ආකර්ෂණීය ත්‍යාග හා වවුචර පත් සමඟින් HNB සිඟිති ගිෆ්ටෝබර් ප‍්‍රවර්ධනය නැවතත්

Share with your friend

ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ලෝක ළමා දිනය නිමිත්තෙන් සිය බාල වයස්කාර ගිණුම්හිමියන් සඳහා ජම්බෝ පෑන් රදවනයන්, HNB වෙළෙඳ නාමය සහිත වටිනා තේ කට්ටල සහ රුපියල් 100,000 දක්වා වූ වවුචර පත් ඇතුළු පුළුල් පරාසයක ආකර්ෂණීය ත්‍යාග රැසක් සමඟින් නැවතත් සිඟිති ගිෆ්ටෝබර් ඉතුරුම් මාසය දියත් කර ඇත. 

තම ඉතුරුම් දෙගුණ කිරීමට දරුවන් සහ දෙමාපියන් දිරිමත් කරමින්, බාල වයස්කාර ගිණුම් හිමියන්ට ඔක්තෝබර් 5 සිට නොවැම්බර් 23 දක්වා ඔවුන්ගේ තැන්පතු සඳහා උපරිම ප‍්‍රතිලාභ ලබා ගැනීමට බැංකුව අවස්ථාව ලබා දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වන HNB තැන්පතු ප‍්‍රධානී විරංග ගමගේ මහතා ‘’කුඩා දරුවන් බොහෝ ප‍්‍රිය කරන HNB සිඟිති ගිෆ්ටෝබර් ඉතුරුම් මාසය නැවතත් ගෙන ඒමට හැකි වීම ගැන අපට ඇත්තේ මහත් සතුටක්. බොහෝ දෙනෙක් ඉතා උනන්දුවෙන් බලා සිටින වාර්ෂික ප‍්‍රවර්ධනයක් ලෙස මෙය හැඳින්විය හැකියි. මූල්‍යමය වශයෙන් සුරක්ෂිත අනාගතයක් උදෙසා අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට හා බාල වයස්කාර ගිණුම් හිමියන්ට පෙර නොවූ විරූ ප‍්‍රතිලාභ සමඟින් ඔවුන්ගේ ඉතුරුම් දෙගුණ කරගැනීමට මෙයින් දිරිමත් කරනවා.”

”දරු දැරියන් ළමා දිනය බොහොම කෙළි දෙලෙන් සැමරීමට කැමතියි. අපටත් එය විශේෂ අවස්ථාවක්. පවත්නා වසංගත තත්වය හේතුවෙන් මෙවර පෙර වසරවල මෙන් විනෝදාත්මක තරග නොපැවැත්වුවත් ඔවුන්ගේ තෑගි-බෝග ලබා ගැනීමට අලංකාරවත් ලෙස සරසා ඇති අපගේ පාරිභෝගික ඒකක වෙත පැමිණෙන අපගේ බාල වයස්කාර ගිණුම් හිමියන්ව අප සාදරයෙන් පිළිගන්නවා. ඉතිරිකිරීම් සම්බන්ධයෙන් අපගේ දරුවන්ට ආකර්ෂණීය දෙයක් ලබා දීමට අප අපගේ උපරිමය කළ බවට සහතික වීමට අපට අවශ්‍යයි.’’ යනුවෙන් ඔහු පැවසුවේය.

රුපියල් 500 සිට රු. 100,000 ක තැන්පතුවක් හිමි සිඟිති ගිණුම් හිමියන්ට මෙම වසරේ ඔවුන්ගේ ඉතුරුම් සඳහා හොඳම වටිනාකම ලබා ගැනීමට හැකියාව ඇත. මේ යටතේ HNB විසින් ජම්බෝ කැට සහ පෑන් රදවනයන්, පාසල් උපකරණ කට්ටල, whiteboards, ට්‍රොලි බෑග් හා HNB වෙළෙඳ නාමය සහිත තේ කට්ටල ඇතුළුව ආකර්ෂණීය ත්‍යාග බැංකුව පිරිනමයි.

මීට අමතරව, තම ගනුදෙනුකරුවන්ට උපරිම සේවයක් සැලසීමේ අරමුණින් එම්ඞී ගුණසේන, සරසවි, විජිත යාපා, DSI, ෆැෂන් බග්, DSI Bikes, ලූමාලා, අබාන්ස්, දම්රෝ, සිංගර්, ආර්පිකෝ සුපර් සෙන්ටර්, සොෆ්ට්ලොජික්, මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් සහ නිත්‍යකල්‍යානි ජුවලර්ස් යන ආයතන සමග සම්බන්ධ වී සිටින අතර මෙම වටිනා තෑගි වවුචර මගින් අදාළ ආයතනයන් හි  ඕනෑම ශාඛාවකින් භාණ්ඩ මිලදී ගත හැකිය.

පාරිභෝගික මධ්‍යස්ථාන 254ක් දීපව්‍යාප්තව පවත්වාගෙන යන HNB ඩිජිටල් බැංකුකරණයේ නව ආදර්ශයක් ඉදිරියට ගෙන යාමේ ප‍්‍රයත්නය උදෙසා දෙස් විදෙස් පිළිගැනීමක් ලබා ඇති ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් තාක්ෂණික නවෝත්පාදන බැංකුවකි. එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව මගින් අඛණ්ඩව පස්වරක් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද HNB ශ්‍රේණිගත කරන ලද අතර 2020 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී විශිෂ්ටතම වත්කම් භාරකාරත්ව (Best Sub-Custodian) බැංකුව ලෙස ද HNB සම්මානයට පාත‍්‍ර විය. Fitch Ratings (ලංකා) සමාගම විසින් බැංකුවට ජාතික දිගු කාලීන AA- (lka) ශ්‍රේණිගත කිරීමක් ලබා දී ඇත.


Share with your friend