එක්සත් ජනපද සෝයා බෝංචි කවුන්සිලය (USSEC) විසින් සංවිධානය කරන වාර්ෂික Chickenomics වැඩසටහන පසුගියදා නේපාලයේ කත්මන්ඩු නගරයේදි සාර්ථක අන්දමින් පැවැත්විණි. තිරසරභාවය, කුකුළු මස් නිෂ්පාදන සම්බන්ධ නවිකරණයන්, සත්ව ආහාර පිරිවැය ප්‍රශස්ත කිරීම මෙන්ම, සත්ව පෝෂණය යන කරුණු එහිදී ප්‍රධාන වශයෙන් අවධානයට ලක් කෙරිණි.
දකුණු ආසියානු කලාපය තුළ සිදුකෙරෙන කුකුළු මස් කර්මාන්තයේදී ප්‍රධාන සත්ව ආහාරයක් ලෙස ගණන් ගැනෙන සෝයා බෝංචි අතරෙන් U.S. Soy නිෂ්පාදනවලට ක්ෂේත්‍රයේ වැඩි කැමැත්තක් දක්නට ලැබේ. ඒ, එම සෝයා බෝංචි ඉහළම ගුණාත්මක තත්ත්වය අඛණ්ඩව පවත්වා ගනිමින් නිෂ්පාදනය කරන අතර, කැලරි මට්ටම හා ප්‍රෝටීන් මට්ටම් අතින්ද ඉතාමත් ඉහළ බැවිනි. ඒ හේතුවෙන් සත්ව ආහාර සඳහා යන වියදම් අඩු වීමෙන්, ක්ෂේත්‍රයේ ඉහළ ලාභයක් අත්කර ගැනිමට සත්ව නිෂ්පාදන සමාගම්වලට හැකියාව සැලසේ. ඉහත වැඩසටහන, පසුගියදා නේපාලයේ පැවැත්වුණේ, සත්ව ආහාර සම්බන්ධ ගෝලීය වෙළෙඳ පොළේ U.S. Soy මිල ගණන් තරගකාරීව පවතින අතරවාරයේ වීමද විශේෂත්වයකි.
ඉකුත් මාස කිහිපය ඇතුළත සුවිශේෂී ජයග්‍රහණ රැසක් අත්පත් කරගත් U.S. Soy දකුණු ආසියා කලාපය තුළ සිය වෙළෙඳ පොළ තවදුරටත් ව්‍යාප්ත කිරීමට සමත්ව තිබේ. වසර දෙකකින් අනතුරුව ලිහිල් කෙරුණු පාකිස්තාන වෙළෙඳ පොළ තුළටද පහසුවෙන් පිවිසීමට ඊට හැකියාව ලැබිණි. එමෙන්ම, සත්ව ආහාර නිෂ්පාදන පිළිබඳව සැලකීමේදී තිරසාර නිෂ්පාදන සඳහා ඉහළම වටිනාකමක් පිරිනමමින්, නේපාලයේ ප්‍රධාන පෙළේ කුකුළු මස් නිෂ්පාදන සමාගමක් වන Valley Group, සිය නිෂ්පාදන ඇසුරුම්වල “Fed with Sustainable U.S. Soy” යනුවෙන් සඳහන් කරන ලද ලේබලය භාවිත කරන බවටද අත්සන් තබා තිබේ. USDA හි සංඛ්‍යාලේඛනවල දැක්වෙන අන්දමට, බංග්ලාදේශයට අපනයනය කෙරෙන U.S. Soy, සෝයා බෝංචි ප්‍රතිශතය 36.2% ක තරම් ඉහළ අගයකි. එපමණක් නොව, ඉන්දියාව වෙත අපනයනය කෙරෙන U.S. Soy, සෝයා බෝංචි තෙල් අලෙවියද ඉහළ අගයක් සටහන් කරමින්, මෙට්‍රික් ටොන් මිලියන 111,500 ක් එරට තුළ අලෙවි වී තිබේ. ඒවා, දකුණු ආසියානු කලාපය තුළ මෙම නිෂ්පාදන අත්කරගෙන ඇති කැපී පෙනෙන ප්‍රගතිය පිළිබිඹු කරන නිදසුන් ය.
U.S. Soy නිෂ්පාදන දකුණු ආසියානු කලාපය තුළ වැඩි වැඩියෙන් ව්‍යාප්ත වීම පිළිබඳව අදහස් දැක්වූ USSEC හි දකුණු ආසියා හා අප්‍රිකානු – උප සහරා කලාපයේ (SAASSA) කලාපීය අධ්‍යක්ෂ කෙවින් රූප්කේ මහතා මෙලෙස සඳහන් කළේය. “එළඹුණු 2025 වසර, U.S. Soy ගමන් මග තවත් ශක්තිමත් කරමින් ඇරඹුණු වසරක්. කලාපය තුළ ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් U.S. Soy සතු හැකියාව කලාපය පුරා සිටින අපගේ ගනුදෙනුකරුවන් විසින් දැනටමත් හඳුනාගෙන තිබෙනවා. අපි ඔවුන්ට අපගේ කෘතඥතාව පළ කිරීමට කැමතියි. මෙය, ක්ෂේත්‍රය තුළ අප පියනගන සහයෝගිතා ගමන තවත් ශක්තිමත් කරන හැරවුම් ලක්ෂයක් වන බවට අපට විශ්වාසයි.”
මෙම වැඩසටහනට එක්වුණු ඇමරිකානු සෝයා බෝංචි සංගමයේ (ASA) අධ්‍යක්ෂ, ඩෙනිස් ෆුජාන් සහ එක්සත් සෝයා බෝංචි සංගමයේ අධ්‍යක්ෂ කයිල් ඩර්හැම් විසින් වගාකරුවන් ඇතුළුව රැස්ව සිටි පිරිස අමතනු ලැබිණි. එහිදී ඔවුන් දෙපළ අවධාරණය කරනු ලැබුවේ, සෝයා බෝංචි වගාවේදී තිරසර ගොවිතැන වැදගත් බවයි. ගෝලීය වෙළෙඳ පොළේ අනෙකුත් සෝයා බෝංචි නිෂ්පාදන හා සසඳද්දී, පරිසරයට අඩුම කාබන් ප්‍රමාණයක් මුදාහැරෙන නිෂ්පාදනය U.S. Soybean වන අතර, එවැනි සුවිශේෂී බවක් ළඟා කරගැනීමට ඉවහල් වී ඇත්තේ, එමගින් භාවිත කරන තිරසර වගාක්‍රම බවද ඔවුහු අවධාරණය කළහ.
තමන් නේපාලය තුළ ගත කළ කාලය පිළිබඳව සිහිපත් කරමින් ඩර්හැම් මහතා තවදුරටත් අදහස් පළ කළේ මෙසේයි. “ඇමරිකා එක්සත් ජනපදයේ මිසූරි හි පිහිටා ඇති මගේ සෝයා බෝංචි ගොවිපොළ තුළ, දකුණු ආසියාවේ කුකුළු මස් කර්මාන්තයේ නියැළෙන පිරිසට සත්කාරකත්වය දැක්වීමේ වරප්‍රසාදය මට ලැබී තිබුණා. ඒ අතරම, මෙහි පැමිණ, අපගේ ගනුදෙනුකරුවන් හමුවීමට ලැබීම ඇදහිය නොහැකි කාරණයක්. මට මෙහි මුණගැසුණු පුද්ගලයින්ගෙන් මට ඔවුන්ගේ අදහස් ඇතුළුව යම් යම් දේ දැනගැනීමට හැකියාව ලැබුණා. එ්වා තුළින් මා සුවිශාල ආශ්වාදයක් ලබනවා.”
USSEC, සිය අනාගත ලාභදායිත්වය ළඟාකර ගැනීමේ අරමුණෙන්, දකුණු ආසියාවේ කුකුළු මස් කර්මාන්තය සමඟ අඛණ්ඩ සහයෝගිතාවක් පවත්වාගෙන යයි.