උසස් තත්ත්වය හා නව්‍යකරණය සමග ලොව පුරා පාරිභෝගික විශ්වාසය දිනූ ලොව විශාලතම පීසා අලෙවිසැල් ජාලය වන ඩොමිනෝස් ශ්‍රී ලංකා, කොළඹ රාජකීය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයන් අතර පැවැත්වෙන 146 වැනි “නිල් මහා සටන” ක්‍රිකට් තරගාවලියට “Official Pizza Partner” ලෙස නිල අනුග්‍රාහක දායකත්වයක් එක්කොට තිබේ. පාසල් දෙකක් අතර වාර්ෂිකව අඛණ්ඩව පැවැත්වෙන, ලොව පැරණිතම ක්‍රිකට් තරගාවලියක් මෙන්ම ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් ඉතිහාසයේ පැරැණිතම ක්‍රිකට් තරගාවලියක් ලෙස ද සැලකෙන “නිල් මහා සටන” මාර්තු මස 06, 07, 08 දිනයන්ගේදී කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඩොමිනෝස් ශ්‍රී ලංකා “නිල් මහා සටන” ක්‍රිකට් තරගාවලිය සමග අත්වැල් බැඳගැනීම පිළිබඳ අදහස් දැක්වූ ඩොමිනෝස් ශ්‍රී ලංකා අලෙවි, විකුණුම් හා මෙහෙයුම් සැලසුම්කරණ සාමාන්‍යාධිකාරී කසුන් ගුණරත්න මහතා “තාරුණ්‍යයේ හද බැඳි සන්නාමයක් විදිහට තාරුණ්‍යය සවිබල ගැන්වීමට නිරන්තරයෙන් කැපවූ ඩොමිනෝස් ශ්‍රී ලංකා අපට ක්‍රීඩාශීලීත්වය හා තාරුණ්‍යයේ ජවය පිරුණු 146 වැනි නිල් මහා සටන සමග එක්වන්නට ලැබීම මහත් ගෞරවයක්. ප්‍රීතිමත් සැමරුම් රසවත් මතක බවට පත් කරන සන්නාමයක් ලෙස ඩොමිනෝස් ශ්‍රී ලංකා කොළඹ SSC ක්‍රීඩාංගණය පුරා පැතිර යන අභිමානවත් නිල් මහා සටනේ ක්‍රිකට් උණුසුම පීසා උණුසුමෙන් රසගන්වන්නේ මහත් අභිමානයෙන්.”
146 වැනි “නිල් මහා සටන” ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කොළඹ SSC ක්‍රීඩාංගණයට එක් රොක් වන ක්‍රීඩාලෝලී පීසා රසවතුන්ට තරගාවලිය වෙනුවෙන්ම නිර්මාණය වූ සුවිශේෂී limited-edition පීසා ඇසුරුමක ඩොමිනෝස් පීසා රස බැලීමේ අවස්ථාව හිමිවේ.
“නිල් මහා සටන” වෙත අනුග්‍රාහකත්ව දායකත්වය ලබාදීම, සමාජ සංවර්ධනය හා තාරුණ්‍ය සවිබලගැන්වීම ප්රමුඛ කොටගත් ඩොමිනෝස් ශ්‍රී ලංකා ආයතනික සමාජ මෙහෙවර තුළ තවත් කැපීපෙනෙන සංධිස්ථානයකි. ඩොමිනෝස් ශ්‍රී ලංකා හි මෙම අනුග්‍රාහකත්වය හුදු තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අනාගත අපේක්ෂාවන්ට සහාය වීමක් පමණක්ම නොව, උරුමය සහ සාම්ප්‍රදායිකත්වය රැකගනිමින් එදිනෙදා ජීවිතයේ විශේෂ අවස්ථා හා සැමරුම් සිදුකිරීමෙහිලා දිරිගැන්වීමක්ද වේ.