Eyeview Sri Lanka

Sysco LABS වෙතින් SLIIT CODEFEST 2024: ‘AI Sprint’ තරගාවලියට අනුග්‍රහය

Share with your friend

Sysco LABS පසුගියදා SLIIT CODEFEST 2024: ‘AI Sprint’ තරගාවලියට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදීම සඳහා SLIIT (Sri Lanka Institute of Information Technology) සමග අත්වැල් බැඳගත්තේය. මෙම තරගය සිසුන්ට තම AI තාක්ෂණික හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට මෙන්ම, ක්ෂේත්‍රයට අදාළ සංකීර්ණ ගැටලු සඳහා ප්‍රායෝගික විසඳුම් යෝජනා කිරීමට ලැබුණු මහඟු අවස්ථාවක් විය. මෙවර තරගයේදී ඉතිහාසයේ ප්‍රථම වරට Sysco LABS විසින් AI තාක්ෂණය මූලික  කරගත් තේමාවක් හඳුන්වා දෙන ලදී.  එහිදී තරග වැදුණු කණ්ඩායම්වලට ඩොලර් ට්‍රිලියනයකට අධික වටිනාකමකින් යුත්  Sysco ගෝලීය ආහාර සේවා කර්මාන්තයට අදාළ අභියෝග විසඳීම සඳහා AI තාක්ෂණය මූලික කරගත් විසඳුම් නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදෙන ලදි. 

අවසන් තරගයේදී තරගකරුවන් Shark-tank තේමාවක් අනුව තම යෝජනා ඉදිරිපත් කළ අයුරු 

SLIIT CODEFEST 2024: ‘AI Sprint’ තරගයට එක් කණ්ඩායමකට 10 දෙනෙකු බැගින් වන කණ්ඩායම් 156 ක් ලියාපදිංචි වී සිටි අතර, ඒ අතරින් කණ්ඩායම් 19 ක් අවසන් වටයට සුදුසුකම් ලැබූහ. තරගයේ අවසන් වටය SLIIT විශ්ව විද්‍යාලයේදී පැවැත්විණි. මොරටුව විශ්ව විද්‍යාලයේ කණ්ඩායම් 7 ක්, SLIIT  කණ්ඩායම් 5 ක්, රුහුණ විශ්ව විද්‍යාලයේ කණ්ඩායම් 3 ක්, IIT කණ්ඩායම් 2 ක්, කොළඹ විශ්ව විද්‍යාලයේ එක් කණ්ඩායමක් සහ NSBM  එක් කණ්ඩායමක් අවසන් වටයට සුදුසුකම් ලැබීමට සමත් වූහ. Hackathon ආකෘතියකට අනුව තරග පැවැත්වුණු අතර, Sysco LABS à·„à·’ විශේෂඥයන් විසින් තරගකරුවන්ට මගපෙන්වීම් සිදුකරන ලදි. 

Sysco LABS අනුග්‍රහයෙන් පැවැත්වුණු SLIIT CODEFEST 2024: ‘AI Sprint’ තරගයේ ජයග්‍රාහකයන් බවට පත් වූ NSBM ආයතහයේ ‘Team CTRL

“තාක්ෂණ ක්ෂේත්‍රය යනු ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන ප්‍රධානතම මූලාශ්‍රවලින් එකක් බවට පත්වෙමින් තිබෙනවා. මෙම ක්ෂේත්‍රය ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රයක් බවට පත්කිරීමේ උත්සාහය බලගන්වනු ලබන්නේ එහි සාමාජික සාමාජිකාවන් විසිනුයි. මේ වන විට තාක්ෂණ ක්ෂේත්‍රයේ AI පෙරළිය සීග්‍රයෙන් සිදුවෙමින් තිබෙනවා. මෙම නව දිශානතිය හොඳින් වටහාගෙන සිටින නිසාම අප මෙවර SLIIT CODEFEST තරගය AI තාක්ෂණය මූලික කරගෙන පැවැත්වීමට තීරණය කළා. මෙම පසුබිම  à¶­à·”à·… ශ්‍රී ලංකාවේ තාක්ෂණ ක්ෂේත්‍රයේ මීළඟ පරපුර ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ ආරම්භක අවධියේදීම AI තාක්ෂණයට සහ අනෙකුත් නැගී එන තාක්ෂණයන්ට වැඩි වැඩියෙන් නිරාවරණය කිරීම ඉතාමත් වැදගත්. එමගින් අපට සමස්තයක් ලෙස මෙම ක්ෂේත්‍රයේ ගෝලීය තරගකාරීත්වය ඉහළ නැංවීමට හැකියාව ලැබෙනවා. මෙම තරගකරුවන් දිගින් දිගටම AI තාක්ෂණයේ හැකියාවන් ගවේෂණය කරනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.” Sysco LABS කළමනාකාර අධ්‍යක්ෂ රසික කරුණාතිලක මහතා පැවසීය 

තරගයේ විනිශ්චයකරුවන් සහ උපදේශකවරුන් ලෙස කටයුතු කළ Sysco LABS විශේෂඥයන් 

අවසන් තරගයේදී ‘Shark-tank’ තේමාව මුල් කරගත් ඉසව්වකදී තම යෝජනා ජ්‍යෙෂ්ඨ Sysco LABS විශේෂඥයන් 6 දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කිරීමට තරගකරුවන්ට අවස්ථාව ලැබිණි. තරගයේ ප්‍රථම ස්ථානය NSBM ආයතනයේ Team CTRL විසින් දිනාගන්නා ලද අතර, රුහුණු විශ්ව විද්‍යාලයේ Team Inception විසින් දෙවැනි ස්ථානයද, IIT ආයතනයේ AI Alchemists සහ SLIIT ආයතනයේ Team Data Wizards විසින් සම-තුන්වැනි ස්ථානද දිනාගන්නා ලදි. 

Sysco LABS අනුග්‍රහයෙන් පැවැත්වුණු SLIIT CODEFEST 2024: ‘AI Sprint’ තරගාවලියට එක් වූ සියලු තරගකරුවන්

“තරගකරුවන් සියලුම දෙනා තරගය සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දැක්වීම අපට මහත් සතුටක්. මෙය සැලසුම් කළේ තරගකරුවන්ට තම AI දැනුම වැඩි කරගනිමින් එම තාක්ෂණය ප්‍රායෝගික විසඳුම් නිර්මාණය කිරීමට භාවිතා කරන අතරම Sysco LABS à·„à·’ තාක්ෂණ විශේෂඥයන් සමග එක්ව කටයුතු කිරීමට අවස්ථාවක් උදා කර දීමටයි. Sysco LABS යනු ඩොලර් ට්‍රිලියනයකට අධික වටිනාකමකින් යුත් ආහාර සේවා කර්මාන්තයට සම්බන්ධ සමාගමක්. අපගේ විශේෂඥයන් දිනපතාම සැබෑ ලෝකයේ පවතින ගැටලු විසඳීමට AI තාක්ෂණය භාවිතා කරනවා. අප විශ්වාස කරන්නේ, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ශ්‍රම බලකායට ඇතුළු වන මොහොත වන විටම AI තාක්ෂණය පිළිබඳ දැනුම මෙන්ම එම තාක්ෂණයට ගැළපෙන ආකල්පද ඔවුන් තුළ වර්ධනය වී තිබිය යුතු බවයි. අප SLIIT CODEFEST 2024: ‘AI Sprint’ සමග අත්වැල් බැඳගත්තේ ඒ නිසයි. මෙය ශ්‍රී ලංකාවේ තාක්ෂණ කර්මාන්තයේ ආදායම් ඉපයීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා AI කුසලතා වැඩිදියුණු කිරීමට අප ගන්නා උත්සාහයේම දිගුවක් ලෙස හඳුන්වීමට පුළුවන්.”  Sysco LABS  à·„à·’ අධ්‍යක්ෂ (Engineering and Architecture) නිශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසී ය. 

Sysco LABS පිළිබඳව 

Sysco LABS ලොව විශාලතම ආහාර සේවා සම්පාදක වන Sysco Corporation (NYSE: SYY) à·„à·’ ගෝලීය In-House Center ලෙස කටයුතු කරයි. Fortune 500 සමාගම් අතර 54 වන ස්ථානයේ හිමි කරගෙන සිටින Sysco ඩොලර් ට්‍රිලියන ගණනක වටිනාකමකින් යුත් ආහාර සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස සැලකේ. 

Sysco à·„à·’ සේවය කරන සංඛ්‍යාව 76,000 කට අධික වන අතර, ලොව පුරා එහි සුහුරු බෙදාහැරීම් මධ්‍යස්ථාන 340 කට වැඩි සංඛ්‍යාවක් පිහිටා ඇත. එමෙන්ම එය සතු IoT තාක්ෂණික පහසුකම් සහිත ට්‍රක් රථ 14,000 කට වැඩි සංඛ්‍යාවක් ලොව පුරා පාරිභෝගික ස්ථාන 730,000 කට අධික සංඛ්‍යාවක ස්ථානගත කර තිබේ. 2024 ජූනි 29 දිනයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා සමාගමේ විකුණුම්වල මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 78 ඉක්මවයි. 

Sysco සමාගමේ මෙහෙයුම් දාමය බලගන්වන තාක්ෂණය සැපයීම Sysco LABS, Sri Lanka මගින් සිදුකෙරේ. 

ආහාර නිෂ්පාදනය කිරීම, ප්‍රදර්ශනය කිරීම, ගබඩා කිරීම, ඇණවුම් කිරීම හා මිල නියම කිරීම මෙන්ම Sysco හි ගෝලීය ජාලය තුළ ආහාර හා වෙනත් භාණ්ඩ බෙදා හැරීමේ සිට පාරිභෝගිකයන් ආපනශාලාවලදී ආහාර ගැනීම දක්වාම Sysco LABS තාක්‍ෂණයන් විහිදී පවතී. 


Share with your friend
Exit mobile version