ප්‍රයිම් සමූහයේ නිර්මාතෘ පේ‍්‍රමලාල් බ‍්‍රාහ්මණගේ මහතා සහධිපත්‍ය නිවාස සංවර්ධක සංගමයේ සභාපති ධුරයට

Share with your friend

විසිහය වසරක ජනතා විශ්වාසයට පාත‍්‍ර වූ ශ‍්‍රී ලංකාවේ විශාලතම දේපළ වෙළෙඳ සමාගම වන ප‍්‍රයිම් සමූහයේ නිර්මාතෘ සහ සභාපති පේ‍්‍රමලාල් බ‍්‍රාහ්මණගේ මහතා 2021 සහ 2022 කාලපරිච්ෙඡ්දය සඳහා ශ‍්‍රී ලංකා සහධිපත්‍ය නිවාස සංවර්ධක සංගමයේ (CDASL) සභාපති ධුරයට තෝරා පත් කර ගන්නා ලදි. පසුගිය වසරේ සභාපතිවරයා ලෙස කටයුතු කළ John Keells Holdings PLC හි සුරේෂ් රාජේන්ද්‍රන් මහතා ගේ ධුරකාලය සම්පූර්ණ වූ බැවින් මෙම සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී නව සභාපති වරයා ලෙස පේ‍්‍රමලාල් බ‍්‍රහ්මණගේ මහතා පත් කර ගන්නා ලදි.

වසර 25ක් තුළ දෙස් විදෙස් පාරිභෝගික විශ්වාසය දිනා ගත් මෙරට විශාලතම දේපළ වෙළෙඳ සමාගම් ජාලය නිර්මාණය කිරීම සඳහා සිය දායකත්වය ලබා දුන් පේ‍්‍රමලාල් මහතා HNB FINANACE PLC හි උපසභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත. 

‘‘ශ‍්‍රී ලංකා සහධිපත්‍ය නිවාස සංවර්ධක සංගමයේ සභාපති ධුරයට තෝරා පත්කර ගැනීම මා ලද ගෞරවයක් මෙන්ම නිහතමානී සතුටට කාරණයක්. එමෙන්ම සාඩම්බර ඉතිහාසයක් සහ ගෞරවනීය අනාගතයක් සහිත මෙම සංගමයේ ඉදිරි වසරේ කටයුතු නව මංපෙත් ඔස්සේ වඩාත් ප‍්‍රශස්ත ලෙස සිදු කිරීම මගේ අභිප‍්‍රාය වන අතර මෙබඳු අභියෝගාත්මක කාලපරිච්ඡ්දයක වූවද අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අප සතු නිපුණතා, ගුණාංග හා ශක්තීන් දැඩි කැපවීමකින් එක්සත්ව ලබා දුනහොත් වඩාත් ශක්තිමත් කාර්යභාරයක් අපගේ දේශය  වෙනුවෙන් ඉටු කළ හැකි බව මම දැඩිව විශ්වාස කරනවා. 

දේශීය වශයෙන් සහධිපත්‍ය ක්ෂේත‍්‍රය නව මානයන් කරා රැගෙන යෑමට මෙන්ම ජාත්‍යන්තර ව්‍යාපාරික අවස්ථා අත්පත් කර ගත හැකි අන්දමේ පසුබිමක් සහාධිපත්‍ය පනත තුළින් විවර කර ගැනීම පිළිබඳව මගේ ධුර කාලය තුල දැඩි අවධානයක් යොමු කිරීමට මා බලාපොරොත්තු වෙනවා.

කෝවිඞ් වසංගතය හේතුවෙන් පසුගාමී තත්වයක ඇති ව්‍යාපාරික කටයුතු ශක්තිමත් කරමින් රජයට සහ පොදුවේ ශ‍්‍රී ලාංකීය ප‍්‍රජාවට විශාල දායකත්වයක් ලබා දීමට මෙම ක‍්‍රියාමාර්ග හරහා අපට හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා. පසුගිය වසරවල සභාපති ධුරය දැරූ සුරේෂ් රාජේන්ද්‍රන් මහතා මෙම සංගමය වෙනුවෙන්  සිදු කළ මෙහෙවරට මගේ ස්තුතිය පළ කරන අතර ඔහුගේ නායකත්වය සහ දර්ශනය යටතේ කෝවිඞ් වසංගත තත්වයෙහි දී පවා ශක්තිමත්ව සංගමයේ අරමුණු වෙත ගමන් කිරීමේ හැකියාව අපට ලැබී තිබුණා. ඔහුගේ දැණුම සහ අත්දැකීම් සංගමයේ ජයග‍්‍රහනයන්ට බෙහෙවින් ඉවහල් වු අතර ඔහු විසින් අප වෙත ලබා දුන් අතිවිශිෂ්ට සේවයට මගේ හද පිරි කෘතඥතාව පළ කරන්න කැමතියි. 

අවසාන වශයෙන් මාගේ ව්‍යාපාරය වන ප‍්‍රයිම් සමූහයටත් එහි අරමුණු ජය ගැනීමට කැපවී සිටින සියලූ පාර්ෂවකරුවන්ටත් ස්තුතිය පුද කරනවා. කෝවිඞ් වසංගතය සමග උදා වී ඇති තත්වය සියලූ දෙනාට අභියෝගාත්මක වූවද මේ හරහා අපට ලැබී ඇති අවස්ථාවන් පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අභියෝග ජය ගත හැකි බව මම තරයේ විශ්වාස කරනවා. ඒ සඳහා මගේ අත්දැකීම් සහ කැපවීම ඔස්සේ ලබා ගත් දැනුම ශ‍්‍රී ලංකා සහධිපත්‍ය නිවාස සංවර්ධක සංගමය වෙත නොඅඩුව ලබා දෙන බව සිහිපත් කරන්න  කැමතියි’’ යනුවෙන් ප‍්‍රයිම් සමූහයේ නිර්මාතෘ සහ ශ‍්‍රී ලංකා සහාධිපත්‍ය නිවාස සංවර්ධක සංගමයේ වත්මන් සභාපති පේ‍්‍රමලාල් බ‍්‍රාහ්මණගේ මහතා පැවසීය. 

අත්දැකීම් සහිත ව්‍යවසායකයකු සහ දේපළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ හසල දැණුම් ඇති පේ‍්‍රමලාල් බ‍්‍රාහ්මණගේ මහතා එක්සත් රාජ්‍යයේ වරලත් කළමණාකරණ ගණකාධිකරණ ආයතනයේ සමාජිකත්වයත් ^fellow member of Institute of Chartered Management Accountants&” කැනඩාවේ වරලත් ව්‍යාපාර පරිපාලන ආයතන සමාජිකත්වය ^Fellow member of Chartered Business Administrator& සහ ශ‍්‍රී ලංකා අළෙවිකරණ ආයතන සාමාජිකත්වය ද හිමිකර ගෙන සිටී. ^MBA from the Open University of Malaysia& මැලේසියාවේ විවෘත විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිලිබඳව පශ්චාත් උපාධිධාරියකු මෙන්ම ශ‍්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ අළෙවිකරණය පිළිබඳව පශ්චාත් ඩිප්ලෝමා ධාරියකු වන පේ‍්‍රමලාල් බ‍්‍රාහ්මණගේ මහතා සිය ව්‍යාවසායක ගමන් මගේ පෙන්වූ උදාර බව සහ දක්ෂතා හේතු කොට ගෙන ජාත්‍යන්තර සිංහ සමාජය විසින් 2018 වසරේදී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම ව්‍යවසායකයා ^“Most outstanding entrepreneur in Sri Lanka”& සම්මානය ඔහු වෙත පිරිනමනු ලැබීය. 

ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත සහාධිපත්‍ය නිවාස සංවර්ධක සංගමය, දේපළ සංවර්ධන ක්ෂේත‍්‍රයේ නියැලී සිටින සියලූ පාර්ෂවයන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ පරමාර්ථයෙන්, අදාළ අමාත්‍යංශයන් මෙන්ම රජය සමග  සහයෝගයෙන් කටයුතු කරමින් උපරිම ආර්ථික දායකත්වය ලබා දීම සඳහා ක්ෂේත‍්‍රයේ උන්නතියට හේතු වන ව්‍යවස්ථාදායක නව ගුණාත්මක පිළිවෙත් ඔස්සේ නියාමනල සුභසාධනය හා ප‍්‍රගමනය සඳහා ක‍්‍රියාත්මක වන ආයතනයකිග


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply