ආහාර ජෛව විවිධත්වයේ කොටසක් ලෙස නොසිතන්නේ ඇයි?

Share with your friend

ඌන භාවිතයක් සහිත භෝග; ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ ඊළඟ පියවර

නූතන ශ්‍රී ලාංකිකයන්ගේ මුතුන් මිත්තන් පරිසරය සමඟ සුහදව ජිවත් වූ අතර ඒ බව ඉතිහාසගත වාර්තාව මැනවින් දක්වා තිබේ. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය තවමත් එම පැරණි අවශේෂයන්ගෙන් පිරී තිබෙන අතර වැඩි වශයෙන් ග්‍රාමීය ප්‍රජාව ඒවාට උරුමකම් කියයි.

මෙම මුතුන් මිත්තන් වරෙක ආහාර සොයමින් වනාන්තර කරා ගමන් කළ අතර පසුව එම අහාර ගෘහස්ථව වගා කරමින් ඒවා පිළිබඳ දැනුම අනාගත පරපුරට ද ලබා දුන්හ. එක්සත් රාජධානියෙන් හරි අඩක් පමණ වූ දූපතක් වුව ද කෘෂිකාර්මික වටිනාකමක් ඇති ශාක විශේෂ 700 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතු වේ. මෙය ශ්‍රී ලංකාවේ ශාක ජෛව විවිධත්වයට කදිම නිදසුනකි.

සොබාදහම අප මුතුන් මිත්තන් කාරුණික වූ අතර ඔවුන්ගේ ආහාරයට ධනය, එළවළු සහ පලතුරු සැපයීය. මේවා කාබනික, පෝෂ්‍යදායී සහ විවිධාකාරී වූ අතර වඩා වැදගත් කරුණ වූයේ ඒවා සැපයුම් දාමයන් මත රඳා නොසිටීම සහ ගෝලීය වෙළඳපොළ අස්ථාවරත්වයන්ගේ බලපෑමට ලක් නොවීමයි. එසේම කාලගුණික හා දේශගුණික වෙනස්කම් ආහාර සුරක්ෂිතතාවයට බාධාවක් නොවූ අතර එමඟින් නිතර විවිධත්වයෙන් යුත් ආහාර වේලක රස බැලීමට අවස්ථාව උදාවිය.

ශ්‍රී ලංකාවේ ආහාර පිසීමේ සම්ප්‍රදාය සරල වන අතර  ‘කෑමට හැකි ඕනෑම දෙයක් රසවත් ව්‍යංජනය බවට පත්කළ හැකිය’ යන මතය තවමත් සියලුදෙනා අතර පවතියි. කෙසේ වෙතත් ධාන්‍ය, කොළ, එළවළු සහ පලතුරු තෝරාගැනීමට ඇති ප්‍රමාණය සීමා වී ඇත. එසේම ලාභදායිත්වය, ගෝලීය පාර්ශවකරුවන්, බහුජාතික කෘෂිකාර්මික සමාගම්වල අවශ්‍යතා සහ මාධ්‍ය යන සියල්ලක්ම කලාපීය හා ජාතික වශයෙන් ආහාර සැකසීමේ ක්‍රියාවලියට විශාල බලපෑමක් සිදු කරයි.

කෙසේ වෙතත් මෙම විවිධත්වයක් නොමැතිකමට හේතු ලෙස, නොදැනුවත්බව සහ විකල්පයන් හිඟවීම පෙන්වා දිය හැකිය. සාමාන්‍යයෙන් ග්‍රාමීය සහ නාගරික පාරිභෝගිකයින් විසින්  සුපිරි වෙළඳසැල්, වෙළඳපොල සහ සිල්ලර වෙළඳසැල් වල ඇති වාණිජමය වශයෙන් වගා කරන භෝග පරිභෝජනය කරනු ලබයි. ගොවීන් සහ කෘෂිකාර්මික ප්‍රජාවන් මෙම වාණිජ වගාවන් සිදුකරන්නේ ඒවාට ඇති ඉල්ලුම නිසාවෙනි. මේ සඳහා කිසිදු මඟපෙන්වීමක් හෝ මූල්‍යකරණ මුලපිරීම් නොමැති බැවින් මේ හේතුවෙන් ‘ඌන භාවිතයක් සහිත’ සාම්ප්‍රදායික වගාවන් බිහිවෙයි.

ශ්‍රී ලංකාව සිය ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට සහ සංරක්ෂණය කිරීම විශාල වෙහෙසක් ගනු ලබන අතර වර්ග කිලෝමීටරයකට 300 ට වඩා වැඩි ජන ඝනත්වයක් සහ 30% ක වනාන්තර ජනගහනයක් පවත්වාගෙන යන රටවල් තුනෙන් එකක් බවට ද පත්වී ඇත. ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව ශ්‍රී ලංකාවට අමතරව දකුණු කොරියාව හා ජපානය යන රටවල් දෙක පමණක් එවැනි වනාන්තර පද්ධතියක් පවත්වාගෙන යනු ලබයි.

ජනගහනය සහ ස්වාභාවික සම්පත් සඳහා ඇති ඉල්ලුම වේගයෙන් වැඩි වන විට, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා මෙම සාම්ප්‍රදායික ක්‍රම පමණක් ප්‍රමාණවත් වේද? සරල පිළිතුර නැත යන්නයි.

මේ හේතුවෙන් නව්‍ය විසඳුම් අවශ්‍ය වන අතර ඌන භාවිතයක් සහිත භෝග නැවත හඳුන්වාදීම මෙයට එක විසඳුමක් වන අතර එය ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා නැවුම් ප්‍රවේශයකි. මෙම සාම්ප්‍රදායික වගාවන්ගෙන් බොහෝමයක් දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතු අතර ශ්‍රී ලංකාවේ දේශගුණයට හොඳින් අනුවර්තනය වෙයි. එම නිසා හානිකර පළිබෝධනාශක අවම වශයෙන් භාවිතා කරමින් වගා කළ හැකිය. ඒවා වාණිජමය වශයෙන් වගා නොකළද පෝෂ්‍යදායීවේ. දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් වේගයෙන් වර්ධනය වන මෙම යුගයේ දී මෙම ශාක සතුව, ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීමේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමේ හැකියාව පවතී.

2022 සමාජ ආර්ථික අර්බුදය රටේ අඩු ආදායම්ලාභී පවුල් සහ ප්‍රජාවන්ගේ මිලදී ගැනීමේ හැකියාවට දැඩි ලෙස බලපෑ අතර මෙම ප්‍රජාවන්ගෙන් බොහෝමයක් මෙම ශාක පිළිබඳව දන්නා නමුත් ඒවා පරිභෝජනයක් නොමැති විය. නාගරික ප්‍රදේශවල ප්‍රජාවන්ට මෙම විකල්ප ආහාර වලට ප්‍රවේශයක් නොමැති අතර ඔවුන්ට එම ප්‍රවේශය ලබාදීමට කටයුතු කළ යුතුය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් මෑතකදී පරිසර අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ ඌන භාවිතයක් සහිත භෝග පිළිබඳව දැනුවත් කිරීම සහ ඒවා වගා කිරීම සහ පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම සඳහා ‘අපි නොදන්න අපේ කෑම ව්‍යාපෘතිය දියත් කරන ලදී.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ ‘ගෝලීය පරිසර පහසුකම’ (GEF) විසින් අරමුදල් සපයනු ලබන ‘මුල් ක්‍රියාකාරී සහයෝගීතාවය’ (EAS) යටතේ සිදුවන ක්‍රියාකාරකමක් ලෙස වන අතර ඒ තුළින් ජෛව විවිධත්ව සංරක්ෂණය කෙරෙහි ජාතික ප්‍රතිපත්ති හා උපාය මාර්ග ඒකාබද්ධ කිරීම සඳහා ගෝලීය ජෛව විවිධත්ව රාමුව, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ලෝක ආහාර වැඩසටහන ඔස්සේ ක්‍රියාත්මක වන ‘ගෙදර හැදූ ආහාර මගින් පාසල් පෝෂණය’ කිරීමේ ව්‍යාපෘතිය (HGSF) යටතේ ජාතික පාසල් ආහාර වැඩසටහන සඳහා ආහාර සපයන සැපයුම්කරුවන් 3000 කට අධික ප්‍රමාණය සමඟ එක්ව දිස්ත්‍රික්ක හතක පාසල් ළමුන් 200,000 කට වැඩි ප්‍රමාණයකට අප්‍රකට ආහාර ලබා දීම සහ ශ්‍රී ලංකාවේ ආහාරයට ගත හැකි ශාකවල පොහොසත්කම, විවිධත්වයෙන් පිරි ආහාර වේලක සෞඛ්‍යයමය ප්‍රතිලාභ සහ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.


Share with your friend