ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීම සඳහා අඩුවෙන් කථා කර වැඩියෙන් වැඩ කරමු ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිවුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා

Share with your friend

2021, සැප්තැම්බර් ක්‍රීඩකයින් ජාත්‍යන්තරය දක්වා ඔසවා තැබීමට නම් ඔවුන්ට හොද පුහුණුවක් මෙන්ම ආත්ම විශ්වාසයක් ද ලබාදිය යුතුයි. කැපවීම, නොසැලෙන අධිෂ්ඨානය සහ තම සිහිනය අත් නොහැරීම තුළින් තමා අපේක්ෂා කරන ජයග්‍රහණය කරා ඔවුන්ට ලගා විය හැකිය.  

ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා ආචාර්යවරයෙකු විසින් උපාධි සහ ශාස්ත්‍රපති උපාධි තුළින් පියවරෙන් පියවර අධ්‍යාපනය ලබන්නා මෙන්  ජාත්‍යන්තර මට්ටමේ තරග ඉසව්වක් සදහා මුහුණ දෙන මලල ක්‍රීඩකයෙකු ද වසර ගණනාවක් තිස්සේ පියවරෙන් පියවර දැඩි කැපවීමකින් යුතුව පුහුණු වීම් කටයුතු සිදු කල යුතු බව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවසීය.  

ජාත්‍යන්තර ඉසව් වලදී ජයග්‍රහණ කරා පිය මැනීමට නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතු හැකියාවන් පමණක්ම නොව ජාතික ඔලිම්පික් කමිටුවේ (NOC) සිට ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මෙන්ම පෞද්ගලික අංශයේ ද සාමූහික දායකත්වයක් තිබිය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසුවේය. 

ග්‍රාමීයව වෙසන ඉදිරියට ඒමට මාර්ගයක් නොමැති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතියට හඳුන්වාදීම සඳහා ක්‍රියාත්මක වූ Crysbro Next Champ වැඩසටහන මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ නොමැකෙන සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇති බව පවසන මැක්ස්වෙල් ද සිල්වා මහතා යොවුන් ක්‍රීඩකයින් හඳුන්වාදීමට අමතරව ඔවුන් අතුරින් අනාගත ජාත්‍යන්තර ජයග්‍රහන හිමිකරගැනීම සඳහා විශාල අවස්ථාවක් ඇති දක්ෂ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකු හඳුන්වා දෙමින් ඔවුන්ගේ පෝෂණය ඇතුළුව සියලු අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කළ NOCSL Crysbro Next Champ ක්‍රීඩා ශිෂ්‍යත්ව වැඩසටහන පුද්ගලික ආයතනයක් මෙරට ක්‍රීඩාවේ දිගු කාලීන උන්නතිය වෙනුවෙන් කැපවූ අවස්ථාවකට ස්වර්ණමය නිදසුනකත් බවයි. ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය “—Crysbro සමාගම NOCSL Crysbro Next Champ වැඩසටහන හරහා වෙනත් කිසිවෙකු නොපැමිණි අවස්ථාවක තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනුග්‍රාහ දැක්වීමට ඉදිරියට පැමිණීම ගැන මම ස්තූතිවන්ත වෙනවා. මෙය ශ්‍රී ලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙවෙන් පුද්ගලික අංශයට කළ හැකි දේ අපමණ බව පෙන්වූ ප්‍රශස්ත අවස්ථාවක් මෙන්ම NOCSL Crysbro Next Champ ශිෂ්‍යත්ව වැඩසටහන මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් ද සනිටුහන් කරනවා”.

“අපි ඉදිරියට යන්නේ කෙසේද යන්න තහවුරු කර ගැනීම සඳහා පියවරෙන් පියවර සැලසුම් සහගත ක්‍රියාවලියක් තිබිය යුතු අතර, පළමුවෙන්ම, දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිසි ලෙස හඳුනා ගැනීම මෙම ක්‍රියාවලියේ වැදගත්ම අවස්ථාවක්. එමෙන්ම අදාල ක්‍රීඩකයාගේ කැපවීම හා සමානවම ඔහුගේ හෝ ඇය ගේ පවුලෙන් ලැබෙන සහයෝගය ද ජයග්‍රහණ සදහා මහත් සවියක්” ” යනුවෙන් සිල්වා මහතා පැවසුවේය. 

තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම් කටයුතු වල සිට ජයග්‍රහණ ලබා ගැනීම දක්වා සහය දැක්වීමට පුද්ගලික ආයතනද අනුග්‍රාහකයන් ලෙස කටයුතු කර ඇති බව පවසන මැක්ස්වෙල් ද සිල්වා මහතා මෙහිදී බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම පෞද්ගලික ආයතන තුළින් ඉස්මතු කර පෙන්වන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ මූල්‍ය, පෝෂණ අවශ්‍යතා මෙන්ම සියළුම ක්‍රීඩා අවශ්‍යතා සඳහා ද ඔවුන් සහයෝගය ලබා දෙන බව ඔහු පවසයි.

එමෙන්ම ජාතික සම්මේලනය විසින් ක්‍රීඩකයින් කැදවනු ලබන අතර ජාතික ඔලිම්පික් කමිටුව මගින් අධීක්ෂණය කරයි. මෙම අවස්ථාවේ දී ක්‍රීඩකයින් ඉතා සැලකිල්ලෙන් සහ ප්‍රවේශමෙන් සිටිය යුතු අතර නොසැලකිල්ල නිසා ඇති වන ආබාධයන් හේතුවෙන් තමන්ට රට නියෝජනය කිරීමට ලැබෙන අනගි අවස්ථාවන් ගිලිහී යෑමට ද ඉඩ තිබේ.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී පිරිමි හෙල්ල විසිකිරීමෙන් ජයග්‍රහණය කළ ඉන්දීය රන් පදක්කම් ලාභී නීරාජ් චොප්රාගෙන් ක්‍රීඩකයාගේ කැපවීම පිළිබඳ සිහිපත් කරමින් සිල්වා මහතා කියා සිටියේ වසර 3 ක් ඇතුළත ඉන්දියාව ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙකු බිහි කළ බවයි. ඒ ක්‍රීඩකයාගේ කැපවීම, පුහුණුව මෙන්ම අනුග්‍රාහකත්වයේ ඇති ශක්තිය මතයි.

“අපට ඒ වගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවශ්‍යයි, අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අමතර කැපකිරීමක් සිදු කිරීමට කැමති මෙන්ම උනන්දුවක් හා ප්‍රතිස්ථාපනයක් ඇති පුද්ගලයින් ක්‍රීඩාවට සම්පතකි. ” ඔහු තවදුරටත් පැවසුවේය.

උසස් පුහුණු ක්‍රමවේදයන් වෙත දේශීය පුහුණුකරුවන් යොමු කරමින් , ක්‍රීඩකයින් හොදින් පුහුණු කරමින් සහ පර්යේෂණ භාවිතා කරමින් ක්‍රීඩාව නගා සිටුවීමට නව මානයන් සොයාගත යුතුව ඇත. තවමත් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු නොකළ පෞද්ගලික අංශය ආකර්ෂණය කරවා ගැනීම හරහා ඔවුන් ගේ ද ශක්තියෙන් ලෝක ශ්‍රේණිගත මට්ටම්වලට යා හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමට පියවර ගැනීම නිසැක වශයෙන්ම මෙටර ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් අපට කළ හැකි ප්‍රශස්තම කර්තව්‍යයයි.

එපමණක් නොව අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩියෙන්ම සමත්කම් දක්වන්නේ කුමන ක්‍රීඩාවට ද යන්න සොයා බලා ඒ ඔස්සේ ඔවුන් ගේ හැකියාවන් මුවහත් කිරීමෙන් වාර්තාගත ජයග්‍රහණ වෙත ලගා වීමට හැකිවනු ඇත. 

තවද, ශ්‍රී ලංකාවේ තවමත් අවධානය යොමු වී නැති වැදගත් අංශයක් නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික සෞඛ්‍යයයි. 2010 දී, ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඕස්ටේ්‍රලියාවේ මානසික සෞඛ්‍ය පිළිබද විශේෂඥයින් දින පහක වැඩ සටහනකට ගෙන්වා ගත් අතර අවාසනාවන්ත ලෙස ජාතික සම්මේලනය තම දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම පුහුණුව සඳහා නොයැවූයේ ආසියානු ක්‍රීඩා ^Asian Games& සඳහා වූ ඔවුන්ගේ පුහුණුවට බාධා වේවි යන සරල හේතුව නිසා බව මැක්ස්වෙල් ද සිල්වා මහතා පවසයි. 

“කණගාටුවට කරුණක් නම් අපි කිසි දිනෙක පදක්කමක් දිනා නොගත් නමුත් ඔවුන්ට යමක් ඉගෙන ගැනීමට තිබූ අවස්ථාවක් මගහැරීයාමයි. මන්ද කි්‍රීඩාවේ දී පීඩනය කළමනාකරණය කරන්නේ කෙසේදැයි ක්‍රීඩකයා ද තේරුම් ගත යුතුයි. ” ඔහු පැවසීය. 

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තරග වදින යූපුන් විසින් එය මෙලෙස ඉස්මතු කර දැක්වීය. “එම අවස්ථාව අප සැමට ඉතාම වැදගත් අවස්ථාවක්. නමුත් මානසික සෞඛ්‍යය ගැන එතරම් මූලිකත්වයක් නොලැබෙන අතර ක්‍රීඩකයින් මෙන්ම ජාතික සම්මේලනය සහ ක්‍රීඩා අමාත්‍යාංශය ද මානසික සෞඛ්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය.”

“Crysbro සමඟ මෙරට තරුණයින් ප්‍රවර්ධනය කිරීමේ මූලික පියවර අපි විසින් ගෙන ඇත. එමෙන්ම ඒ වෙනුවෙන් තවත් බොහෝ දේ සිදු කිරීමට තිබේ නම්, ගරු ඇමතිතුමාගේ පාලන කාලයේ සිදු කළ ආකාරයටම මේ රටේ දරුවන්ගේ ක්‍රීඩා දක්ෂතා දෙස බලා තම හැකියා ඔපමට්ටම් කරගෙන ජාත්‍යන්තරය දක්වා යාමට ක්‍රීඩකයින්ට උපකාර කළ යුතුයි. එමෙන්ම එස්.බී. දිසානායක මහතා විසින් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමේදී විශාල මෙහෙවරක් ඉටු කල බව ද මෙහිදී සදහන් කළ යුතුමය. ” යනුවෙන් සිල්වා මහතා තවදුරටත් පැවසීය.

“මා දුටු Crysbro හි සාර්ථකත්වය නම් ඔවුන් තම ව්‍යාපාර ඉතා දුෂ්කර ලෙස ග්‍රාමීය ප්‍රදේශ වලින් ආරම්භ කළ අතර අද වන විට විශාල දියුණුවක් අත් කර ගෙන තිබීමයි. එම සමාගම අද තිබෙන තැනට ගෙන ඒමට ඔවුන්ගේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායම විශාල කැපවීමක් සිදු කර තිබෙන බවට සැකයක් නැහැ. එම කැපවීමෙහි ප්‍රතිඵලයක් ලෙස සභාපතිවරයා තම සිහිනය සැබෑකර ගනිමින් මෙම දියුණුව ලගාකර ගත්තේය. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එයද ආදර්ශයකි. ඔබ දකින සිහිනය උත්සහයෙන් හා කැපවීමෙන් යථාර්තවත් කර ගන්න. ” ඔහු වැඩිදුරටත් පැවසුවේය.

 “ක්‍රීඩකයින් සටන් කළ යුතු බවත්, ඔවුන්ට යමක් කිරීමට අවශ්‍ය බවත් මම දන්නවා. සියල්ලන්ම එකතු වී සැලැස්මක් සකස් කර වර්තමාන ඇමතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අපට හොද ප්‍රතිඵලයක් ලබා ගත හැකි බව මට කිව යුතුයි. මට කීමට අවශ්‍ය තවත් එක් දෙයක් නම්, අඩුවෙන් කථා කර වැඩියෙන් වැඩ කරමු යන්නයි.”


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply