Eyeview Sri Lanka

TFO නවතම ශාඛාව උත්සවාකාරයෙන් වැලිසර නගරයේදී විවෘත වුණ වගයි!

Share with your friend

TFO නමින් ප්‍රචලිත The Factory Outlet, ශ්‍රී ලාංකීය ඔබට කවදත් නවීන විලාසිතාවන්ගෙන් සපිරුණු සුවිශේෂී ඇඳුම් ආයිත්තම් හඳුන්වා දුන් විලාසිතා සන්නාමයකි.

ඒ අනුව 2025 මාර්තු මස පළමු වන දා TFO නවතම ශාඛාව මහත් උත්සවාකාරයෙන් වැලිසරදී විවෘත වූ අතර, එහි සමාරම්භක අවස්ථාවට සමගාමීව සුවිශේෂී විලාසිතා දැක්මක්ද පැවැත්විණි. එම ප්‍රදර්ශනයේදී TFO සන්නාමයට පමණක්ම සුවිශේෂී වූ විවිධාකාරයේ මෝස්‌තර රටාවන්ගෙන්, වර්ණයන්ගෙන්, සහ විලාසිතාවන්ගෙන් යුත් කාන්තා, පිරිමි හා ළමා නිමි ඇඳුම් සහ විවිධ ආයිත්තම් ඇතුළු බොහෝ දේ එළිදක්වනු ලැබිණ.  

විශේෂයෙන්ම ලාංකිකයන් උත්සවාකාරයෙන් සමරනු ලබන රාමසාන් සහ අවුරුදු උත්සව මූලික කර ගනිමින්, එයට ගැළපෙන විලාසිතා බොහෝමයක් එහිදී ප්‍රදර්ශනය කෙරුනු අතර, වැලිසරදී විවෘත වුණ මෙම නවතම TFO ප්‍රදර්ශනාගාරය තුළින් උත්සව සමයේදී පාරිභෝගික ඔබට අවශ්‍යය නවීන විලාසිතාවන්ගෙන් යුත් ඇඳුම් ආයිත්තම් සිතැඟි පරිදි මිලදී ගත හැක.

එම මොහොත තව දුරටත් අමතක නොවන අත්දැකීමක් බවට පත් කරලමින්, මේ වන විට ලාංකීය රසික ප්‍රජාව අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටින යොවුන් ගායන ශිල්පිනී “සනා” ඇගේ ගායනයෙන්, නර්ථනයෙන් සහ වර්ණවත් විලාසිතාවන්ගෙන් ප්‍රේක්ෂකාගාරය පුබුදු කරවන්නට සමත් විය.

නවීන විලාසිතාවන්ගෙන් යුත් විලාසිතා දැක්ම සහ “සනාගේ” සහභාගීත්වයෙන් හැඩ වැඩ වුණ මෙම නවතම TFO ශාඛාවේ සමාරම්භය තව දුරටත් සුවිශේෂී කරන්නට එදින පාරිභෝගිකයන් හට පිරිනමන ලද ඇදැහිය නොහැකි වට්ටම් රැසක්ද හේතු සාධක විය.

එසේම දිනපතා TFO ශාඛාවන් තුළින් ලබා ගත හැකි සුවිශේෂී වට්ටම් සහ දීමනා ඇතුළු වෙනත් තොරතුරු පිළිබඳ දැනුවත් වීම සඳහා කරුණාකර ඔවුන්ගේ Facebook (@TFO Facebook) සහ Instagram (@tfostore) පිටු සමඟින් සම්බන්ධ වන්න.


Share with your friend
Exit mobile version