කොළඹ පුරවරයේ අනාගත පරපුර, අධ්‍යාපනයෙන් හැඩ ගැන්වීම උදෙසා ‘ESU Colombo’ එළි දක්වයි

Share with your friend

ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFT සිය ජාතික මෙහෙවරෙහි තවත් පියවරක් ඉදිරියට තබමින් හා සිය අධ්‍යයන පාඨමාලාවන් පුළුල් කරමින් ‘ESU Colombo’ උසස් අධ්‍යාපන ආයතනය පසුගියදා නිල වශයෙන් ආරම්භ කරන ලදී. ඒ අනුව කොළඹ අගනගරය කේන්ද්‍ර කරගනිමින් සිටින සිසු දරුවන්ට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උසස් අධ්‍යාපනයක් හැදෑරීමේ මහඟු අවස්ථාව මෙමගින් උදා වනු ඇත. 

කොළඹ අගනගරයේ අභිනවයෙන් විවෘත වූ ESU Colombo උසස් අධ්‍යාපන ආයතනය

ESU Colombo එළිදැක්වීම හරහා, ශ්‍රී ලංකාව පුරා ඇති ESOFT ජාලයෙහි අධ්‍යයන විශිෂ්ටත්වය සහ නවෝත්පාදන දියුණුව සනිටුහන් කෙරෙන අතර, මෙය තොරතුරු තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයක සිට බහු-විෂයයික උපාධි පිරිනමන උසස් අධ්‍යාපන ආයතනයක් දක්වා පරිවර්තනය වී තිබීම සුවිශේෂී ය. කොළඹ නගරයෙන් බැහැරට නොගොස්, සිය වෘත්තීය අනාගතයට සුදුසුකම් හඹා යන තරුණ තරුණියන්ගේ උසස් අධ්‍යාපනික ඉලක්කයන් ඉටු කර ගැනීම උදෙසා මෙම ESU Colombo අතිමහත් සේවාවක් ලබා දෙනු නිසැකය. 

ESU Colombo විවෘත කරමින් අදහස් දැක්වූ ESOFT මෙට්‍රෝ කැම්පස් සහ ESOFT Uni හි සභාපති සහ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ, වෛද්‍ය දයාන් රාජපක්ෂ මහතා ESU Colombo යනු තවත් එක් උසස් අධ්‍යාපන ආයතනයක් පමණක් නොව, සිය කුසලතාවයන්ගෙන් අනාගතය හැඩ ගස්වා ගැනීමට සිසු දරුවන් දැනුමෙන් සවිබල ගන්වන අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් බව පැවසීය. ‘‘විශේෂයෙන්ම රට හැර යාමකින් තොරව ජාත්‍යන්තර තලයේ උසස් අධ්‍යාපනයක් හැදෑරීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා ESU Colombo දැන් විවෘතව පවතියි. අපගේ ඉලක්කය වන්නේ පොතපතින් එහාට ගිය ජාත්‍යන්තර දැක්මක් සහිත වෘත්තීයමය දක්ෂයින් පිරිසක් දැයට දායාද කිරීමයි’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. 

(වමේ සිට දකුණට) ESOFT මෙට්‍රෝ කැම්පස් සහ ESOFT Uni හි සභාපති සහ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ, වෛද්‍ය දයාන් රාජපක්ෂ, ESOFT Metro Campus හි ප්‍රධාන විධායක නිලධාරී සහ ESOFT International (Singapore) හි අධ්‍යක්ෂ නිශාන් සෙම්බකුට්ටිආරච්චි සහ ලන්ඩන් කිංග්ස්ටන් විශ්ව විද්‍යාලයේ උපායමාර්ගික හවුල්කාරීත්වය සහ සංවර්ධන පිඨයේ අධ්‍යක්ෂ, මහාචාර්ය මුකේෂ් ලිම්බාචියා යන මහත්වරුන් ESU Colombo එළි දැක්වීමේ උත්සවය ආමන්ත්‍රණය කරමින්

පරිගණක, ව්‍යාපාර සහ නීතිය, ජීවන විද්‍යාව, කලාව සහ නිර්මාණය, ඉංජිනේරු විද්‍යාව, අධ්‍යාපනය, භාෂා සහ සමාජ විද්‍යාව යන විෂයයන් ඇතුළත් අධ්‍යයන පීඨයන් හයක් හරහා ජාත්‍යන්තරව පිළිගත් උපාධි සහ පශ්චාත් උපාධි වැඩසටහන් රැසක්, කොළඹ ESU මගින් ක්‍රියාත්මක කරනු ලබන අතර, එමඟින් සිසුන්ට තමන් තෝරාගත් ක්ෂේත්‍ර ඔස්සේ උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව හිමි වේ. එමෙන්ම ESOFT උසස් අධ්‍යාපන ජාලය, ලන්ඩනයේ කිංග්ස්ටන් විශ්ව විද්‍යාලය සහ ලන්ඩන් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලය සමඟ ඇති කරගෙන තිබෙන ආයතනික හවුල්කාරීත්වය මත සිය ද්විත්ව උපාධි පාඨමාලාවන් හැදෑරීමට සිසු දරුවන්ට පහසුකම් සලසා දී තිබේ. ඒ අනුව විදෙස්ගත වී උපාධිය හැදෑරීමට අපේක්ෂා කරන සිසු දරුවන්ට, තම උපාධියේ පළමු වසර දෙක ESU වෙතින් හදාරා, අවසන් වසර හෝ අවසන් වසර 2 ලන්ඩනයේ විශ්ව විද්‍යාලයන් සමඟ එක් වී සම්පූර්ණ කර ගැනීමේ මහඟු අවස්ථාවක් මෙමගින් උදා කර දී ඇත.

තොරතුරු තාක්ෂණ හා ජෛව විද්‍යා රසායනාගාර, නවීකරණ කරන ලද දේශනා ශාලා, අනුකරණය කරන ලද අධිකරණ ශාලාවක් (Moot court), විනෝදාස්වාදන අංගනයක්, විචිත්‍රවත් සජිවී පොදු අවකාශයක් වැනි නවීනතම පහසුකම් වලින් මෙම ESU Colombo උසස් අධ්‍යාපනය සමන්විත වේ. මේ සියලු පහසුකම්, සිසු දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වන අතරම නිර්මාණශීලීත්වය සහ සමස්ත යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව නිර්මාණය කර තිබේ. 

මේ අතර, මහනුවර නගරයේ විශාලතම උසස් අධ්‍යාපන ආයතනය වශයෙන් ‘ESU Kandy’ ශාඛාව මේ වසර මැදභාගයේ දී විවෘත කරන ලදී. කන්ද උඩරට සිසුන්ට නව යුගයක් උදා කරමින් ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් සහිත උපාධි අධ්‍යයන පාඨමාලාවන් රැසක් පිරිනැමීමට ‘ESU Kandy’ කටයුතු කරන අතර, එමගින් කොළඹට සංක්‍රමණය වීමකින් තොරව සිය උසස් අධ්‍යාපන සිහිනයන් සඵල කර ගැනීමට අවස්ථාව උදා වේ. ‘ESU Kandy’ විවෘත කිරීමෙන් ලද ශක්තිමත් ආරම්භය හමුවේ ESOFT හි අඛණ්ඩ වර්ධනයට මනා අඩිතාලමක් වශයෙන් ESU Colombo එළි දැක්වීම මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වනු නොඅනුමානය. 2025 වසරේ ජූලි මාසයේ නව බඳවා ගැනීම් සඳහා මේ වනවිට අයැදුම්පත් භාර ගැනේ.  www.esu.lk වෙත පිවිසීමෙන් හෝ +94 76 6000 400 හෝ +94 76 8800 400 යන දුරකතන මාර්ගයන් ඔස්සේ බඳවා ගැනීමේ කණ්ඩායම ඇමතීමෙන් වැඩිදුර විස්තර දැන ගත හැකිය.


Share with your friend