සිය සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය සඳහා කාබන් ශූන්‍යකරණ සහතිකය දිනාගත් මෙරට එකම ඇඟලුම් සමාගම් සමූහයවන ස්ටාර් ගාමන්ට්ස් සමූහය පසුගියදා පැවැති 2023/24 ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ ඇඟලුම් කාණ්ඩයේ හොඳම අපනයනකරු ලෙස සම්මාන දිනාගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම වාර්ෂික සම්මාන ප්රදානෝත්සවය, ඉහළ වර්ධනයක් සහිත ශ්‍රී ලාංකික අපනයනකරුවන් ඇගයීම සඳහා පවතින විශිෂ්ටතම සම්මාන උළෙල ලෙස සැලකේ. එහිදී ලද මෙම සම්මානය තුළින් ස්ටාර් ගාමන්ට්ස් සමූහයේ ඇඟලුම් අපනයන විශිෂ්ටත්වය මෙන්ම නවෝත්පාදනය සහ තිරසරභාවය වෙනුවෙන් ඇති දැවැන්ත කැපවීම ද පිළිබිඹු කෙරේ.
″මෙම සම්මානය ලැබීමත් සමඟ ගුණාත්මකභාවය, තිරසරභාවය සහ ගෝලීය තරගකාරීත්වය වැනි අංශවලින් නව මිනුම් දඬු සැකසීමට අපව දිරිගැන්වෙනවා. සෑමවිටම අපට අවශ්‍ය වන්නේ ඇඟලුම් කර්මාන්තය තිරසරභාවය සහ නවීන තාක්ෂණය සමඟ මුසුකිරීමයි. ඒ හරහා ගෝලීය මට්ටමේ ප්රමුඛ සන්නාම සමඟ අපට ඇති සබඳතාව තවදුරටත් ශක්තිමත් වෙනවා″, යනුවෙන් ස්ටාර් ගාමන්ට්ස් සමූහයේ කළමනාකාර අධ්යක්ෂ ඒ. සුකුමාරන් මහතා පැවසුවේය.
දිගින් දිගටම සිය ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි අවශ්‍යතා පරිපූර්ණය කිරීමට කටයුතු කරන ස්ටාර් ගාමන්ට්ස් සමූහය එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව තුළ මෙන්ම ඉන් පිටතත් තම ව්‍යාප්තිය සනිටුහන් කිරීමට සමත්ව ඇත. අප්‍රිකානු ටොගෝ රාජ්‍යයේ ස්ටාර් ගාාමන්ට්ස් සමූහය සිදුකරන ඩොලර් මිලියන 15ක ඇඟලුම් කර්මාන්ත ආයෝජනය, ඊට හොඳම නිදසුනකි.
ගෝලීය ප්‍රකට සම්මාන රැසක් සඳහා ඇඟලුම් නිෂ්පාදනය කරන ස්ටාර් ගාමන්ට්ස් සමූහය යටතේ මෙරට කර්මාන්තශාලා 12ක් පවතින අතර, 10,000කට වැඩි පිරිසක් ඒවායේ සේවය කරති. මෙරට ස්ටාර් ගාමන්ට්ස් කර්මාන්තශාලා මගින් මාසිකව නිෂ්පාදනය කරන ඇඟලුම් ප්‍රමාණය මිලියන 1.6කට ආසන්න ය.
ස්ටාර් ගාමන්ට්ස් සමූහය තම මෙහෙයුම් කටයුතු අතරතුර තිරසරභාවයට ද මුල් තැනක් දී තිබේ. ඒ අතර, ජෛව විවිධත්ව සංරක්ෂණ ව්‍යාපෘති, බලශක්ති කාර්යක්ෂන නිෂ්පාදන ක්‍රියාවලි, අපද්‍රව්‍ය කළමනාකරණ ක්රමෝපායන් සහ ප්‍රජා සම්බන්ධීකරණ වැඩසටහන් ආදිය වේ. කටුනායක පිහිටි Star Innovation Center යනු LEED version 4 සහතිකකරණ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ LEED Platinum building සහතිකය දිනාගත් එකම සමාගම වේ. එමෙන්ම අග්නිදිග ආසියාවේ ප්‍රථම Passive House Design ගොඩනැගිල්ල ද එය වේ.
පර්යේෂණ සහ සංවර්ධන, ස්වයංක්‍රීයකරණය මෙන්ම තිරසර ලෙස අමුද්‍රව්‍ය සපයාගැනීම ආදී අංශ කෙරෙහි දැඩි අවධානයක් යොමුකරන ගෝලීය ඇඟලුම් නිෂ්පාදකයෙකු ලෙස ස්ටාර් ගාමන්ට්ස් මේ වනවිට නමක් දිනාගෙන සිටී. පර්යේෂණ සහ සංවර්ධන පෙරටුකරගත් ඇඟලුම් නිෂ්පාදනයට ඉහළ දායකත්වයක් සපයන ස්ටාර් ගාමන්ට්ස් සමූහය, තම තිරසර ආයෝජන තුළින් 100%ක් තිරසර ඇඟලුම් වර්ණක යොදාගැනීමට ද, ඇඟලුම් නිෂ්පාදන චක්‍රය 30%කින් අවම කරගැනීමට ද සමත්ව තිබේ.
සෙසු කලාපීය ඇඟලුම් නිෂ්පාදනවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඇඟලුම්වල ගුණාත්මකභාවය ඉහළ මට්ටමක තබාගැනීමට ස්ටාර් ගාමන්ට්ස් සමූහය කැපවී ක්‍රියාකරයි. තව ද අඛණ්ඩව ශ්‍රී ලංකාවේ සේවයට වඩාත් සුදුසුම ආයතනයක් (Great Place to Work) ලෙස ද ස්ටාර් ගාමන්ට්ස් සමූහය ශ්‍රේණිගත වී තිබේ. පසුගියදා ජාතික අපනයන වාණිජ මණ්ඩල අපනයන සම්මාන උළෙලේදී මහා පරිමාණ ඇඟලුම් කාණ්ඩයේ රන් සම්මානයක් දිනාගැනීමට ද ස්ටාර් ගාමන්ට්ස් සමත්විය.
– අවසන් –