මෙරට තාක්ෂණික අංශයේ ප්‍රමුඛයකු වන Ceylon Business Appliances (CBA) සිය 55 වැනි සංවත්සරය පසුගියදා සාඩම්බරයෙන් සමරනු ලැබීය. දශක 5කට වැඩි කාලයක් පුරා තාක්ෂණය පිළිබඳ උනන්දුව, හැකියාව සහ ජනතාව කෙරෙහි නොසැලෙන කැපවීම තුළින් සුවිසල් විශ්වාසයක් දිනා ගැනීමට සමත්ව සිටින CBA අද වන විට නව්‍යකරණ තාක්ෂණික සේවාවන් රැසක් ලොවට හඳුන්වා දීමට කටයුතු කර ඇත.

1970 වසරේදී සාමාජිකයින් තිදෙනෙකු සමඟින් නැසී ගිය සභාපති චාල්ස් සිංහරායර් මහතා විසින් ආරම්භ කරනු ලැබූ CBA නිර්මාණය වූයේ තාක්ෂණය පිළිබඳ උනන්දුවේ ප්‍රතිඵලයක් ලෙසිනි. අද වන විට එය වෘත්තිකයින් 300කට අධික පිරිසකගෙන් සමන්විත ආයතනයක් ලෙස විවිධ දුෂ්කරතාවයන් හා අභියෝගයන් ජය ගනිමින් මෙරට ප්‍රමුඛතම තාක්ෂණික විශිෂ්ටයෙකු බවට පත්ව සිටියි.
මෙම සුවිශේෂී සංධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් CBA හි කළමනාකාර අධ්යක්ෂ සර්ධා ප්‍රනාන්දු මහතා “ අප අපගේ සාර්ථකත්වය පමණක් නොව ප්‍රජාවගේ සාර්ථකත්වය වෙනුවෙන් ඔවුන් සමඟ නිරන්තරයෙන් කටයුතු කරමින් සිටිනවා. කිසි විටෙකත් ලාභය පමණක් පදනම් කරගනිමින් මෙහෙයුම් ක්‍රියාත්මක නොකරන අප සෑම විටම අපගේ වටිනාකම්, ආචාර ධර්ම සහ සමාජය වෙනුවෙන් වන වගකීම පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. අපගේ සාර්ථකත්වය හා වර්ධනය තුළින් එය මනාව පිළිබිඹු වනවා” යනුවෙන් පැවසීය.
දිගු කාලයක් තිස්සේ CBA හි සාමාජිකයකු ලෙස කටයුතු කරන එහි ජ්‍යෙෂ්ඨ තාක්ෂණික විශේෂඥ ටිරෝන් පෙරේරා මහතා මෙහිදී අදහස් දක්වමින් මෙසේ සඳහන් කරන ලදී.
“මම CBA හි සේවකයකු ලෙස වසර 30කට වැඩි කාලයක් සේවය කරමින් සිටිනවා. මේ තරම් දීර්ඝ කාලයක් එකම ස්ථානයක සේවය කිරීම පිළිබඳ බොහෝ දෙනා මගෙන් විමසා තිබෙනවා. CBA යනු සැබැවින්ම සේවක සාමාජිකයින් පිළිබඳ නිරන්තර අවධානය යොමු කරමින් ඔවුන්ට ගරුත්වයක් ලබා දෙන හා ඔවුන්ගේ වර්ධනයට අවස්ථාව ලබා දෙන ආයතනයක්. ඒ නිසා දීර්ඝ කාලයක් පුරා මගේ සේවය ඒ වෙත ලබා දීමට මම කටයුතු කරමින් සිටිනවා.”
CBA ලෙස සහකම්පනය, ගෞරවය හා අයිතිවාසිකම්වලට ගරු කරමින් සිය ඇණවුම් සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාව පුරා ගනුදෙනුකරුවන් සහ හැකියාවන් එක් තැන් කරන CBA ආයතනයක් ලෙස සිය ශක්තිය, රිද්මය සහ වර්ණය යන විවිධත්වයන් අගය කරනු ලබයි. විශේෂයෙන් සෑම සංස්කෘතියකම, විශ්වාසයකම මෙන්ම සෑම පුද්ගල පසුබිමකම සබඳතාව සමඟින් CBA සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන්නේ දූරදර්ශී හා මානව දයාවෙන් සපිරි පිරිපුන් නායකත්වයක මඟ පෙන්වීම තුලිනි. සිය සේවක සාමාජිකයින් මුහුණ දෙන දුෂ්කරතාවයන් හා අභියෝගයන් හමුවේ ඔවුන්ට ශක්තියක් වෙමින්, ඔවුන් සමඟ සාකච්ඡා කර ගැටලු නිරාකරණය කරමින් නිරන්තරයෙන් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට CBA කැපවී සිටියි. නව්‍යකරණය තුලින් වෙනසක් සිදු කළ හැකි බව විශ්වාස කරන ආයතනය සෑම විටම සේවකයින්ට මනුෂ්‍යත්වයෙන් යුතුව සේවය කිරීමේ පරිසරයක් නිර්මාණය කර ඇත්තේ අවංකව හා නිහතමානීව නිදහසේ සේවය කිරීමේ අවස්ථාව උදා කර දෙමිනි. දශක ගණනාවක් තිස්සේ මෙම සුවිශේෂී වටිනාකම් දිරි ගන්වමින් විශ්වාසී හා ආයතනික පක්ෂපාතී බැඳීම් තුලින් ගනුදෙනුකරුවන් දිගු කාලීන හවුල්කරුවන් බවට පරිවර්තනය කිරීමට CBA සමත්ව සිටියි.
ආරම්භයේ සිටම බැංකු හා වෙළෙඳ සමාගම් වෙත සිය සේවය ලබා දීමට කටයුතු කර ඇති CBA ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ නවෝත්පාදනයන් රැසක් හඳුන්වා දීමට කටයුතු කර ඇත්තේ පැහැදිලි දැක්මක් සහිත තාක්ෂණික පෙරගමන්කරුවකු බවට පත් වෙමිනි. සාමාන්‍ය සේවාවන්ගෙන් ඔබ්බට යමින් අධි ආරක්ෂිත මුද්‍රණ, උසස් තත්වයේ ෆින්ටෙක් සහ අති නවීන බැංකු තාක්ෂණයන් වෙතද පිවිස ඇති සමාගම පසුගිය දශකය තුළ සහ ඩිජිටල් ව්‍යාපාර විසඳුම් ආරම්භ කරමින් අනාගත ශ්‍රී ලාංකේය ව්‍යවසායන් නිර්මාණය කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දී තිබේ. එසේම මෙරට ප්‍රථම මුදල් රහිත විකුණුම් විසඳුම, 60,000කට අධික වෙළෙඳුන් සඳහා වන ගෙවීම් පද්ධති, බැංකු සඳහා ෆින්ටෙක් විසඳුම්, අති නවීන kiosks සහ ස්මාර්ට් පුවරු හඳුන්වා දීමටද CBA කටයුතු කරනු ලැබීය. තවද කුඩා පරිගණක සහ ලැප්ටොප් පරිගණක හඳුන්වා දීමටද කටයුතු කර ඇති ඔවුන් පළමු වර්චුවල් ඩෙබ්ට් හා ක්‍රෙඩිට් කාඩ්පත් විසඳුම් නිර්මාණය කිරීම හා පොදු ප්‍රවාහනය සඳහා ඊ ටිකට්පත් පද්ධති සංවර්ධනය කිරීම සඳහා පෙරමුණ ගෙන ඇත.
මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නංවන හා ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කරන කෘතිම බුද්ධිය (Ai) බලයෙන් ක්‍රියාත්මක වන තාක්ෂණයන් මෙහෙයවීම CBA හි නවතම ප්රයත්නයයි.
ශ්‍රී ලංකාව ගෝලීය ඩිජිටල් තාක්ෂණය වෙත රැගෙන යාම, ජනතාව බලගැන්වීම, අඛණ්ඩ නවෝත්පාදනයන් සිදු කිරීම සහ මව්බිම වෙනුවෙන් සේවය කිරීමේ අරමුණින් ක්රිියාත්මක CBA හි සුවිසල් ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස මෙය සඳහන් කළ හැකිය. සුපැහැදිලි බව හා විශ්වාසය සමඟින් මේ සියලු දේ සඳහා මඟ පෙන්වන සමාගම ශ්‍රී ලාංකේය හැකියාවන් පෝෂණය කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරමින් මෙරට හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට CBA කටයුතු කරමින් සිටියි. ඒ හරහා දේශීය හැකියාවන් ජාත්‍යන්තරය වෙත ගෙන යාමටද ඔවුන් සූදානමින් සිටියි. මෙරට ජනතාව නඟා සිටුවීම සහ ආර්ථිකයට ශක්තිය සැපයීම වෙනුවෙන් විදේශ ආදායම මෙරටට ලබා දෙන අතරතුර සියලු දෙනා සමඟ එක්ව සැබෑ ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට CBA කැපවනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හි අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රුවත් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ “CBA බහු ජාතික සන්නාමයක් බවට පත් කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් සේවාවන් ව්‍යාප්ත කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. එහෙත් අපි සෑම විටම අපගේ ශ්‍රී ලංකාව හා එහි ජනතාව හැකි සෑම ආකාරයකින්ම නඟා සිටුවීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරනවා.” යනුවෙනි.
වසර 55ක මෙහෙවර සනිටුහන් කරන මේ මොහොතේ තමන් සතු නවෝත්පාදන හැකියාවන් හා සංස්කෘතිය තුලින් ඉදිරි වසර 55 තුළ විශිෂ්ට සේවාවක් සලසමින් Ceylon Business Appliances අභිමානවත් සන්නාමයක් බවට පත් කිරීම සමාගමේ ඒකායන අරමුණ වී ඇත.