‘Excellence Hub’ විසඳුම වෙනුවෙන් ‘Best Innovation in Internal Process, Technology or Framework’’ කාණ්ඩය යටතේ ජාතික සහ පළාත් සම්මාන හිමි වේ.
Sysco LABS හි Delivery Excellence කණ්ඩායම අඛණ්ඩව දෙවැනි වරටත් SLASSCOM Ingenuity Awards හිදී ‘Best Innovation in Internal Process, Technology or Framework’ කාණ්ඩය යටතේ ජාතික සහ පළාත් සම්මාන දිනාගැනීමට සමත් විය. එමෙන්ම සමාගමේ Platform Services and Digital Infrastructure Business අංශයේ කොටසක් වන Hybrid Cloud Operations කණ්ඩායම නිර්මාණය කළ ‘Patch 360’ විසඳුම වෙනුවෙන් එම කණ්ඩායමට, එම කාණ්ඩයේම ජාතික මට්ටමේ තුන්වැනි ස්ථානය හිමි විය. ලොව විශාලතම ආහාර සේවා සපයන්නා වන Sysco වෙත අඛණ්ඩ නවෝත්පාදනයන් සහ වටිනාකම් පිරිනැමීමට Sysco LABS කණ්ඩායම දරන නොපසුබට උත්සාහය හා කැපවීම මෙම ජයග්‍රහණ මගින් මැනැවින් නිරූපණය වේ.
ඡායාරූපය 01: Delivery Excellence කණ්ඩායම ‘Excellence Hub‘ වෙනුවෙන් ‘Best Innovation in Internal Process, Technology or Framework’ කාණ්ඩය යටතේ හිමි වූ ජාතික සම්මානය පිළිගත් අවස්ථාව
ඡායාරූපය 02: Hybrid Cloud Operations කණ්ඩායම නිර්මාණය කළ ‘Patch 360’ විසඳුම වෙනුවෙන් ‘Best Innovation in Internal Process, Technology or Framework’ කාණ්ඩය යටතේ ජාතික මට්ටමේ තුන්වැනි ස්ථානය හිමි වූ අවස්ථාව
ඡායාරූපය 03: Delivery Excellence කණ්ඩායමේ සාමාජිකයන් ‘Excellence Hub‘ වෙනුවෙන් ‘Best Innovation in Internal Process, Technology or Framework’ කාණ්ඩය යටතේ බස්නාහිර පළාත වෙතින් හිමි වූ පළාත් සම්මානය පිළිගනිමින්