සුවපත් දිවියකට හඳුන්වා දෙන නවතම කාබනික ඖෂධීය පානය – Rolanta

Share with your friend

කාර්යබහුල වුවත් නිරෝගී මෙන්ම වස විස නැති ආහාරපාන වලට නැඹුරු වූ නූතන පරම්පරාව වෙනුවෙන් කාබනික තේ සහ ඖෂධීය ශාකසාර පානයන් රැසක් Rolanta Tea වෙතින් හඳුන්වා දෙයි. මෙය දේශීය වෙළදපල සඳහාම නිර්මාණය වූ නවතම නිෂ්පාදන පෙළක් වන අතර කොරෝනා වසංගතය ඇති වීමත් සමඟම බොහෝ අය නිරෝගී ජීවන රටාවක් ගත කිරීම හා ඉහළ ප්‍රතිශක්තිකරණයක් පවත්වා ගැනීම ගැන විශේෂ සැලකිල්ලක්‌ දක්වන කාල වකවානුව සැලකිල්ලට ගෙන ශාරීරික හා මානසික සුවයට දායක වන බවට  විද්‍යාත්මකව තහවුරු කරන ලද හා ප්‍රතිශක්තිකරණය ඉහල නංවන වෙනත් ප්‍රබල සවාභාවික රස ද්‍රව්‍යයන් වල සාරය මුසු කොට සෑදු  කාබනික ඖෂධීය පාන පෙළකි. 

මේ නව නිෂ්පාදන වර්ග 4 කින් ලබා ගත හැකි අතර ඒ එක් එක් වර්ගයට ආවේනික මිශ්‍රණයක්‌ හා ඖෂධීය ගුණයක්  ඇතුළත් වීම විශේෂ කරුණක්. ඒ වර්ග 4 වන්නේ Cinnamon herbal drink (කුරුඳු ඖෂධීය පානය), Organic Ginger black tea (කාබනික ඉඟුරු තේ), Organic Moringa (කාබනික මුරුංගා පානය) හා Herb well herbal drink (කාබනික ඖෂධ මිශ්‍රණයක්‌) යන ඒවායි. මේ සෑම නිෂ්පාදනක්‌ම පාරිභෝගිකයන්ට උපරිම ශාරීරික හා මානසික සෞඛ්‍ය හා ගුණාත්මකබව  ලබා දීමට ඉතා සැලකිලිමත්ව සැකසීමට වගබලා ගෙන ඇති අතර ඉතා පහසුවෙන් පිළියෙළ කිරීමට හැකිවන අයුරින්ද සකසා ඇත. එක් සැෂේ පැකට්ටුවක් උතුරන වතුරට දමා විනාඩි 3-5 ක්‌ පමණ තබා පානය කළ හැකියි. මෙම නිෂ්පාදන හොඳ ශරීරි සෞඛ්‍යයට ඉවහල් වන ආහාර ජීර්ණ පද්ධතිය ශක්තිමත් කිරීම, රුධිර සංසරණ පද්ධතිය ශක්තිමත් කිරීම හා ප්‍රතිශක්තිකරණය ඉහළ දැමීමට දායක වන අතරම මානසික සෞඛ්‍ය හා චිත්තවේගීය සුවයට ඉවහල් වන ආතතිය හා මානසික වෙහෙස පාලනය කිරීමටද  මහෝපකාරී වේ.  රෝලන්ටා නිෂ්පාදන ගත හා සිත පුබුදයි. ඔබව ප්‍රබෝධමත් කරයි.

තේ කර්මාන්තය හා බැඳී ව්‍යවසායකයකු වන රිද්ම අයන්ත මහතාගේ නායකත්වය යටතේ රොලන්ටා සමාගම  නව්‍යකරණ ව්‍යාපාරක්‌ ලෙස කැපීපෙනෙන ආයතනයකි. ඉහළ තත්ත්වයෙන් යුතු කාබනික ඖෂධීය ශාකසාර පානයන් ( Organic herbal drinks) තව තවත් වෙළඳපළට හඳුන්වා දීම මත කාබනික තේ කර්මාන්තයේ අනාගතය රඳා පවතින බව රොලන්ටා සමාගම තදින්ම  විශ්වාස කරයි. රොලන්ටා සමාගම පර්යේෂණ හා ප්‍රවර්ධනය (R&D) සඳහා දායක වන තාක්ෂණය උදෙසා විශාල ආයෝජනයන් කරන්නේ ඒ හේතුවෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස නව නිෂ්පාදන ප්‍රවර්ධනය (NPD)වන අතර නුතන පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයට හා ජීවන රටාවට ගැලපෙන අයුරින් ආකර්ෂණීය නව නිෂ්පාදන බිහි වේ.

“ආයුර්වේදයේ මූලධර්ම හා සම්ප්‍රදායික සුව කිරීමේ චාරිත්‍රද යොදා ගනිමින් අපගේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන් වගේම ඔවුන්ගේ ජීවන රටාවන් හා එහි ඇතිවන කාලීන වෙනස්කම්ද තේරුම් ගැනීමට රොලන්ටා සමාගම ලෙස අපි කාලය යොදවනවා. එමෙන්ම මෙම දත්ත හා තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් ඖෂධ හා පැළෑටි වල අන්තර්ගතය, ඒවායේ ඇති ප්‍රත්‍යක්ෂ ගුණය මෙන්ම ඒවා වැඩිදියුණු කරමින් හා මිශ්‍ර කරමින් නව නිෂ්පාදන හඳුන්වා දීමටද මහත් ආයාසයක් අපි දරනවා. කාබනික බීම වෙළඳපල බිලිඳු අවස්ථාවේ පසුවන බවත් තවදුරටත් දියුණු කල හැකි බවටත් අපගේ විශ්වාසයයි. එමනිසා අපගේ සංකල්පය වන්නේ රොලන්ටා, විශ්වාසය තැබිය හැකි, උසස් තත්ත්වයෙන් යුතු හා සැබවින්ම ශ්‍රී ලාංකීය  ඖෂධීය පානයක සන්නාමයක්‌ ලෙස ශරීර සුවතාවයට නැඹුරුවාවක් දක්වන නුතන ගෝලීය පාරිභෝගිකයාගේ හදවතට ළඟා වීමයි “යයි රිද්ම ප්‍රොඩක්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සභාපති /අධ්‍යක්ෂක රිද්ම අයන්ත මහතා පැවසුවා 

2012 දී සංකල්පනය කරන ලද රෝලන්ටා ටී යනු ශ්‍රී ලංකාවේ කාබනික තේ සහ ශාකසාර පාන නිෂ්පාදනය කරන විශාලතම ආයතන වලින් එකකි. ඔවුන් දේශීය හා ජාත්‍යන්තර වෙළඳපලේ වෙනස්වන අවශ්‍යතාවයන්ට අනුව හැඩගැසෙමින් ශ්‍රී ලංකාවේ උසස්ම ගනයේ තේ හා තේ සාරයෙන් සැදූ නිෂ්පාදන හඳුන්වා දෙයි. රොලන්ටා ඖෂධීය ශාකසාර නිෂ්පාදන  මතුගම පිහිටි ඔවුන්ගේම R&D මධ්‍යස්‌ථානය හා අති නවීන නිෂ්පාදන කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදනය කරනු ලබයි.රෝලෙන්ටා සමාගම බිහිවූ දා සිට අවුරුදු 7ක්‌ වැනි සුළු කාලයක් තුළ ඉතා සීග්‍රයෙන් වර්ධනය වී ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත වූ බෙදා හැරීමේ ජාලයක් පිහිටුවා ඇති අතර  ජාත්‍යන්තරයද  ජයගෙන ඇත.වර්තමානයේ ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය, ජපානය, රුසියාව හා මාල දිවයින යන රටවල්  වලට  බෙදා හැරේ. රොලන්ටා නිෂ්පාදන සුපිරි වෙළඳ සැල් වලින්, ෆාමසි වලින්, කාබනික නිෂ්පාදන අලෙවි මධ්‍යස්ථාන වලින් හා ඔවුන්ගේ ෆේස් බුක් පිටුවෙන් මිලදී ගත හැකියි. රෝලන්ටා තේ සහ ශාකසාර බීම USDA කාබනික බවට සහතික කර ඇති අතර එහි නිෂ්පාදන පහසුකම් ජාත්‍යන්තරව පිළිගත් ISO 9001 සහ ISO 22000 ප්‍රමිතීන්ට අනුකූල වේ.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply