මානසික නිරෝගී බව ඉහළ නැංවීම හා ශක්තිමත්ව පවත්වාගෙන යාමට ප්‍රෝටීන් සතු බලය

Share with your friend

වඩා ව්‍යවසනකාරී මෙන්ම කෙමෙන් වර්ධනය වෙමින් පවතින මන්දපෝෂණ තත්වය ගෝලීය වශයෙන් සිදු කර ඇති වඩාත් බලපෑම් සහගත අනතුරු හැ`ගවීමක් ලෙස ස`දහන් කළ හැකිය. ශ‍්‍රී ලංකාව තුළද එය විවිධාකාර අන්දමින් දක්නට හැකිය. ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනයට අනුව මන්දපෝෂණය, අධි පෝෂණය සහ ක්ෂුද්‍ර පෝෂණ ඌණතාව වැනි කරුණු හේතුවෙන් ශ‍්‍රී ලංකාව මන්ද පෝෂණය සම්බන්ධ නිරන්තරය අභියෝගයකට ලක්ව ඇත. සමස්ථයක් ලෙස ගත් කල ඒ සියලූ දේ මෙරට තිරසාර ආර්ථික වර්ධනය කෙරෙහි එල්ල කරනුයේ ඉතා අහිතකර බලපෑමක් බව පෙන්වා දිය හැකිය.  

දකුණු ආසියාව තුළ අසල්වැසි රටවල් සම`ග සැස`දීමේදී ශ‍්‍රී ලංකාව ජාතික මට්ටමින් ඉතා ආකර්ෂණීය සමාජ -ආර්ථික දර්ශකයකට හිමිකම් කියූවද සමහර ප‍්‍රජාවන් තුළ මාතෘ හා ළමා (අවුරුදු 5ට අඩු දරුවන්) අඩු පෝෂණ අනුපාතය සහ වේගයෙන් ඉහළ යමින් පවතින අධි බර හා ස්ථුලතාවය හේතුවෙන් එම සමාජ -ආර්ථික දර්ශකයට සුවිසල් අභියෝගයක් එල්ල වෙමින් තිබේ.   

මිනිසාගේ පැවැත්ම සහ යහපත් සෞඛ්‍යය තහවුරු කිරීමේ මූලික අඩිතාලම වන්නේ පෝෂණයයි. එම සෞඛ්‍යය තුළ ප‍්‍රධාන සාධකයක් ලෙස මානසික නිරෝගී බව හ`දුන්වා දිය හැකිය. අප ගනු ලබන ආහාර මොළයේ ව්‍යුහයට හා එහි ක‍්‍රියාකාරීත්වයට මෙන්ම ස්නායු පද්ධතියේ අනෙකුත් සියලූ කොටස්වලටද බෙහෙවින් බලපානු ලබයි. එහෙයින් පූර්ව ගර්භණී අවධියේදීම මන්ද පෝෂණය හේතුවෙන් මොළයට හා ස්නායු පද්ධතියේ වර්ධනයට සිදුවන හානිකර බලපෑම ආරම්භ වන අතර ඉපදී පළමු වසර 2 වන විට එය බොහෝ දුරට පර්පූර්ණ තත්වයට පැමිණේ. 

සමබල ආහාර වේලක් ස`දහා සියලූ පෝෂක පදාර්ථයන් ඉතා වැදගත් වන අතර එහිදී ප්‍රෝටීන් ඉතා සැළකිය යුතු කාර්ය භාරයක් ඉටු කරනු ලබයි. එහිදී වෙනත් කිසි`දු ආහාරයකින් ගත නොහැකි අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල ජීවිතය ගොඩ නැගීමට මහෝපකාරී වේ. ඇමයිනෝ අම්ල ඌණතාව හේතුවෙන් නිරෝගී ජීවිතයක් ගත කිරීමට බලාපොරොත්තුවන පුද්ගලයින් හට අඩු ශක්තියක් හිමි වන අතර එය ඔවුන්ගේ සංජානන සංවර්ධනයට හා ක‍්‍රියාකාරීත්වයට ඇති කරනුයේ ඍණාත්මක බලපෑමකි.

ප්‍රෝටීන අනුවක අන්තර්ගතය

ප්‍රෝටීන් යනු මිනිස් ෙසෙලයන් හා සම්බන්ධ ඉතා වැදගත් පෝෂක පදාර්ථයකි. ඒවායින් සමහර ප්‍රෝටීන් වර්ග අප ශරීරයේ ෙසෙලයන්හි ව්‍යුහයට හා සංචලනයට දායක වන අතර අනෙක්වා පරිවෘත්තීය එන්සයිම ලෙස මෙන්ම සම්බන්ධීකාරකයන් ලෙස ක‍්‍රියා කරනු ලබයි. ප්‍රෝටීන්වල සැකැස්ම පිළිබ`දව සළකා බැලූවහොත් එහි දිගු ඇමයිනෝ අම්ල දාමයක් දැකගත හැකි අතර ඒවායින් සමහර කොටස් ස්නායු ස්ම්පේ‍්‍රෂණ නිෂ්පාදනය ස`දහා වන ප‍්‍රමුඛ පෝෂක කොටස් ලෙස ක‍්‍රියාකරනු ලබයි. මොළයේ ෙසෙලවලට වෙනත් ෙසෙල සම`ග සන්නිවේදනය කිරීමට හැකියාව සළසන ඩොපමයින් වැනි රසායන ද්‍රව්‍ය ඊට ඇතුළත් වේ. එම රසායන ඌණතාව විශාදය, ඇබ්බැහිවීම, අවධානය අඩු කිරීමේ අධි ක‍්‍රියාකාරීත්ව ආබාධ ^ADHD& ඇල්සයිමර්, පාකින්සන් සහ භින්නෝන්මාදය ඇතුළු ආබාධ රැසකට හේතු විය හැකිය. 

එසේම සියළුම සෙල සම්බන්ධ කරන ස්නායු පද්ධතියේ ක‍්‍රියාකාරී බලවේගය ලෙස කටයුතු කරන ඒවා අහිතකර මානසික සෞඛ්‍ය තත්වයන් වළක්වා ගැනීමට මෙන්ම එම තත්වයන් ස`දහා ප‍්‍රතිකාර කිරීමටද මහෝපකාරී වේ. තවද මොළයේ ක‍්‍රියාකාරීත්වය ස`දහා බෙහෙවින් හේතුවන හො`ද නින්දක් ලබා දීමටද ඒවා හේතු වේ. ඒවා විශේෂයෙන් ක‍්‍රීඩා හැකියාවන් ඔප් නැංවීමට, චිත්ත ස්වභාවයන් මෙන්ම පැහැදිලි බව වර්ධනය කිරීමට මෙන්ම මානසික ආකල්ප ශක්තිමත් කිරීමට දායක වන ටි‍්‍රප්ටෝෆාන් වැනි ඇමයිනෝ අම්ල අඩු වීම තුළින් ශරීරයට අහිතකර තත්වයන් ඇති විය හැකිය.  

ප්‍රෝටීන් ශරීරයට ඇතුළු වූ පසු එය ආහාර ජීර්ණ පද්ධතියේදී ඇම්යිනෝ අම්ලවලට කැඞී යන අතර ඒ තුළින් ශරීරයේ මාංශ පේශි වර්ධනය සහ ප‍්‍රතිශක්තීකරණ ක‍්‍රියාකාරීත්වය පාලනය කිරීම වැනි වටිනා ක‍්‍රියාවලීන් සිදු කරනු ලබයි. ශරීරය විසින් ඇමයිනෝ අම්ල නිපදවීමේ හැකියාව මත අත්‍යාවශ්‍ය හා අත්‍යාවශ්‍ය නොව ලෙස වර්ගීකරණය කර ඇත. එහිදී ශරීරයට ඇතැම් ඇමයිනෝ අම්ල හරීරයට අවශ්‍ය ලෙස යොදා ගත නොහැකි නම් ඒවා ආහාර ප්‍රෝටීන් පමණක් ලබා ගත යුතුය. නිසි ලෙස වර්ධනය වීමට මෙන්ම ක‍්‍රියාකාරීත්වය වෙනුවෙන් විවිධ ඇමයිනෝ අම්ල 20ක් පමණ ශරීරයට අවශ්‍ය වන අතර ඒ සියල්ලම ශරීරයට වැදගත් වුවද ඉන් අත්‍යාවශ්‍ය ලෙස වර්ග කර ඇත්තේ ඇමයිනෝ අම්ල 9ක් පමණක් වීම විශේෂත්වයකි.

ප්‍රෝටීන් බහුල සමතුලිත ආහාර වේලක් තුළින් කාංසාව, මානසික පීඩනය හා තෙහෙට්ටුවට හේතුවන සීනි සහිත අහාරයන්හි අවශ්‍යතාවද අඩු කරන බව සනාථ වී ඇති අතර සීනි සහිත ආහාර ශාරීරික හා මානසික සෞඛ්‍යය සමබරව පවත්වාගෙන යාමටද බලපෑම් ඇති කරනු ලබයි. එසේම හරීරයට අවශ්‍ය ශක්තිය සෑම විටම පාහේ කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ සහ ප්‍රෝටීන් තුළින් ලබා ගැනීම හේතුවෙන් කාබෝහයිඬේට් හෝ ලිපිඩ මත පවතින ප්‍රෝටීන හි`ගකම ර`දා පවතිනු ලබයි.

ශරීරයේ නිරන්තර ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලීම

අන්තර්ජාතික ආහාරමය නිර්දේශය ^DFI& තුළින් ශරීරයේ බර කිලෝ ග‍්‍රෑම් 1කට ප්‍රෝටීන් ග‍්‍රෑම් 0.8ක් අවශ්‍ය බව නියම කර ඇත. ශාක හා සත්ව ආහාර ම`ගින් ඇමයිනෝ අම්ලයන්හි ප‍්‍රධාන ප‍්‍රභවයන් 2 නිෂ්පාදනය කරනු ලබන අතර ප්‍රෝටීන් සාරයෙන් ඉහළ කුකුළු මස් බිත්තර, කිරි වැනි ඉහළ තත්වයේ සත්ව ආහාර තුළින් මෙන්ම සෝයා බෝංචි,මුරුංගා, පලා වර්ග සහ කඩල, පරිප්පු, සහ උ`දු වැනි විවිධ මාංශ භෝගයන්හි ප්‍රෝටීන් බහුලව අඩංගු වේ. ඒ අතුරින් සෝයා බෝංචි සහ ධාන්‍ය වර්ගවල ගුණාත්මක ඉහළ ප්‍රෝටීන් සංයුතියක් අඩංගු වේ. වියළි ධාන්‍ය ග‍්‍රෑම් 100ක ප්‍රෝටීන් ග‍්‍රෑම් 35 – 55ක් පමණ අඩංගු වන අතර ශ‍්‍රී ලංකාව තුළ වඩා පහසුවෙන් මෙන්ම දැරිය හැකි මිලකට ලබා ගත හැකි සෝයා ප්‍රෝටීන ප‍්‍රභේදය වන්නේ සෝයා ආහාර නිෂ්පාදනයන්ය.

එළවළු තුළ අන්තර්ගත ප්‍රෝටීන් ඉතා පෝෂ්‍යදායී, සෞඛ්‍ය සම්පන්න සෝයා නිෂ්පාදනයකි. එය හිතකර ප්‍රෝටීන්වලින් අනූන මේදය අඩංගු නොවන මස් ස`දහා කදිම විකල්පයක් ලෙසද ස`දහන් කළ හැකිය. ආහාරමය තන්තු, යකඩ, මැග්නීසියම් සහ පොස්ෆරස් අඩංගු ආහාරමය ප‍්‍රභවයක් ලෙසද එය වඩාත් වැදගත් වේ.

ඔබගේ මානසික සුවපත් භාවය ශාරීරික හා පෝෂණය පදනම් කරගත් පරිපූර්ණ සම්බන්ධතාවයක් තුළ රැු`දී පවතී. ශරීරයේ සියලූ ක‍්‍රියාවලීන් ප‍්‍රශස්ත ආකාරයෙන් ඉහළ නැංවීමට සහ පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය සාර්ව පෝෂක කොටසක් ලෙස ප්‍රෝටීන් ස`දහන් කළ හැකිය. ඒ නිසාම පහසුවෙන් ලබා ගත හැකි වැඩි පො‍්‍රා්ටීන් ප‍්‍රමාණයක් අන්තර්ගත දෛනික ආහාර වට්ටෝරුවක් සැලසුම් කිරීම මානසික සෞඛ්‍ය ශක්තිමත් කිරීමට මෙන්ම පුද්ගලයකුට ඔවුන්ගේ උපරිම හැකියාවන් වෙත ළ`ගා වීමට අවශ්‍ය ශරීරයේ සමස්ථ සෞඛ්‍යය නිවැරදිව පවත්වාගෙන යාමට සිදු කරනු ලබන ස්වයං රැුකවරණයක් ලෙස ස`දහන් කිරීම ඉතා වැදගත්ය.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply