ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ ප්‍රමුඛතම සන්නාමයක් වන පැල්වත්ත කිරි සමාගම, ආහාර කලා ප්‍රදර්ශනය 2025 (CAFE 2025) හි රන් අනුග්‍රාහකයා ලෙස සාර්ථකව සිය දායකත්වය සපයන ලදි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) 2025 ජූනි 13 සිට 15 දක්වා මෙම සුවිෂේශී ප්‍රදර්ශනය, ප්‍රවීන සූපවේදීන් සහ ප්‍රමුඛතම ආහාර සන්නාමයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විනි.

ප්‍රදර්ශනය පුරාම, පැල්වත්ත කිරි සමාගමේ කුටිය වෙත 1,500 කට අධික නරඹන්නන් පිරිසක් පැමිනි අතර, ඔවුන්ට පැල්වත්ත අයිස්ක්‍රීම් හා උසස් ප්‍රමිතියෙන් යුත් පැල්වත්ත නිශ්පාදන යොදා සකස් කරන ලද විවිද කෑමවර්ග රස බැලීමටද අවස්තාව ලබා දුනි. නැවුම්බව, උසස් තත්ත්වය සහ දේශීය සම්පත් භාවිතය සඳහා පැල්වත්ත කිරි සමාගමේ කැපවීම, සෑම රසවත් අහාරයකින්ම පිලිඹිබු වූ අතර එය සහභාගී වූවන් විසින්ද අගය කරන ලදී.
මෙම ප්‍රදර්ශනයෙහි වැදගත් සන්ධිස්ථානයක් වූයේ, සමාරම්භක දිනයේදී අග්‍රාමාත්‍ය ගරු හරිනි අමරසූරිය මහත්මියගේ පැමිණීමයි. අග්‍රාමාත්‍යවරිය පැල්වත්ත කිරි සමාගමේ කුටිය නිරීක්ෂණය කර, කණ්ඩායම් සාමාජිකයන් සමඟ සාකච්ඡා කර, දේශීය කිරි කර්මාන්තයට පැල්වත්ත සමාගම ලබා දෙන දායකත්වය අගය කළාය.
ප්‍රදර්ශන අත්දැකීම තවදුරටත් වර්ණවත් කරමින්, සූපවේදී රංජන් කරුණානායක මහතා සහ ඔහුගේ සහායකයා විසින් ආකර්ෂණීය සජීවී ආහාර පිසීමේ නිරූපණයක් පැල්වත්ත කුටියේදී තෙදින පුරාවටම පවත්වන ලදී. මෙහිදී පැල්වත්ත කිරි නිෂ්පාදනවල නව්‍ය සහ ප්‍රායෝගික යෙදීම් ප්‍රදර්ශනය කිරීමෙන් ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගත් අතර, පළපුරුදු සූපවේදීන් සහ උද්යෝගිමත් ආහාර ලෝලීන් යන දෙපිරිසගෙන්ම සැලකිය යුතු අවදානයක් දිනා ගන්නා ලදි.
ආහාර කලා ප්‍රදර්ශනය 2025 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර සන්නාමයන් සඳහා විෂේශ අවස්ථාවක් වූ අතර, පැල්වත්ත කිරි සමාගමට සිය නිෂ්පාදනවල විශිෂ්ටත්වය ඉස්මතු කිරීමට, ප්‍රධාන කර්මාන්ත පාර්ශවකරුවන් සමඟ සම්බන්ධතා ගොඩනැගීමට සහ වෘත්තීය සූපවේදී ප්‍රජාව තුළ සිය ස්ථාවරය තහවුරු කර ගැනීමට අගනා අවස්ථාවක් සපයන ලදී. ආහාර කලා ප්‍රදර්ශනය 2025 සදහා පැල්වත්ත කිරි සමාගමේ දායකත්වය ආහාර කර්මාන්තයේ වර්ධනය උදෙසා මෙහිදී වැදගත් මෙහෙවරක් ඉටු කරන ලදි.
පැල්වත්ත කිරි සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදකයෙකි. පැල්වත්ත කිරි සමාගම උසස් තත්ත්වයේ, දේශීය කිරි නිෂ්පාදන සැපයීමට කැපවී සිටින ආයතනයක් මෙන්ම නිෂ්පාදනවල පෝෂණ අගය කෙරෙහි අවධානය යොමු කරමින් දේශීය ආර්ථිකයට වදගත් මෙහෙවරක් ඉටු කරමින් සිටියි.