SOS ළමා ගම්මාන වැඩසටහන ශ්‍රී ලංකාවේ හතළිස් වසරක මෙහෙවර සමරයි

Share with your friend

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන පසුගියදා සිය වසර 40 ක මෙහෙවර සැමරීම සඳහා විශේෂ සැමරුම් වැඩසටහනක් සංවිධානය කළේ ය. මේ වනවිට ශ්‍රී ලංකාවේ 12,000 කට අධික පිරිසකට SOS ළමා ගම්මාන වැඩසටහන මගින් සෘජු ප්‍රතිලාභ හිමි වී ඇති අතර, ඊට අමතරව විවිධාකාර සමාජ සුභසාධන වැඩසටහන් ඔස්සේ සෙත සැලසුණු සංඛ්‍යාව 50,000 කට අධික වේ. 

මෙම සැමරුම වෙනුවෙන් වූ ප්‍රධාන උත්සවය පිළියන්දල SOS ළමා ගම්මානයේ ජාතික පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වුණු අතර, එදින ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් විශේෂ මුද්දරයක් හා මුල්දින කවරයක්ද නිකුත් කරන ලදි. ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති නන්දසිරි පොන්නම්පෙරුම, තැපැල්පති රංජිත් ආරියරත්න, SOS තානාපති රොෂාන් මහානාම, SOS ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි සහ ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ තවත් සාමාජික සාමාජිකාවෝ පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. 

“අපගේ 40 වන සංවත්සරය වෙනුවෙන් මෙලෙස සමරු මුද්දරයක් නිකුත් වීම අපට මහත් ආඩම්බරයක්. ඒ වෙනුවෙන් අප ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට ස්තූතිවන්ත වනවා. ජාත්‍යන්තර SOS වැඩසටහන ආරම්භ කරන ලද්දේ ‘සෑම දරුවෙකුම පවුලකට අයත් විය යුතු අතර ආදරය, ගෞරවය සහ ආරක්ෂාව ඇතිව හැදී වැඩීමට ඔවුන්ට අවස්ථාව තිබිය යුතු ය’ යන දැක්ම මුල්කරගෙනයි.  මෙම විශ්වීය අරමුණ හා වගකීම පෙරදැරිව ශ්‍රී ලංකාවේ ළමා හා තරුණ පරපුර නගාසිටුවීම සඳහා අප මෙතෙක් ඉටුකර ඇති මෙහෙවර සම්බන්ධයෙන් අපට නිහතමානීව සතුටු වන්නට පුළුවන්. ඒ වෙනුවෙන් SOS මවුවරුන්, සහය කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන හයෙහි අධ්‍යක්ෂවරුන් සහ නන් අයුරින් මේ වැඩසටහන සාර්ථක කරගැනීමට දායක වූ අනෙකුත් සියලුම දෙනාට මගේ ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා පැවසී ය. 

සමරු මුද්දරය සහ විශේෂ මුල්දින කවරය 
A group of people standing in front of a podiumDescription automatically generated with medium confidenceA picture containing person, red, people, posingDescription automatically generated

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනට වසර 40 ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මුල් දින කවරය, තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් නිල වශයෙන් නිකුත් කරන ලද අවස්ථාව 

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනෙ 40 වැනි සංවත්සරය වෙනුවෙන් නිර්මාණය කරන ලද ලාංඡනය සහ මේ දක්වා එම වැඩසටහන විසින් පසුකරන ලද සුවිශේෂී සන්ධිස්ථාන මෙම සමරු මුද්දරයට ඇතුළත් වී තිබේ. දරුවන්ට අධ්‍යාපනය ලබාදීම, පවුලේ රැකවරණයට සමාන රැකවරණයක් ඔවුන්ට ලබාදීම, පුළුල් සමාජයක් තුළ සහෝදර සහෝදරියන් සමග හැදී වැඩීමට අවස්ථාව සලසා දීම, සහ විශේෂයෙන්ම SOS දරුවන්ට ‘අම්මා’ ලෙස ආමන්ත්‍රණය කළ හැකි මවුවරුන්ගේ රැකවරණය හිමිකර දීම මෙම වැඩසටහනේ කැපීපෙනෙන මෙහෙවර අතරින් ප්‍රධාන තැනක් ගනී. 

JOY නමින් සිහිවටන ග්‍රන්ථයක් ප්‍රකාශයට පත්කිරීම 
A group of people posing for a photoDescription automatically generatedC:\Users\MurshidZ\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\JOY book.jpg

තම හැකියාවන් වැඩිදියුණු කරගනිමින් සමාජයට වැඩදායී පුරවැසියන් බවට පත්වීමට සමත් වූ SOS දරුවන් පිළිබඳ තොරතුරු ‘JOY’ (Journey of Our Youth) ග්‍රන්ථයට ඇතුළත් වී ඇත. ශ්‍රී ලංකාවේ SOS ළමා වැඩසටහන මගින් දරුවන්ට ලබාදෙන, පවුලකට සමාන රැකවරණයේ සුවිශේෂීත්වය මෙම පොතේ ඇතුළත් ඡායාරූප හා තොරතුරු මගින් මනාව පැහැදිලි වේ.  

විශේෂ වර්ණ ප්‍රදානය 

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වල රැකවරණය යටතේ හැදී වැඩී ඉන් නික්ම ගොස්, ක්‍රීඩා හා අධ්‍යාපන කටයුතු වලින් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණයන් හිමිකරගත් පිරිසක් වෙනුවෙන් මෙහිදී විශේෂ වර්ණ ප්‍රදානයක්ද සිදුකරන ලදි. 

වසර 25 ක සේවා කාලයක් සම්පූර්ණ කළ SOS සේවක සේවිකාවන් පිරිසකගේ සේවය අගයමින් ඔවුන්ට සමරු ඵලක පිරිනැමීමක්ද සිදු විය. 


Share with your friend