WEBXPAY ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් සේවාවන් පුළුල් කිරීම සඳහා Visa සමග අත්වැල් බැඳගනී

Home » WEBXPAY ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් සේවාවන් පුළුල් කිරීම සඳහා Visa සමග අත්වැල් බැඳගනී
Share with your friend

ශ්‍රී ලංකාවේ online ගෙවීම් පිළබඳ ද්වාර විසඳුම් සම්බන්ධ ප්‍රමුඛයා වන WEBXPAY, මෙරට ඩිජිටල් ගෙවීම් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් Visa සමග හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම හවුල්කාරීත්වය විශේෂයෙන්ම මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට අතිශයින් වැදගත් වනු ඇත. මෙමගින් දිවයින පුරාම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වල ඩිජිටල් ගෙවීම් භාරගැනීමේ හැකියාවන් වැඩිදියුණු කිරීමටත්, එම ව්‍යාපාර වලට ලොව පුරා වීසා කාඩ්පත් හිමියන් සමග ගනුදෙනු කිරීමට අවස්ථාව සලසා දීමටත් WEBXPAY සමාගමට හැකියාව ලැබේ. මෙය එම කාණ්ඩයේ ව්‍යාපාර වලට දියුණුවට අත්වැලක් වෙමින්, රටේ ආර්ථිකය නැවත නගාසිටුවීමට මහඟු දායකත්වයක් ලබාදෙනු නො-අනුමාන ය. 

WEBXPAY ව්‍යාපෘති කළමනාකාරිනී නැටලී ෆනෑන්ඩස්, අධ්‍යක්ෂ (ව්‍යාපාර සංවර්ධන සහ මෙහෙයුම්) ක්‍රිෂාන් සමරසිංහ, නිර්මාතෘ හා සභාපති ඔමාර් සහිබ් සමග Visa හි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා දේශීය කළමනාකාරිනී අවන්ති කොළඹගේ සහ එහි අධ්‍යක්ෂ (MS& A) නලින් දිසානායක යන මහත්ම මහත්මීන් 

ආසියානු පැසිෆික් කලාපයේ ‘Visa Acceptance Fast Track’ වැඩසටහන යටතේ, 2025 වසර වනවිට මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර 10,000 කට ඩිජිටල් ගෙවීම් භාරගැනීමේ පහසුකම් ලබාදීමට WEBXPAY අපේක්ෂා කරයි.  ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය නංවාලීම සඳහා 2025 වසර වනවිට රු. බිලියන 10 කට Gross Merchant Volume (GMV) මට්ටමක් වාර්තා කරගැනීම මෙහි මූලික ඉලකය වේ. මෙය soft POS හරහා contactless වර්ගයේ ගෙවීම් භාරගැනීම් වැඩි කිරීමටත්, soft POS තාක්ෂණය සමග tap to phone ක්‍රම ක්‍රියාත්මක කිරීමටත්, අඩු වියදම් face to face ගෙවීම් භාරගැනීමේ ක්‍රම ක්‍රියාවට නැංවීමටත් මහෝපකාරී වනු ඇත. COVID-19 හේතුවෙන් ඇති වූ බලපෑම් අවම කරගැනීමට ව්‍යාපාර උත්සාහ දරමින් සිටින මේ මොහොතේ මෙවැනි තාක්ෂණයන් වැඩි පාරිභෝගික ප්‍රජාවක් ආකර්ෂණය කරගැනීමට නිසැකවම ඉවහල් වන අතර, මෙමගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදී ගැනීමෙන් අනතුරුව ඉතාමත් පහසුවෙන් ගෙවීම් කිරීම සඳහා විකල්ප ක්‍රම හිමි වේ. 

“කුඩා ව්‍යාපාර හිමියන් බොහෝ විට තම ව්‍යාපාර දියුණු කරගැනීම සඳහා නවීන තාක්ෂණය භාවිතයට ගැනීමට උනන්දු වනවා. අප කළ යුතු වන්නේ ඒ සඳහා අවශ්‍ය සහය ලබාදීමයි. Visa Acceptance Fast Track  වැඩසටහන යටතේ මේ ආකාරයට WEBXPAY සමග අත්වැල් බැඳගෙන ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ ව්‍යාපාර දහස් ගණනකට ඩිජිටල් තාක්ෂණය වෙත යොමුවීමට අත්වැලක් සැපයීමට හැකිවීම අපට සතුටක්. Visa සේවාවන් සමග WEBXPAY හි ගෙවීම් ද්වාර විසඳුම් එක්වීම නිසා දැන් කුඩා ව්‍යාපාර වලට ස්පර්ශ රහිතව සුරක්ෂිත ලෙස ගෙවීම් භාරගැනීම සඳහා tap to phone ක්‍රමවේදය භාවිතා කරමින් තම ව්‍යාපාර නැවත ගොඩනංවා ගැනීමට හැකියාව ලැබෙනවා.” Visa හි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා දේශීය කළමනාකාරිනී අවන්ති කොළඹගේ මහත්මිය පැවසුවා ය. 

“ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සම්බන්ධ අපගේ සේවාවන් හා සමාජයීය ඉලක්ක ළඟා කරගැනීම සඳහා Visa මගින් ලබාදෙන සහයෝගය අප බෙහෙවින් අගය කරනවා. මේ හවුල්කාරීත්වය නිසා දේශීය ඩිජිටල් ගෙවීම් සම්ප්‍රදායන් පුළුල් කිරීම සඳහා වඩාත් වේගවත්, පහසු හා කාර්යක්ෂම ගෙවීම් විසඳුම් ලබාදීමට අප සතු හැකියාව තවදුරටත් ශක්තිමත් වන අතර, ඒ ඔස්සේ අපට සමස්තයක් ලෙස රටේ ඩිජිටල් ආර්ථිකය වර්ධනය කිරීම සඳහා පරිවර්තනීය කාර්යභාරයක් ඉටුකිරීමට හැකියාව ලැබේවි.” WEBXPAY නිර්මාතෘ ඔමාර් සහිබ් මහතා පැවසී ය. 

මේ වනවිට දිවයින පුරා ව්‍යාපාර 2,000 කට අධික සංඛ්‍යාවක් භාවිතා කරන WEBXPAY ඒකාබද්ධ සේවාව අලෙවිකරුවන්ට දින 3 ක් වැනි කෙටි කාලයක් තුළ online හරහා ගනුදෙනු ආරම්භ  කිරීමට අවස්ථාව සලසා දෙයි. මෙමගින් ඕනෑම ප්‍රමාණයක ව්‍යාපාරයකට ගැළපෙන සහනදායී විසඳුම් හිමිවන අතර, එකම පදනමක් තුළ සීමිත ගෙවීම් ක්‍රම සහිත සුරක්ෂිත, සහනදායී සහ පරිපූර්ණ ඩිජිටල් ගෙවීම් විසඳුමක් ඔවුන්ට හිමි වේ. මෙය ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු පහසු කිරීමටත්, එය වඩාත් ඉක්මනින් පුළුල් කිරීමටත් ලැබෙන අගනා අවස්ථාවකි.  

ඉතා මෑතකදී WEBXPAY විසින් ඕස්ට්‍රේලියානු රජයේ විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව (DFAT) සමග හවුල්කාරිත්වයකට අත්සන් තබන ලදි. ඩිජිටල් ගෙවීම් සේවාවන් ලබාගැනීමේ අවස්ථාවන් පුළුල් කරමින්, ඩිජිටල් විප්ලවයේ කොටස්කරුවන් වීම සඳහා දිවයින පුරා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට අවස්ථාව ලබාදීම ඔස්සේ, COVID-19 හේතුවෙන් බලපෑම් වලට ලක්වූ ග්‍රාමීය ආර්ථිකයන් නගාසිටුවීම එහි අරමුණ විය. 

2015 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම online ගෙවීම් එකතු කිරීමේ සේවාව වශයෙන් සාමාන්‍ය මට්ටමින් ආරම්භ වූ WEBXPAY මේ වනවිට ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම online ගෙවීම් ද්වාර විසඳුම් සපයන්නා බවට පත් වී තිබේ. මෙරට සුළු පරිමාණ ව්‍යාපාර මෙන්ම මහා පරිමාණ සමාගම් අතරද එම සේවාව මේ වනවිට වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී. අනාගතයට ගැළපෙන පුළුල් හා මධ්‍යගත ගෙවීම් හැකියාවන්ගෙන් යුත් ශක්තිමත් වේදිකාවක් හඳුන්වා දීමෙන් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය වර්ධනය කිරීමේ අරමුණ ඇතිව WEBXPAY දිවයින පුරා විසිරී පවතින සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙත ඩිජිටල් ගනුදෙනු තාක්ෂණයන් සමීප කරවීමේ මෙහෙවරෙහි නිරත වී සිටී. මෙම වසර තුළදී සමාගමේ ප්‍රධානතම ඉලක්කයක් වන්නේ, මාර්ගගත සහ මාර්ගගත නොවන ගෙවීම් භාරගත හැකි Point of Sales (POS) විසඳුම් හඳුන්වා දීම තුළින් තම සේවාවන්හි අගය තවදුරටත් වර්ධනය කරගැනීම ය. 

වීසා පිළිබඳව:

වීසා යනු රටවල් 200කට අධික සංඛ්‍යාවක් හරහා පාරිභෝගිකයන්, වෙළෙන්දන්, මූල්‍ය ආයතන සහ රාජ්‍ය ආයතන අතර ගනුදෙනු සඳහා පහසුකම් සපයන ඩිජිටල් ගෙවීම්වල ලොව ප්‍රමුඛයෙකි. අපගේ මෙහෙවර වන්නේ පුද්ගලයන්ට, ව්‍යාපාරවලට සහ ආර්ථිකයන්ට දියුණු වීමට හැකි වන පරිදි වඩාත් නව්‍ය, පහසු, විශ්වාසදායක සහ ආරක්ෂිත ගෙවීම් ජාලයක් හරහා ලෝකය සම්බන්ධ කිරීමයි. සෑම තැනකම සිටින සෑම කෙනෙකුම ඇතුළත් වන ආර්ථිකයන්, සෑම තැනකම සෑම කෙනෙකුම නඟා සිටුවීම සහ මුදල් සංචලනයේ අනාගතය සඳහා ප්‍රවේශය මූලික පදනමක් ලෙස දකින බව අපි විශ්වාස කරමු. Visa ආයතනයේ වැඩි විස්තර දැන ගැනීමට පිවිසෙන්න Visa.com


Share with your friend

Leave a Reply

%d bloggers like this: