අධ්‍යාපනයේ සමානාත්මතාව අරමුණු කරගත් අන්තර්කරණය වූ අධ්‍යාපනයක් උදෙසා වූ ජාතික කතිකාවේදී මතු වූ විශේෂ කරුණු

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නායකයින්, නවෝත්පාදකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් කැදවමින් 2025 ශ්‍රී ලංකා අධ්‍යාපන සම්මන්ත්‍රණය පවත්වන ලදී. සහභාගිත්වය සහ බහු මට්ටමේ සන්නිවේදනය සම්බන්ධයෙන් අද්විතීය පළමු උත්සාහයක් වන මෙය, ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා සූදානම් සහ වඩා සමානාත්මක, සහභාගී අධ්‍යාපන පද්ධතියකට පිවිසෙන ගමනේ සන්ධිස්ථානයක් වේ. ශ්‍රී ලංකා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යධූරය දරන ගරු අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය ඇතුළු ගෞරවණීය ආරාධිතයින් රැසක් මෙම සම්මන්ත්‍රණය සදහා සහභාගි වූහ.
“අධ්‍යාපනයෙහි සහයෝගිත්වය, සමානාත්මතාව, නව්‍යකරණය සහ සාධාරණත්වය” යන තේමාව අරමුණු කරගත් මෙම කතිකාව තුළින් ක්‍රමෝපාය පිළිබඳ සංවාද සහ අදහස් හුවමාරු කරගැනීමට වේදිකාවක් නිර්මාණය කෙරුණි. සියලු දෙනාට සමසේ ගුණාත්මක බවින් ඉහළ අධ්‍යාපනක් ලබාදිය හැකි ක්‍රමෝපාය කවරේද යන්න පිළිබඳව ශ්‍රී ලංකාවේ දස දෙසින් මෙන්ම වෙනත් රටවලින් ද පැමිණි ප්‍රතිපත්ති සම්පාදකයින්, ගුරුවරුන්, සංවර්ධන හවුල්කරුවන් සහ පරිකල්පිත නායකයින් මෙහිදී සාකච්ඡා කළහ. සියලු දෙනාට සාධාරණ ලෙස ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබාදීම, ද්විත්ව භාෂාවලින් ඉගැන්වීම තවදුරටත් ඉදිරියට ගෙනයාම සහ ශිෂ්‍යයින්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීම සදහා ඩිජිටල් උපකරණ භාවිතය වැනි කරුණු මෙම සාකච්ඡාවේ ප්‍රධාන තේමා අතරට ඇතුළත් විය.

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ අධ්‍යාපන, කලාව සහ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා කේට් ජොයිස් මහත්මිය මෙහි සමාරම්භක දේශනය පවත්වමින් ඉදිරි කාලයේදී පොදු අරමුණක් වෙනුවෙන් සූදානම් වන අකාරය පැහැදිලි කළාය. මෙහිදී විශේෂ දේශනයක් පවත්වමින් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා අධ්‍යාපනික සහයෝගිත්ව සම්බන්ධයෙන් එක්සත් රාජධානිය දීර්ඝ කාලයක් පුරා පවත්වාගෙන එන බැදීම තවදුරටත් තහවුරු කළේය. බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ ඔලැන්ඩෝ එඩ්වඩ්ස් මහතා, ප්‍රතිසංස්කරණ කිරීමේදී අධ්‍යාපනය ලබන ශිෂ්‍යයින් ප්‍රධාන වශයෙන් අරමුණු කරගනිමින් විසදුම් සෙවීමේ වැදගත්කම වීඩියෝ පණිවිඩයක් මගින් පැමිණ සිටි පිරිස අමතමින් පැහැදිලි කළේය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා එහිදී අධ්‍යාපනයේ සමානාත්මතාව පිළිබඳව සිය මතය පළ කළ අතර ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ඉංග්‍රීසි සහ පාසල් අධ්‍යාපනය පිළිබඳ ප්‍රධානී අංජු මෝසෙස් මහත්මිය මෙම සාකච්ඡාවට අරුත්බර සහ ඵලදායී මුහුණුවරක් එක් කරන ලදී.
මෙම අවස්ථාවට සහභාගි වූ අතිගරු අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය සුවිශේෂී දේශනයක් පවත්වමින් අවධාරණය කළේ, ඉංග්‍රීසි අධ්‍යාපනය යනු ශිෂ්‍යයින්ට වැඩි අවස්ථා ලැබීමේ ශක්‍යතාවයක් මිස එය සාමාජීය බෙදීම ඇතිකරන කරුණක් නොවිය යුතු බවයි. ඇය 2026 වසර සදහා ඉතා පැහැදිලි සහ ප්‍රායෝගික ප්‍රතිසංස්කරණ ගෙනහැර දැක්වූ අතර සැමට පොදු වූ ඉංග්‍රීසි සන්නිවේදන උපදෙස්, නව්‍යකරණය වූ ගුරු පුහුණු වැඩසටහන්, ඩිජිටල් තාක්ෂණය සදහා පුළුල් ප්‍රවේශය සහ සමාජීය හා භූගෝලීය ස්ථර සියල්ල සදහා සම අධ්‍යාපන අවස්ථාවන් එහිදී අරමුණු කෙරුණි. සියලු දෙනා සදහා සාධාරණ සහ අනාගතය සදහා සූදානම් අධ්‍යාපන පද්ධතියක් නිර්මාණය කිරීමට රජය, සංවර්ධන හවුල්කරුවන්, සිවිල් සමාජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව මේ සදහා පියවර ගත යුතු බව එහිදී අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පවසන ලදී.



විද්වත් මඩුලු සාකච්ඡා දෙකකින් සමන්විත වූ මෙම සම්මන්ත්‍රණයේදී පන්ති කාමර සදහා අර්ථවත් වෙනසක් ඇති කිරීමට ජාතික ප්‍රතිපත්තයෙන් කවර ආකාරයේ බලපෑමක් ඇති වන්නේද යන්න පිළිබඳව සහ රාජ්‍ය-පෞද්ගලික සහයෝගිත්වය තුළින් නව්‍යකරණයට මග පෑදෙන්නේ කෙසේදැයි යන්න පිළිබඳව සාකච්ඡා කෙරුණි.
‘සමානාත්මකතා අධ්‍යාපනයක් සදහා වන පාලනය’ ලෙසින් පැවති පළමු විද්වත් කතිකාවේදී පරිපූර්ණ ඉගැන්වීම, සාධාරණ පරතරය දුරු කිරීම සහ ඩිජිටල් යටිතල පහසුකම් සවිබල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කරුණි. ‘අධ්‍යාපන මාවත් පිළිබඳව යළි සිතා බැලීම’ පදනම් කරගත් දෙවැනි කතිකාවේදී වේගයෙන් ඉදිරියට ඇදෙන එමෙන්ම පූර්ව නිගමනයන්ට එළැඹිය නොහැකි අනාගතයක් උදෙසා වැඩි සූදානමකින් මුහුණ දීමට භාෂාවෙහි වැදගත්කම, ඩිජිටල් නව්‍යකරණය සහ නම්‍යශීලී ඉගෙනුම් ආකෘති පිළිබඳව සාකච්ඡා කෙරුණි.


ශිෂ්‍යයින් යනු අනාගත ලෝකය වෙනස් කිරීමේ නියෝජිතයින් බව තහවුරු කරමින් මෙම සම්මන්ත්‍රණයට සහභගි වූ ශිෂ්‍යාවක් ඉතා චතුර ලෙස කතාවක් ඉදිරිපත් කළාය. සිය ආචාර්ය මණ්ඩලයේ මගපෙන්වීම ඔස්සේ නිදහස් සහ ද්විත්ව භාෂා ආධ්‍යාපනය තුළින් නව මාවත් විවර කරමින් සිය ගමන්මග හෙළිපෙහෙළි වූ බව ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 13 හැවිරිදි තෙනුලි ඇල්පිටිය ශිෂ්‍යාව සදහන් කළ අතර සමානාත්මතාවයෙන් යුත්, නොමද සහයෝගය ලබාදෙන අධ්‍යාපන ක්‍රමවේදයන් තුළින් ලැබෙන බලපෑම ද ඇය එහිදී පෙන්වා දුන්නාය.
“අප සියලු දෙනාගේ සාමූහික ප්‍රයත්නයට මෙන්ම අනාගත සැලසුම් සදහාත් මෙම සම්මන්ත්‍රණය ඉතාම වැදගත් අවස්ථාවක්. වේගයෙන් වෙනස්වන ලෝකය ජය ගැනීම සදහා අවශ්‍ය වන පදනම මෙන්ම දැනුම සහ හැකියාවන්ගෙන් සන්නද්ධ වීමට, අනාගතය සදහා සූදානම් එමෙන්ම පරිපූර්ණ අධ්‍යාපන පද්ධතියක් ගොඩනැංවීම සදහා අප ගන්නා වෑයම සවිබල ගැන්වීමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් රැසක් මෙම සම්මන්ත්‍රණය තුළින් එක්රැස් කර තිබෙනවා. සියලුම ශිෂ්‍යයින්ට එක හා සමාන අධ්‍යාපනය ලබාදෙමින් වැඩි ඵලදායිත්වයකින් ලැබීමට මෙවැනි අවස්ථාවලදී රජය, පාසල් සහ සංවිධාන එක්ව කටයුතු කිරීමේ වැදගත්කම මනාව පැහැදිලි වෙනවා. ” යනුවෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසීය.
බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශ්‍රී ලංකා අධ්‍යාපන සම්මන්ත්‍රණය සංවිධානය කරන ලද්දේ සහයෝගිත්වය, ඉගෙනුම් ක්‍රමෝපායන් හුවමාරු කරගැනීම සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා අවකාශ සලසා දීමේ අරමුණ ඇතිවය. ප්‍රධාන පාර්ශවකරුවන් සම්බන්ධ කිරීම, නව්‍යකරණ ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කරවීම සහ දිගුකල් පවතින අර්ථවත් ප්‍රතිසංස්කරණ සදහා මාවත විවර කරදීම මෙහි ඉලක්කයයි. එමෙන්ම සමවාදී, අනුවර්තනය වන සහ ගෝලීයකරණය වූ ලොවකට සිසුන් සූදානම් කරවන අධ්‍යාපන ක්‍රමවේදයක් වෙනුවෙන් වන දැක්මක් එහි පදනමෙහි ඇත.
සිය සමාරම්භක දේශනයේදී කේට් ජොයිස් මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය. “අධ්‍යාපනය ඉහළ නැංවීමේ කර්තව්‍යය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර සහයෝගිතාවය ශක්තිමත් කරන මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට ලැබීම සම්බන්ධයෙන් අපි ඉතාමත් සතුටට පත් වෙනවා. ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට සහාය ලබාදීමත්, නව්‍යකරණයටත් එමෙන්ම අර්ථාන්විත දිගු කාලීය සහයෝගිත්වයත් තුළින් සියලු දෙනාට සාධාරණ අධ්‍යාපනයක් ලබාදීමටත් බ්‍රිතාන්‍ය කවුන්සිලය ජාතික හවුල්කරුවන් සමග සමීපව ඉදිරියේදීත් කටයුතු කරනවා. අපගේ මෙම සාමූහික ප්‍රයත්නය තුළින් තිරසර වූ වෙනසක් සහ බලපෑමක් කළ හැකි බව අපගේ විශ්වාසයයි. ”
වඩා ඵලදායී අනාගතයක් උදෙසා සාමූහිකව ක්‍රියා කිරීමේ එකගතාවය ඇතිව මෙම සමුළුව සාර්ථක ලෙස අවසන් විය. සමානාත්මතාවය යනු වෙන් කිරීමක් නොව, සෑම පන්ති කාමරයකදීම මෙන්ම ප්‍රතිපත්ති පිලිබද තීරණ ගැනීමේදී එය විවිධත්වයේ සක්‍රීය ක්‍රියාකාරිත්වයක් බවට පෙන්වා දිය යුතු බව එහිදී අවධාරණය කෙරුණි. ගුරු පුහුණුව, ඩිජිටල් බෙදීම් සහ භාෂාව පදනම් කරගත් අපකීර්තිය වැනි වූ අභියෝග වලට මුහුණ දීමේ සිට අරමුණක් ඇතිව තාක්ෂණය ඉහළ නැංවීම, සාධාරණත්වය වෙනුවෙන් වන සාකච්ඡා දක්වා වන සියලු කාරණා ප්‍රතිසංස්කරණවලදී සැලකිල්ලට ගත යුතුය. ශ්‍රී ලංකාව අනාගතය අරමුණු කරගනිමින් කටයුතු කරන බැවින්, 21 වැනි ශතවර්ෂයට ඔබින පරිදි හැකියාවන් සහ කුසලතා ඉහළ නැංවිය යුතු බව සම්මන්ත්‍රණය සදහා සහභාගි වූ පිරිස පෙන්වා දුන් අතර එලෙස අර්ථාන්විත වූ වෙනසක් පද්ධතිය තුළ ඇති කළ කළ යුත්තේ ශිෂ්‍යයින්ගේ හඩ හදවතේ තබාගනිමින් බව ද එහිදී අවධාරණය කෙරුණි.