සෙලාන් බැංකුව තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ

Home » සෙලාන් බැංකුව තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ
Share with your friend

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී බැංකු කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරී සංගමය (Association of Chartered Certified Accountants Sri Lanka – ACCA) මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. 

‘Connecting the Possibilities’ යන තේමාව යටතේ ප්‍රකාශයට පත්කරන ලද සෙලාන් බැංකුවේ වාර්ෂික වාර්තාව, විනිවිදභාවය සහ වගවීම යන මූලික ගුණාංග ඒකාබද්ධ කරමින් තම පාර්ශ්වකරුවන් වෙනුවෙන් තිරසාර වර්ධනයක් ළඟා කරදීම හා ධනය උත්පාදනය කිරීම සඳහා බැංකුව දරන උත්සාහය සම්බන්ධයෙන් මූලික අවධානයක් යොමුකරයි. වගකිවයුතු ආයතනික පුරවැසියෙකු වශයෙන් සෙලාන් බැංකුවේ මූලික ඉලක්කය වන්නේ, තම පාර්ශ්වකරුවන්ගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු අතරම පරිසරයට ඇතිවන බලපෑම අවම කරමින්, ප්‍රජා සත්කාර ඔස්සේ තමන් සිදුකරන සමාජ මෙහෙවර තවදුරටත් පුළුල් කිරීම ය. 

වාර්ෂිකව පැවැත්වෙන තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී, වගවීම හා විනිවිදභාවය සම්බන්ධ  මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින සමාගම් හා ආයතන ඇගයීමට ලක් වේ. තිරසාර වාර්තාකරණය යනු, වර්තමානයේදී සුවිශාල වැදගත්කමකින් යුත් තිරසාර සංවර්ධන ඉලක්ක (Sustainable Development Goals – SDGs) ළඟා කරගැනීම සඳහා වැදගත්වන ප්‍රධානතම සාධකයකි. වරලත් සහතිකලත් ගණකාධිකාරී ආයතනය මගින් සංවිධානය කරනු ලබන තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙළේ නිර්ණායක ගෝලීය වශයෙන් සැලසුම් කර ඇත්තේ වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමට ලක්කිරීම ඉලක්ක කරගෙන ය. එමෙන්ම එය තිරසාරත්ව වාර්තාකරණය සම්බන්ධ ‘Global Reporting Initiative’ (GRI) මාර්ගෝපදේශ වලට ද අනුකූල වේ. 

ඡායාරූපය: සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ව්‍යාපෘති) රන්දික ජයතිස්ස, ශ්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජික ජාල මණ්ඩල සභාපති නන්දික බුද්ධිපාල, සෙලාන් බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී චම්පිකා දොඩන්වල, ප්‍රධාන ආරාධිත සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තිරසාර සංවර්ධන ඉලක්ක විශේෂඥ දුලනි සිරිසේන සහ වරලත් සහතිකලත් ගණකාධිකාරී සංගමයේ දකුණු ආසියානු ඒකක ප්‍රධානී නිලූෂා රණසිංහ යන මහත්ම මහත්මීහු

සෙලාන් බැංකුව පිළිබඳව 

සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, සීඝ්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. සීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුණු පාරිභෝගික සේවා සැපයුම් ස්ථාන 540 කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම් සෙලාන් බැංකුවේ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම ‘A’(lka) ලෙස සංශෝධනය කරමින් එම බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත, මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීමද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ. 

වැඩිදුර තොරතුරු සඳහා www.seylan.lk වෙත පිවිසෙන්න. 


Share with your friend

Leave a Reply

%d bloggers like this: