නවෝත්පාදන හා දේශීය චින්තන‍ය පදනම් කරගත් ඩිජිටල් අලෙවිකරණය උදෙසා සෙලාන් බැංකුවට SLIM DIGIS 2.2 හිදී සම්මාන තුනක්

Share with your friend

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති SLIM DIGIS 2.2 සම්මාන උළෙලේදී සම්මාන තුනකින් පිදුම් ලැබීමට සමත් විය. මේ අතරින් එක් රිදී සම්මානයක් සහ ලෝකඩ සම්මානයක් #ResponsibleMe වැඩසටහන වෙනුවෙන් හිමි වූ අතර, අනෙක් ලෝකඩ සම්මානය ජාතික දින ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් හිමි විය. සෙලාන් බැංකුවේ විශිෂ්ට ඩිජිටල් අලෙවිකරණ ප්‍රයත්නයන්, නවෝත්පාදන සහ සාර්ථකත්වයන් වෙනුවෙන් පිරිනමන ලද මෙම සම්මාන, අර්ථවත් වැඩසටහන් ඔස්සේ සමාජයට වැදගත් පණිවිඩ සන්නිවේදනය කිරීම සඳහා සෙලාන් බැංකුව දරන අඛණ්ඩ උත්සාහයේ සාර්ථකත්වයට මනා සාක්ෂියකි. 

මෙහිදී #ResponsibleMe වැඩසටහනට ‘විශිෂ්ටතම ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන – ආයතනික සමාජ වගකීම්’ (Best Digital Marketing Campaign – CSR category) කාණ්ඩය සහ ‘සන්නාම අන්තර්ගතයන්හි විශිෂ්ටතම භාවිතාව’ (Best Use of Branded Content) කාණ්ඩය යටතේ පිළිවෙලින් රිදී සහ ලෝකඩ සම්මාන හිමි විය. ‘ආයතනික සමාජ වගකීම්’ කාණ්ඩය යටතේ හොඳම ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන සඳහා සම්මානය දිනූ #ResponsibleMe වැඩසටහන, අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීම සඳහා එකිනෙකට වෙනස් ඩිජිටල් නාලිකා කිහිපයක් සමගාමීව භාවිතා කළ විශිෂ්ටතම වැඩසටහන් අතරින් එකක් ලෙස ඇගයීමට ලක් විය.  මෙම ජයග්‍රහණයන්, නිවැරදි ක්‍රමෝපාය, නවෝත්පාදන හැකියාව සහ නිර්මාණශීලිත්වය තුළින් ප්‍රවර්ධන වැඩසටහනක් මනාව සැලසුම් කර නිසි ප්‍රතිඵල ලබාගැනීම සම්බන්ධයෙන් මනා උදාහරණයක් ලෙස හැඳින්විය හැකි වේ. 

‘සන්නාම අන්තර්ගතයන්හි විශිෂ්ටතම භාවිතාව’ සඳහා වූ ලෝකඩ සම්මානය සෙලාන් බැංකුව වෙත හිමි වූයේ, ආයෝජනයෙන් නිසි ප්‍රතිඵල ලැබෙන ආකාරයට සන්නාමගත අන්තර්ගතයන් වඩාත් නිර්මාණාත්මක, නව්‍ය සහ ඵලදායි ලෙස භාවිතා කිරීම වෙනුවෙනි. #ResponsibleMe වැඩසටහන සෙලාන් බැංකුවේ වටිනාකම්, සහ ක්‍රමෝපාය සමඟ හොඳින් ගැළපුණු බැවින් සහ ඊට අදාළ අලෙවිකරණ අභියෝගය පැහැදිලිවම ජයගත් බැවින්, මෙම කාණ්ඩයේ ජයග්‍රහණයක් වාර්තා කිරීමට එය සමත් විය. මීට පෙර, ආසියානු කලාපයේ සියලු රටවල විශිෂ්ටතම අලෙවිකරණ වැඩසටහන් ඇගයීමට ලක්කළ Dragons of Asia Effective Marketing Awards 2022 සම්මාන උළෙලේදීද #ResponsibleMe වැඩසටහනට රිදී සම්මානයක් හිමි වීම විශේෂත්වයකි. 

සෙලාන් බැංකුවේ #ResponsibleMe වැඩසටහන ආරම්භ වූයේ COVID-19 තුන්වැනි රැල්ල ශ්‍රී ලංකාව තුළ පැතිරීම දරුණු ලෙස සිදුවෙමින් පැවති කාලසීමාවේදී ය. එම කාලයේදී වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා වගකීම්සහගත ලෙස කටයුතු කිරීමේ වැදගත්කම ජනතාවට පෙන්වා දීම සඳහා, සෙලාන් බැංකුව විසින් මෙම වැඩසටහන දියත් කරන ලදි. එම කාලයේදී පැවති තත්ත්වයේ ආතතියත් සමග ජනතාව නිර්දේශිත චර්යාවන් අනුගමනය කිරීමට මැළිකමක් දක්වන බව නිරීක්ෂණය වීම නිසා, #ResponsibleMe වැනි වැඩසටහනක් දියත් කිරීම අතිශයින් කාලෝචිත පියවරක් විය.  

මෙම පණිවිඩය තරමක් දැඩි ස්වරයෙන් සන්නිවේදනය කිරීමට අවශ්‍ය වීම නිසා, ‘සුහද හදෙන්, ටිකක් සැරෙන්’ යන තේමාව භාවිතා කරන ලදි. මෙහිදී තමන්ටම ආවේණික රටාවන්ට අනුව තම සමාජ මාධ්‍ය අවකාශයන් ඔස්සේ #ResponsibleMe පණිවිඩය ජනතාව අතරට රැගෙන යාමේ වගකීම සෙලාන් බැංකුවේ කාර්ය මණ්ඩලය ඉතාමත් උනන්දුවෙන් භාරගත්හ. සමාජයේ කැපීපෙනෙන පුද්ගලයන් රැසක්ද ඉන් අනතුරුව මෙම උත්සාහය සමග අත්වැල් බැඳගත් අතර #ResponsibleMe වැඩසටහන සමාජ මාධ්‍ය තුළ කැපී පෙනෙන රැල්ලක් බවට පත්විය. මීට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ මේ සම්බන්ධ මාධ්‍ය හමුවක් සංවිධානය කරන ලද අතර, ඩිජිටල් මාධ්‍යන් තුළ ක්‍රියාකාරී ලෙස කටයුතු කළ මාධ්‍යවේදීන් පිරිසක් මේ සඳහා එක්වූහ. 

ජාතික දිනය නිමිත්තෙන් සෙලාන් බැංකුව ක්‍රියාත්මක කළ ප්‍රවර්ධන වැඩසටහනට SLIM DIGIS 2.2 හිදී ‘ඩිජිටල් සන්නාම නිර්භීතභාවය’ (Digital Bravery Award) කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයක් හිමි විය. මෙම වැඩසටහන, ඩිජිටල් මාධ්‍ය හරහා සාම්ප්‍රදායික මතවාද නිර්භීතව ආමන්ත්‍රණය කරමින් ජනතාවගේ හදවත් වලට සමීප වීම සඳහා දැරූ සාර්ථක උත්සාහයක් ලෙස හැඳින්විය හැකි වේ. 

ජාතික දිනය සම්බන්ධයෙන් පවතින යම් යම් සංවේදී අදහස් හා ආකල්ප නිසා, තම පණිවිඩ සන්නිවේදනය කිරීමේදී අතිශයින් ප්‍රවේශම්සහගත ලෙස කටයුතු කිරීමට සමාගම් හා ආයතන පෙළඹී ඇත. සාමාන්‍යයෙන් වෙනත් ප්‍රජාවකගේ භාෂාවක් භාවිතා කිරීමට හුරුවීම තුළින් එම ප්‍රජාවෙහි සංස්කෘතික ලක්ෂණ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි වන නිසා, භාෂාව යනු සංහිඳියාව සඳහා තීරණාත්මක වැදගත්කමක් සහිත සාධකයක් ලෙස සැලකේ. එම නිසා ජාතික භාෂාවන් දෙකම ඉගෙන ගැනීමේ වැදගත්කම අවධාරණය කිරීමට සෙලාන් බැංකුව විසින් මෙම වැඩසටහන යොදාගන්නා ලදි. 

මේ ඔස්සේ සාම්ප්‍රදායික ලෙස ‘නිදහස් දිනය’ යන්න භාවිතා කිරීම වෙනුවට, එය ජාතික දිනය ලෙස අර්ථගැන්වීමට සෙලාන් බැංකුව කටයුතු කළේ ය. යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවට සිය ගමන් මග නිවැරදි කරගැනීමට ඇති වැදගත්ම ප්‍රවේශය එය බව එමගින් පෙන්වා දෙන ලදි. මෙය ජාතික වැදගත්කමකින් යුත් කරුණක් සාර්ථක ලෙස මතුකරන අතරම තම සන්නාමය ප්‍රවර්ධනය කිරීම සඳහා සෙලාන් බැංකුව ගත් සාර්ථක හා නිර්භීත උත්සාහයක් විය. 

මීට පෙර සෙලාන් බැංකුව 2022 වසරේදී National Sales Congress හිදී සම්මාන 8 කින් පිදුම් ලැබීමට සමත් විය. එමෙන්ම LMD මගින් අඛණ්ඩව 4 වැනි වරටත් සෙලාන් බැංකුව පාරිභෝගික සේවා විශිෂ්ටත්වයේ අංක 1 ලෙස නම්කරන ලද අතර, බැංකු ක්ෂේත්‍රයේ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් The Finance Brand වෙබ් අඩවියේ ලෝක ශ්‍රේණිගත කිරීම් තුළ 77 වන ස්ථානය හිමිකර ගැනීමටද සෙලාන් බැංකුවට හැකියාව ලැබිණි. එමෙන්ම LMD මගින් ප්‍රකාශයට පත්කර ඇති, මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම් ලයිස්තුවේ 29 වන ස්ථානයද සෙලාන් බැංකුව වෙත හිමි වී තිබේ. මීට අමතරව LMD Brands Annual 2022 හි විශිෂ්ටතම සන්නාම 20 අතරට එක්වී සිටින සෙලාන් බැංකුව, Business Today සඟරාව මගින් විශිෂ්ටතම සමාගම් 40 අතරටද නම්කර ඇත. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply