ලින්ක් නැචුරල්, ‘Race The Pearl’ පාපැදි ධාවන තරගය ශක්තිමත් කිරීමට අත්වැල් බැඳ ගනියි

Share with your friend

ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර ජනාදරයට පත් ලින්ක් නැචුරල් මෙරට සුවිශේෂී පාපැදි ඉසව්වක් වන ‘Race The Pearl’ පාපැදි තරගයෙහි, තරග අනුග්‍රාහකයකු ලෙසින් අත්වැල් බැඳ ගෙන සිටියි. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පිළි ගැනීමට පාත්‍ර වූ නිෂ්පාදන වන ලින්ක් සමහන් හා ලින්ක් ස්වස්ථ අමෘත නිෂ්පාදන ද්විත්වය, ශ්‍රී ලාංකික ක්‍රීඩා ශූරත්වය ලොවට විදහා දක්වන එම පාපැදි ඉසව්වෙහි සියලු තරගකරුවන්ගේ ප්‍රතිශක්තිය වඩවන පාන ලෙසින් ඔවුනට උත්තේජනය සැපයීමට නියමිතය. 

මහද්වීප පහම ඇතුළත්ව, ලෝකයේ රටවල් ගණනාවකට ලින්ක් සමහන් ඇතුළු නිෂ්පාදන රැසක් බෙදා හරින ප්‍රමුඛ පෙළේ අපනයනකරුවෙකු වන ලින්ක් නැචුරල්, පාරම්පරික ආයුර්වේද දැනුම නවීන විද්‍යාත්මක ක්‍රමවලට අනුකූලව අති නවීන තාක්‍ෂණය භාවිත කරමින්, වඩාත් සුරක්ෂිත අයුරින් වෙළෙඳ පොළට සැපයීමේ උසස් දැක්ම සහිතව සිය නිෂ්පාදන කාර්යය මෙහෙයවයි. ඒ අනුව, වත්මන් පාරිභෝගිකයින් වෙත සෞඛ්‍ය සම්පන්න, දිඝායු සහිත වඩා ක්‍රියාශීලී දිවියක් ගත කිරීමට හැකි වන පරිදි තත්ත්වයෙන් උසස් නිෂ්පාදන දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීම අරමුණයි. 

ලින්ක් සමහන් හා ලින්ක් ස්වස්ථ අමෘත, එලෙස ලින්ක් නැචුරල් පරිශ්‍රයෙහි පිහිටි අති-නවීන පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය තුළ නිපදවන ලද අද්විතීය නිෂ්පාදන දෙකකි. වත්මන් පාරිභෝගිකයින් ගෙවන අතිශය  කාර්යබහුල ජීවන රටාවට සරිලන අන්දමින් පහසුවෙන් භාවිතයට ගත හැකි ආකාරයට එම නිෂ්පාදන සකසා ඇසුරුම් කර තිබීම විශේෂත්වයකි. ලින්ක් සමහන් යනු පරීක්ෂණ මගින් තහවුරු කළ ගුණාත්මක ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් අඩංගු නිෂ්පාදනයක් වන අතර, දිනපතා පානය කිරීමෙන් කාලයත් සමග සෙම්ප්‍රතිශ්‍යාව සහ පීනස ආශ්‍රිත රෝග ලක්ෂණ 15ක් සඳහාද ප්‍රතිඵලදායක බවට සනාථ වී තිබේ. ඒ හේතුවෙන් ඉකුත් දශක තුන තිස්සේ ලින්ක් සමහන්, ලොව පුරා පාරිභෝගිකයින්ගේ විශ්වාසයට පාත්‍ර වී තිබේ. ලින්ක් නැචුරල් වෙතින් පිදෙන තවත් සුවිශේෂී නිෂ්පාදනයක් වන ලින්ක් ස්වස්ථ අමෘත නවතම හඳුන්වාදීමක් වන අතර, එය ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් සමන්විත පානයකි. නෙල්ලි සහ රසකිඳ ස්වභාවික අමුද්‍රව්‍ය ඇසුරින් නිපදවා ඇති ස්වස්ථ අමෘත පානයෙහි ප්‍රතිඔක්සිකාරක ගුණය ශරීරයේ පීඩාවන් සහ දැවිල්ල වළක්වා ශරීරයේ ප්‍රතිශක්තිය ආරක්ෂා කර දෙන අතරම, නිතිපතා පානය කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න දිගු ජීවිතයකට එමගින් ලැබෙන සහය අතිමහත්ය. ලින්ක් ස්වස්ථ අමෘත භාවිතයෙන්, වියළි හා රළු සම, කුරුලෑ,විලුඹ ඉරිතැලීම්, ඇස්වල, ශරීරයේ සහ පාදවල දැවිල්ල,  අධික දහඩිය මෙන්ම සිරුරේ දුර්ගන්ධය හා ආමාශයේ දැවිල්ල ඇතුළු බහුලව පවතිවන රෝග හා අපහසුතා සමනය කර අත්දුටු ප්‍රතිඵල අත්කර ගත හැකිය. 

2022 නොවැම්බර් 5 වැනි දින ආරම්භ වන,  ‘Race The Pearl’  කිලෝමීටර් 600ක දුරක් ආවරණය කරමින් ශ්‍රී ලංකාවේ පේදුරුතුඩුවේ සිටදෙවුන්දර තුඩුව දක්වා ධාවනය වීමට නියමිත පාපැදි තරඟයකි. එම තරගයට ඇමරිකා එක්සත් ජනපදයෙන් එක් තරගකරුවකු,  මහා බ්‍රිතාන්‍යයෙන් තරගකරුවන් තිදෙනකු,  ප්‍රංශයෙන් එක් තරගකරුවකු සහ ශ්‍රී ලංකාවෙන් තරගකරුවන් පස් දෙනකු ඇතුළුව තරගකරුවන් දස දෙනකු සමස්ත දුර ආවරණය කිරීමේ අභියෝගයට උර දෙමීන් ධාවනය කිරීමට නියමිත අතර, තවත් පාපැදි ධාවකයින් 40 කට වැඩි පිරිසක් සහයක ක්‍රමයට කණ්ඩායම් වශයෙන් ඊට එක්වීමට අපේක්ෂිතය. ශ්‍රී ලංකාවේ උතුරු කෙළවර වන පේදුරුතුඩුවෙන් තරගය ආරම්භ වන අතර, දකුණු කෙළවර වන දෙවුන්දර තුඩුවේ අවසන් ස්ථානයට පැමිණීම දක්වා මාර්ගය අදියර පහකින් සමන්විතය. එහි සුවිශේෂි කරුණක් වන්නේ, Race The Pearl එළඹෙන RAAM (Race Across America) පාපැදි තරගයට සුදුසුකම් ලැබීමේ තරඟයක් ලෙස ඇතුළත් කර තිබීමයි. එය එක්සත් ජනපදයෙහි බටහිර සිට නැගෙනහිර වෙරළ දක්වා කිලෝමීටර් 4,800 කට අධික දුරක් ආවරණය කෙරෙන, ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට දිගු-දුර පාපැදි ධාවන තරඟයකි.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply