‘Unleash’ සන්නාමය, ශ්‍රී ලංකාවේ MMA ක්‍රීඩකයින් ජාත්‍යන්තර සටන් පිටියට සූදානම් කරමින් නිල වශයෙන් දියත් කෙරෙයි

Share with your friend

Unleash Global පුද්ගලික සමාගම, ශ්‍රී ලංකාවේ සටන් ක්‍රීඩා ඉතිහාසයට නවතම පරිච්ඡේදයක් එක්කරමින්, එම සමාගමේ සුවිශේෂී සටන් ක්‍රීඩා ප්‍රවර්ධන සන්නාමය වන “Unleash” පසුගියදා නිල වශයෙන් දියත් කරනු ලැබීය. 

සටන් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරව ප්‍රබල ස්ථානයක් හිමි කරදීමේ අරමුණෙන්, දියත් කළ ‘Unleash’  සටන් ක්‍රීඩාවේ ග්‍රැප්ලින්, මුවායි තායි සහ MMA (මිශ්‍ර සටන් කලාව) කෙරෙහි අවධානය යොමු කරයි. ඒ හරහා දේශීය සටන් ක්‍රීඩකයින් ගොඩනගන අතරෙහි, ඔවුන් ජාත්‍යන්තර පිටියෙහි සටන් සඳහා යොමු කරමින්, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයෙහි දීර්ඝ කාලයක් තිස්සේ පැවති සටන් කලාවෙහි අඩුව පියවීමට Unleash පියවර ගනියි. 

මෙම සන්නාමය නිල වශයෙන් දියත් කිරීමත් සමග එහි සමාරම්භක ඉසව්ව ලෙසින්, Unleash Absolute Warriors Season 1,  ජූනි 14 වැනිදා කොළඹ Royal MAS Arena හිදී පැවැත්විණි. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ උස්බෙකිස්තානය යන රටවල තරගකරුවන් 28 දෙනෙකු තරග වැදුණු  උද්වේගකර සටන් 14 ක් එදින පැවති අතර,  කොළඹ, යාපනය, ගාල්ල සහ කුරුණෑගල වැනි නගර නියෝජනය කරමින් තරගාවලියට එක් වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ, දේශීය සටන් කලාවේ තියුණු හැකියාවන් විදහා දැක්වූහ.  

සටන් ක්‍රීඩාව පිළිබඳ දැඩි ඇල්මෙන් යුතු සිව් දෙනෙකුගේ නිර්මාණයක් වන ‘Unleash’, කසුන් ද සිල්වා (ජාත්‍යන්තර අත්දැකීම් සහිත පරාජය නොවූ MMA සටන්කරු), ප්‍රශාන්ත වනිගසූරිය (පළපුරුදු ව්‍යවසායක), ෂමායිල් අන්නම් (ක්‍රමවේදී), සහ ෂසීන් අන්නම් (MMA ක්‍රියාකාරික) යන පිරිස‌ගේ සාමූහික වෑයමක ප්‍රතිඵලයකි. 

Unleash පිළිබඳව කසුන් ද සිල්වා මහතා සිය අදහස් දැක්වූයේ මෙලෙසයි: “Unleash සමාගමකින් එහාට ගිය සංස්කෘතික ප්‍රතිනිර්මාණයක්. එය සටන් සම්බන්ධයෙන් පමණක් නොවෙයි, විනය, පරිවර්තනය සහ සටන් ක්‍රීඩා ලෝකයේ තම සලකුණ තැබීමට කැමති දක්ෂ ශ්‍රී ලාංකිකයන් සඳහා අවස්ථාවන් උදාකිරීමේ ව්‍යාපාරයක්. අද වන විට ජාත්‍යන්තරව සටන් ක්ෂේත්‍රයේ සමස්ත ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 9 ඉක්මවා තිබෙනවා. ශ්‍රී ලංකාවටත් එයින් කොටසක් ලබාගැනීමට සුදුසුම කාලය දැන් එළඹී තිබෙනවා. අපේ රටේ තරුණ පරපුර ක්‍රීඩාශීලී පිරිසක් කිරීමේ ‘From Screen Time to Gym Time’ මෙහෙවරට අනුව කටයුතු කරන ‘Unleash’ ශ්‍රී ලංකාවේ සටන් ක්‍රීඩා ක්ෂේත්‍රයේත්, සමාජයේත් ප්‍රබල බලවේගයක් බවට පත්වීමට සූදානම්.”

ඉකුත්දා පැවති තරගාවලියෙන් අනතුරුව, ‘Unleash’ ඉදිරියේදී සටන් තරග මාලාවක් පැවැත්වීමට නියමිතය. තරගාවලියේ දෙවැනි අදියර (Season 2) 2026 ජනවාරි මාසයේදී පැවැත්වේ. එමෙන්ම, තුන්වන අදියර (Season 3) පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ඉන්දියාවේදී වන අතර, කලාපීය වශයෙන් සටන් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අභිලාෂයද එමගින් අවධාරණය කෙරේ.

මේ පිළිබඳ, සම්මුඛ සාකච්ඡා, මාධ්‍ය සහයෝගීතාවන් පිළිබඳව හෝ තරග විස්තර දැනගැනීමට, media@unleashcombat.com වෙබ් අඩවිය ඔස්සේ සහ @unleashcombat හරහා සම්බන්ධ විය හැක. 


Share with your friend