Unimo Enterprises සමාගම  මගින් වරක් ආරෝපණය කිරීමෙන් කි.මී 530 ක දුරක් ධාවනය කල හැකි නව JMEV ELIGHT සෙඩාන් මෝටර් රථය මෙරටට හදුන්වා දෙයි.

Share with your friend

United Motors Lanka PLC ආයතනයට පුර්ණ අනුබද්ධිත Unimo Enterprises Limited ආයතනය ,JMEV ELIGHT EV Sedan  විද්‍යුත් මෝටර් රථය හඳුන්වා දීම පසුගිය දා සිදුවිය.

තිස් වසරකට වැඩි මෝටර් රථ ක්ෂේත්‍රයේ අත්දැකීම්වලින් සන්නද්ධ Unimo ආයතනය, ඉහළ ගුණාත්මක තත්ත්වයේ නවීන  මෝටර් රථ අලෙවියෙන්, ප්‍රවාහන ක්ෂේත්‍රයේ දිගුකාලීන පුරෝගාමීයකු ලෙස කටයුතු කරයි.මේ වනවිටත් ,ඔවුන්  SERES  විද්‍යුත් මෝටර් රථ  ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී රියදුරන්  සදහා මිලදී ගැනීමට අවස්ථාව ලබාදී ඇත.

Unimo ආයතනයේ  ශාඛා මහනුවර, නුගේගොඩ, මාතර, කුරුණෑගල, බොරැල්ල සහ රත්නපුර යන නගරවල ව්‍යාප්තව ඇති අතර දිවයින පුරා පුළුල් සේවා ජාලය මගින් අලෙවියෙන් පසු සේවා පහසුකම් සලසයි.

පාරිභෝගික පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා, UML ජංගම යෙදුම (Mobile app )හරහා සේවාවන් වෙන්කරවා ගැනීමට ,අමතර කොටස් සහ අනෙකුත් උපකාරක සේවාවන් ලබාගැනීම පහසු කර ඇත.

JMEV ELIGHT EV Sedan රථය 63kWh NCM (Nickel Cobalt Manganese) බැටරියක් සහිතව සකසා ඇති අතර බැටරිය ඉහළ ධාරිතාවයක් දරමින්  දිගු කාලයක් රදා පවතී. ඒ මෙන්ම උසස් තාප ස්ථායිතාවයක් ඇති බැවින්, දිගු දුර ධාවනයක් සහ වැඩි ආරක්ෂාවක් සහතික කරයි.රථයෙහි 118 kW උපරිම බලශක්තියක් නිපදවිය හැකි අතර  DC විදුලි ආරෝපණය මගින් බැටරිය 30 % සිට 80% දක්වා මිනිත්තු 27 ක් වැනි කෙටි කාලයකින් ආරෝපණය කළ හැක .එබැවින් මෙම රථය දිගු දුර ගමන් සඳහා ද ඉතා සුදුසුවේ.

මෙම මෝටර්  රථයේ පවතින සුවිශේෂී අංග ,

• ස්වයංක්‍රීය වේග පාලනය ( Cruise Control )

• වාහනය නවතා ඇතිවිට  පිටුපසින් එන බාධක හඳුනා ගැනීමට ඇති  සංවේදක.

• අංශක 360ක කැමරා  දෘශ්‍යපථය.

• යතුරු නැතිව වාහනය දොර විවෘත කිරීම  සහ Push Start ක්‍රමය.

• උසස් තත්ත්වයේ ස්පීකර් 6ක් සමඟ අනර්ඝ ශබ්ද පද්ධතිය.

• ABS, EBD, ESC, EBA, HSA යන නවීන ආරක්ෂක පහසුකම් හා තවත් බොහෝ අංගයන්.

මෙම සුවිශේෂී අංගයන් මගින් ඉහළ මට්ටමේ ආරක්ෂාව, සුවපහසුව, විනෝදාස්වාදය සහ මනා සංයමයකින් රිය පැදවීමේ හැකියාව සහතික කරයි.

ELIGHT EV Sedan මෝටර් රථය නිපදවන JMEV වෙළඳ නාමය, JMCG මෝටර් රථ සමාගමට අයත් දෙවන නිමැයුම වන අතර, JMCG  යනු ජාත්‍යන්තර මෝටර් රථ කර්මාන්තයේ ප්‍රබල සමාගම් කිහිපයක් අතරින් ඇමරිකා, ජපන් සහ යුරෝපිය  තාක්ෂණික සහයෝගිතාවන් මත ක්‍රියාත්මක වන සුවිශේෂී ආයතනයක් වේ.

 මේ වන විට JMCG මෝටර් රථ සමාගම රටවල් 115කට අධික ප්‍රමාණයකට වාහන අපනයනය කරමින්, ලොව පුරා පාරිභෝගික ජනතාව අතර විශ්වාසය දිනාගත් රථ වාහන සන්නාමයක් බවට පත් ව ඇත.මෙම JMC සමූහයේ JMEV යනු එහි විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදන අංශයයි.  JMEV සන්නාමය එම සමාගමේ තිරසාර ගමන් මගෙහි එක් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක.

2015 දී ආරම්භ වු JMEV, ඉතා කෙටි කාලයකින් ආනයනික අලුත් වාහන වෙලදපොලේ ප්‍රමුඛයෙකු  බවට පත් ව ඇත. අද වනවිට ,JMEV විසින් එක්සත් ජනපදය ඇතුලු රටවල් 20කට අධික ප්‍රමාණයකට මෝටර් රථ විශාල වශයෙන් අලෙවි කර ඇත.

ශ්‍රී ලංකාවේදී ,පසුගිය අවුරුදු 17ක කාලය තුළ JMC සමාගමේ ICE රථ වාහන 1,000කට අධික ප්‍රමාණයක් අලෙවිය සිදු කර ඇත.

මෙම මෝටර් රථ සඳහා අමතර කොටස් හා සේවා Unimo Enterprises Ltd විසින් United Motors නමින් දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාල හරහා අලෙවියෙන් පසු සේවාවන් සිදු කරනු ලබයි.

Unimo Enterprises Ltd ආයතනය විසින් JMEV ELIGHT EV sedan මෝටර් රථය හඳුන්වා දීම මෙරට රථවාහන වෙලදපොලේ පෙරළිකාර සිදුවීමක් බවට පත්ව ඇත.

සෙඩාන් මෝටර් රථය පාරිභෝගිකයන් ගේ දෛනික අවශ්‍යතාවන්ට ,ජීවන රටාවන්ට ගැලපෙන ලෙස නිර්මාණය කර ඇති අතර, සුව පහසු ලෙස ගමන් කිරීමට මනා ඉඩ කඩකින් යුතුව ඇතුලත නිමවා ඇත.ඒ නිසා, නවීන මාදිලියේ සහ දෛනික භාවිතයට සුදුසු, මෝටර් රථය සොයන පාරිභෝගිකයින් සඳහා මෙය හොඳම තේරීමක් වේ.

ශ්‍රී ලංකාවේ රියදුරන්ට තත්වයෙන් උසස් හා පහසුවෙන් ධාවනය කල හැකි මෝටර් රථ සදහා විශේෂ අවධානයක් යොමු කරමින්, Unimo ආයතනය නවීන විද්‍යුත් මෝටර් රථ මාදිලීන් රැසක් ඉදිරි අනාගතයේදී රථවාහන වෙලදපොලට හදුන්වා දීමට බලාපොරොත්තුවෙන් සිටියි.
 වැඩිදුර තොරතුරු සඳහා, කරුණාකර අමතන්න: 0117 565 180


Share with your friend