැඩගස්වා ගැනීමට ඔවුන්ව සූදානම් කරනවා. අපගේ තොරතුරු තාක්ෂණ, මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව, දත්ත විද්‍යාව, සයිබර් ආරක්ෂාව, පරිගණක විද්‍යාව සහ පරිගණක පද්ධති ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පාඨමාලා සහ විවිධ පශ්චාත් උපාධි පාඨමාලා හරහා, වර්තමාන ලෝකයේ පවතින අභියෝගවලට මුහුණ දීම සඳහා කුසලතා සහ ප්‍රායෝගික අත්දැකීම් සිසුන්ට ලබා දෙනවා. සීමාවාසික පුහුණුව, ව්‍යාපෘති සහ හවුල්කාර පාර්ශව සමගින් එක්ව, අපි සිසුන්ගේ දක්ෂතාවයන් සොයා ගැනීමට, නවෝත්පාදනය කිරීමට සහ ඔවුන්ව වර්ධනය කිරීමට සහයෝගය ලබා දෙනවා. අපගේ සරල ඉලක්කය වී තිබෙන්නේ, ඔබ ලෝකය වෙත පා තබන විට, ඔබට රැකියාව පමණක් නොව, ලෝකයට වෙනසක් එක් කිරීමට ද සූදානම් පුද්ගලයෙකු බවට සහතික කිරීමයි. SLIIT ශිෂ්‍යයෙකු කැපී පෙනෙන්නේ ඒ අනුවයි.”

SLIIT ආයතනය සතුව පවතින අති නවීන යටිතල පහසුකම් අතරට නවීන පරිගණක විද්‍යාගාර, නවෝත්පාදන මධ්‍යස්ථාන සහ ප්‍රායෝගික අධ්‍යාපනය සඳහා සහාය වන පර්යේෂණ පහසුකම්, AI සඳහා සුවිශේෂී වූ මධ්‍යස්ථාන ඇතුළත් වේ. එහි පවතින ප්‍රමුඛතම කෘත්‍රිම බුද්ධි විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre of Excellence in Artificial Intelligence – COEAI) හරහා නිර්මාණශීලී භාවිතයන් ක්‍රියාත්මක කෙරෙන පසුබිමක් නිර්මාණය කරයි.

ක්‍රියාකාරී පර්යේෂණ ප්‍රදාන, ගෝලීය විශ්වවිද්‍යාල සහයෝගීතා, CODEFEST වැනි පිළිගැනීමක් සහිත ජාත්‍යන්තර තරග සහ ICAC (www.icac.lk) වැනි ඉහළ ශ්‍රේණිගත ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණ සමගින් SLIIT ආයතනය, අදහස් සමෘද්ධිමත් කරමින්, සිසුන්හට නායකත්වයේ පෙරමුණ ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරයි.

වර්තමානය වන විට SLIIT ආයතනය තොරතුරු තාක්ෂණය (IT) , මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව ඇතුළු ක්ෂේත්‍රවල විශේෂඥතාව (specializing in areas including Software Engineering), දත්ත විද්‍යාව (Data Science), තොරතුරු පද්ධති ඉංජිනේරු විද්‍යාව (Information Systems Engineering), පරිගණක පද්ධති සහ ජාල ඉංජිනේරු විද්‍යාව (Computer Systems and Network Engineering), මාධ්‍ය අන්තර් සබඳතා (Interactive Media) සහ සයිබර් ආරක්ෂාව (Cyber Security) වැනි විෂය ක්ෂේත්‍ර පදනම් කර ගත් සිව් අවුරුදු විශේෂ ගෞරව උපාධි පාඨමාලා පිරිනමනු ලබයි. මීට අමතරව, පරිගණක විද්‍යාව (Computer Science) සහ පරිගණක පද්ධති ඉංජිනේරු විද්‍යාව (Computer Systems Engineering) පිළිබඳව ද උපාධි පාඨමාලා පිරිනමයි.

මහාචාර්යවරුන් 11  දෙනෙකු සහ ආචාර්යවරුන් 32 දෙනෙකු ඇතුළු 200 කට වැඩි අධ්‍යයන කාර්ය මණ්ඩලයක් සහිත SLIIT ආයතනය, සිය කාර්ය මණ්ඩලය විශේෂඥතාව, කැපවීම සහ කාර්යක්ෂමතාව සාඩම්බරව විදහා දක්වයි. SLIIT ආයතනය විසින් ඉහළම ශ්‍රේණිගත ගෝලීය විශ්වවිද්‍යාල සඳහා හුවමාරුවීමේ අවස්ථාවන් සහ ද්විත්ව උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ද මාවත සලසා දේ. එමෙන්ම ජාත්‍යන්තර පිළිගැනීමක් සහිතව උපාධිධාරීන්, උසස් අධ්‍යාපනය හැදෑරීමට හෝ විදේශයන්හි රැකියා අවස්ථා හිමි කර ගැනීමට හොඳින් සුදානම් කරනු ලබයි.

ඩිජිටල් ආර්ථිකයේ වේගවත් දියුණුව සමඟින් යන මේ ගමන් මගෙ කොටස්කරුවෙකු වීමට SLIIT ආයතනය තාක්ෂණයට  උනන්දු සහ උද්‍යෝගිමත් සිසු දරුවන්ට ආරාධනා කරයි. මේ  හරහා ලෝකය හැඩගස්වා ගැනීමට සූදානම් අනාගතයක් නිර්මාණය කරගැනීමට ඔවුන්ට රුකුලක් වෙයි

මෙම උපාධි පාඨමාලා සහ ඒ සඳහා ලියාපදිංචි වීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු www.sliit.lk හෝ https://www.sliit.lk/computing/ වෙබ් අඩවි වෙත පිවිසීමෙන් හෝ +94 11 754 4801 යන දුරකථන අංකය ඔස්සේ ලබා ගත හැකිය.


Share with your friend