සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2023 වසර සඳහා විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස Great Place to Work® සහතිකයෙන් පිදුම් ලබයි

Share with your friend

ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් ශ්‍රී ලංකාවේ Great Place to Work®  හි ස්වාධීන විශ්ලේෂකයින් විසින් 2023 වසරේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස සහතික කර ඇතx ඨරු්එ ඡුක්ජැ එද උදරනඣ විසින් සිදු කරන ලද නිර්නාමික සමීක්ෂණයකදී සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සේවකයින් විසින් සපයන ලද විශිෂ්ටතම ශ්‍රේණිගත කිරීම් මත මෙම සහතිකය ආයතනය විසින් ලබා ගෙන තිබේ. මෙම සහතිකය  Sunshine Holdings PLC ප‍්‍රමුඛ එහි අනුබද්ධ ආයතන වන Healthguard Pharmacy Ltd., Sunshine Consumer Lanka Ltd., Sunshine Healthcare Lanka Ltd., සහ Sunshine Tea (Pvt) Ltd. සඳහා අදාළ වේ.

මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ විෂ් ගෝවින්දසාමි මහතා සිය කෘතඥතාව පළකරමින් පැවසුවේ ‘‘Great Place to Work ආයතනය වෙතින් පිළිගැනීමට ලක් වීම අප මහත් ගෞරවයක් ලෙස සලකනවා. අපගේ සේවකයින්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ දියුණු වීමට සහ පාර්ශ්වකරුවන් හට ඔවුන්ගේ අපේක්ෂාවන් සපුරාලමින් සඳහා ඉහළට හා ඉදිරියට යාමට හැකි විවෘත, සුරක්ෂිත හා විවිධත්වයෙන් යුතු සේවා ස්ථානයක් නිර්මාණය කිරීමට සන්ෂයින් ආයතනය දක්වන කැපවීම මෙයින් යළිත් තහවුරු වනවා. ගෝලීය අභියෝගයන් මධ්‍යයේ වුවද, රැකියා සුරක්ෂිතභාවය සහතික කිරීම, කැපී පෙනෙන කාර්යසාධනය පිළිගැනීමට ලක් කිරීම සහ සුවිශේෂී කණ්ඩායම් වැඩ ප‍්‍රවර්ධනය කිරීමට අපි ස්ථිරව කැපවී සිටිනවා. අපි අපගේ සේවකයින් සන්ෂයින් පවුලේ අනිවාර්ය සාමාජිකයන් ලෙස සලකනු ලබනවා වගේම ඔවුන්ගේ ජීවිතයේ සෑම අංශයකම සුබසිද්ධිය උදෙසා කැපවී කටයුතු කරනවා.’’ යනුවෙනි.

‘‘සේවකයින්ගෙන් ලබා ගත් ප‍්‍රතිචාර ඇගයීමට ලක් කරමින් මෙම සහතික කිරීම හිමි කරගැනීම වෙනුවෙන් අප සන්ෂයින් හෝල්ඩින්ග්ස් හට ප‍්‍රශංසා කරනවා.’’ යනුවෙන් ශ‍්‍රී ලංකාවේ Great Place to Work® ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ක්ෂණිකා රත්නායක මහත්මිය පැවසුවාය. ‘‘මෙම ශ්‍රේණිගත කිරීම් තමන්ගේම සේවකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට සහ වැඩ කිරීමට විශිෂ්ට ස්ථානයක් නිර්මාණය කිරීමට ඇති හැකියාව මනිනු ලබනවා. සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සේවය කිරීම හෝ ව්‍යාපාර කිරීම ගැන සලකා බලන  ඕනෑම අයෙක්ට මෙය කාර්යසාධන මිනුම් දණ්ඩක් ලෙස සැලකිල්ලට ගත හැකියි.’’

‘‘Great Place to Work® අධ්‍යයනයට අනුව, සන්ෂයින් සමූහයේ සේවකයින්ගෙන් 82% ක් පවසන්නේ එය විශිෂ්ට සේවා ස්ථානයක් බවයි,’’ යනුවෙන් සන්ෂයින් සමූහයේ සමූහ මානව සම්පත් ප‍්‍රධානී, මිෂෙල් සේනානායක මහත්මිය පැවසුවාය. 

95%කට වැඩි විශ්වාසනීය මට්ටමක් සහතික කරමින් මෙම සමීක්ෂණයට සේවකයෝ 1,430ක් සහභාගී වූහ. මෙම සේවක සමීක්ෂණය සිදු කරන ලද්දේ Great Place to Work පරිපාලන මාර්ගෝපදේශයන්ට අනුකූලව වන අතර, ආයතනය තුළ සේවා ස්ථාන සංස්කෘතිය පිළිබඳ ප‍්‍රමිතිය තීරණය කිරීම සඳහා සේවකයින්ගෙන් නිර්නාමික සහ රහසිගත ප‍්‍රතිචාර ලබා ගන්නා ලදී.

සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී යනු ශ‍්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වීම සඳහා කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරන විවිධාංගීකරණය වූ දේශීය සමාගම් සමූහයකි. එය සෞඛ්‍ය, පාරිභෝගික භාණ්ඩ සහ කෘෂි ව්‍යාපාර ඇතුළු ශ‍්‍රී ලංකා ආර්ථිකයේ තීරණාත්මක අංශවල වටිනාකමක් නිර්මාණය කරයි. 1967 දී ආරම්භ කරන ලද මෙම සමූහය සේවකයින් 2,300 කට අධික සංඛ්‍යාවකින් සහ FY23 සඳහා රු. බිලියන 52ක ආදායමක් සමඟින් මේ වන විට Zesta Tea, Watawala Tea, Ran Kahata, Daintee Confectionary සහ Healthguard Pharmacy වැනි ප‍්‍රමුඛ පෙළේ ශ‍්‍රී ලාංකේය සන්නාමවලට නිවහන සපයයි. සමූහයේ ව්‍යාපාරික ඒකකවලට  Sunshine Healthcare Lanka, Sunshine Consumer Lanka සහ Watawala Plantations PLC ඇතුළත් වන අතර, ඒවා අදාළ අංශවල පුරෝගාමීන් වේ. ඒවායින් බොහොමයක් ආයතන 2022 දී ද  “Great Place to Work”  සහතිය හිමි කරගෙන තිබීම විශේෂත්වයකි.

Sunshine Healthcare Lanka, Sunshine Consumer Lanka, Sunshine Tea සහ Sunshine Holdings PLC හි නියෝජිතයින් සිය GPTW සහතික ලබා ගනිමින්


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply