ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Alumex PLC, සිය කීර්තිමත් ගමනේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පසුගියදා විප්ලවීය ‘Ascend’ පහසුකම මෙරටට හඳුන්වාදෙන ලදී. Aluminium High Pressure Die Casting (HPDC) සහ dedicated Aluminium Balcony Assembly Line machines ඇතුළු නව තාක්ෂණ ක්‍රමවේදයන් සමඟින් ඇලුමිනියම් කර්මාන්තයේ නවෝත්පාදනය, ගුණාත්මකභාවය සහ තිරසාරභාවය ඉහළ නැංවීම සඳහා නිරන්තරයෙන් කැපවෙන Alumex විසින් තබන ලද සාර්ථක පියවරක් ලෙස මෙම නවීන Ascend’ පහසුකම හැඳින්විය හැකි අතර එය වෙළෙඳපල පැවැත්මද සවිමත් කරනු ඇත. මෙම උසස් නිෂ්පාදන හැකියාවන් මෙරටට හඳුන්වාදීම ඔස්සේ , විදෙස් පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා මෙන්ම දැනට පවතින සහ නව විදේශීය වෙළෙඳපල අවස්ථා ආකර්ෂණය කර ගැනීම Alumex PLC හි මූලික පරමාර්ථය වේ.

නිරවද්‍යතාවයෙන් සහ ශක්තිමත් බවෙන් උසස් මෙන්ම ප්රශස්ත මෝස්තර යටතේ සංකීර්ණ ඇලුමිනියම් නිෂ්පාදනයන් කාර්යක්ෂමව නිමා කිරීමට මෙම නවීන Aluminium High Pressure Die Casting යන්ත්‍රය මඟින් ප්රශස්ත විශ්වසනීය ක්‍රමවේදයක් ඉදිරිපත් කරයි.මෙම තාක්ෂණය මෝටර් රථ, ඉලෙක්ට්‍රොනික් සහ ඉදිකිරීම් ක්ෂේත්රය ඇතුළු කර්මාන්ත රැසක් සඳහා ඉවහල් වන අතර මෙමඟින් දිගු කල්පැවැත්මක් සහිත සැහැල්ලු විසඳුම් නිර්මාණය සඳහා අවකාශය උදා කරයි.
එමෙන්ම සංකීර්ණ හැඩතල නිර්මාණය කිරීම සඳහා මෙහි ඇති හැකියාව මඟින් විධිමත් සහ ඉහළ පරිමාවකින් යුත් නිෂ්පාදන සිදුකළ හැකි අතර ඒ ඔස්සේ පිරිවැය කාර්යක්ෂමතාව සහතික කරමින් නවෝත්පාදනය පිළිබඳ අවස්ථාවන් පිරිනමයි. විදේශීය වෙළෙඳපලවල නේවාසික මෙන්ම වාණිජ ව්‍යාපෘති සඳහා ගැළපෙන විශාල පරිමාණයේ ඇලුමිනියම් බැල්කනි පද්ධති පුද්ගල අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි නිර්මාණය කිරීම මෙම නව Balcony Assembly Line machines මඟින් සිදුකරයි. මෙම පද්ධති දිගුකල් පැවැත්ම, නවීන සෞන්දර්යාත්මකභාවය සහ නිෂ්පාදන ගුණාත්මකභාවය ද සහතික කරයි.

මෙම නව තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ නිපදවන සෑම නිෂ්පාදනයක්ම ඊට අදාළ ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල බව සහතික කිරීමටද Alumex PLC විසින් කටයුතු කරන අතර ඒ ඔස්සේ ඉහළ නිරවද්‍යතාවයකින් අපනයන ක්ෂේත්රයේ සහ දේශීය වෙළෙඳපල තුළ වැඩි වන ඉල්ලුම සපුරාලීමට හැකියාව ලැබෙනු ඇත.
Alumex PLC විසින් දැනට කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක් ඇතුළුව ජාත්‍යන්තර වෙළෙඳපල සමඟ අපනයන කටයුතු දියත් කර ඇති අතර ඒ කෙරෙහි ආයතනයේ උපායමාර්ගික දැක්ම සහ මෙහෙයුම් ක්‍රියාවලිය උපයෝගි වී ඇත.
මේ පිළිබඳ අදහස් දක්වමින් Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂක ප්රමුක් දැදිවෙල මහතා මෙසේ සඳහන් කළේය. “ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් කර්මාන්තය තුළ විප්ලවීය වෙනසක් ඇති කරමින් මෙම Industry 4.0 පරිවර්තනීය යුගයේදී, Alumex PLC නව්‍යකරණයේ ඉදිරියෙන්ම සිටිනවා.නවීන තාක්ෂණය පිළිබඳ පසක් කරන මෙම නවතම නිෂ්පාදන පහසුකම අපගේ නිෂ්පාදන එකතුව පුළුල් කරමින් පාරිභෝගිකයන්ට වැඩි වටිනාකමක් පිරිනැමීමට උපකාරී වෙනවා.එපමණක් නොව, ජාත්‍යන්තර වෙළෙඳපල තුළ විශිෂ්ට සන්නාමයක් ලෙස Alumex සන්නාමයේ ස්ථානය තහවුරු කිරීමට ද, ශ්‍රී ලංකාව උසස් තත්ත්වයේ ඇලුමිනියම් සඳහා ගැළපෙන විසඳුම් සපයන්නෙකු බව තහවුරු කරමින් ආර්ථික වර්ධනය කෙරෙහි ප්‍රබල පිටුබලයක් සැපයීමට ද එය ඉවහල් වෙනවා.”
Alumex හි උසස් පහසුකම් මඟින් නිෂ්පාදනය වැඩි දියුණු කරන අතර එහි අනාගත අභිවෘද්ධිය සහ ඇලුමිනියම් පිළිබඳ තාක්ෂණික දියුණුව වෙනුවෙන් වේදිකාවක් ද සකසයි. ඇලුමිනියම් කර්මාන්තයේ අනාගතය සකස් කිරීම , නවෝත්පාදනයන් ඔස්සේ ක්ෂෙත්රයේ දියුණුව ඉදිරියට රැගෙන යාම සහ විශිෂ්ටත්වය සඳහා වූ නොසැලෙන කැපවීම වෙනුවෙන් සිය නායකත්වය සැපයීමට Hayleys සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් ද්‍රව්‍ය අංශයේ ප්‍රමුඛතම ආයතනය ලෙස Alumex PLC බලාපොරොත්තු වේ.