නවීන තාක්ෂණික මෝටර් රථ කලාවේ පෙරළිකාරයා SAIC Motors විසින් හඳුන්වා දෙනු ලබන IM5 සහ IM6 අධිතාක්ෂණික මෝටර් රථ අත්දැකීම ළඟදීම ඔබටත් ලබාගත හැකියි. සුඛෝපභෝගි, ඉන්ධන ඉතිරිකිරීම, තාක්ෂණය සහ ස්මාර්ට් හැසිරවීම ආදී වාසි රැසක් ලබාදෙන මෙම නවීන තාක්ෂණික මෝටර් රථ, විදුලි මෝටර් රථ පැදවීම පිළිබඳ අප සිතන ආකාරය පවා වෙනස් කරයි.


IM5 මෝටර් රථය නිර්මාණය කර ඇත්තේ තාක්ෂණය සමඟ ඉදිරියට යාමට වැඩි රුචිකත්වයක් දක්වන පුද්ගලයන් සඳහායි. අධි තාක්ෂණය සහිත මෙම මෝටර් රථය ඔබට සුඛෝපභෝගී අත්දැකීමක් ලබා දෙයි. ඉඩකඩ සහිත ඇතුළත, ඔබේ සුවපහසුව සඳහා නිර්මාණය කර ඇති මෙම මෝටර් රථයේ බාහිර පෙනුම මෙන්ම ඇතුළතද ඉතා ආකර්ෂණීය වන අතර එය නවීන අත්දැකීමක් ඔබට ලබාදෙයි. ඔබේ එදිනෙදා ගමන් වලදි හෝ දිගුදුර ගමනක නිරතවන විට මෙම මෝටර් රථය ඔබේ ගමන් පහසුව ඇති කරන අතරම ඔබට ගමන් මහන්සියක් කිසිවිටෙක නොදෙනු ඇත. මෙය 75kwh බැටරියක් සමඟ එන අතරම ඉන් සම්පූර්ණ ආරෝපණයකින් 500km කට වඩා වැඩි පරාසයක් ලබා දෙයි. එය වේගවත් ආරෝපණයට ද සහාය වේග එයින් අදහස් වන්නේ ඔබට පැය ගණනක් වෙනුවට මිනිත්තු කිහිපයකින් මෝටර් රථය චාර්ජ් කරගෙන නැවත ධාවනය කළ හැකි බවයි. මෙහි මෝටරය සුමට, විශ්වාසදායි බලයක් ලබා දෙන අතර නගරයේ රිය පැදවීම සහ අධිවේගී මාර්ගයේ ගමන් කිරීම එක හා සමානව පහසු කරයි.
මෝටර් රථය ඇතුළත ඇති තාක්ෂණික දේවල් ඔබව තවත් පුදුමයට පත්කරයි ග විශාල ඩිජිටල් තිර දෙකක් ඔබට විනෝදාස්වාදයේ සහ ස්මාර්ට් රිය පැදවීමේ සැකසුම් දක්වා සියල්ල පාලනය කිරීමට ඉඩ සලසයිග පද්ධතියේ සෑම දෙයක්ම වේගයෙන් සහ සුමටව ක්රියාත්මක වන බව සහතික කරන Powerful chip එකක් මෙහි ඇත.
කාලගුණික තත්ත්වයන් රළු වූ විට දෘශ්යතාව වැඩිදියුණු කිරීම සදහා AI භාවිතා කරන Rainy Night Mode වැනි ප්රයෝජනවත් විශේෂාංගද මෙහි දක්නට ලැබේ. වාහන තදබදයකදී මෝටර් රථය නැවැත්වීමේ ස්ථාන හෝ උපක්රමශීලී හැරීම් සඳහා, මෝටර් රථයේ ඇති Crab Mode භාවිතා කළ හැකියි. මෙම මෝටර් රථයේ අන්තර්ගත නවීන තාක්ෂණය නිසාම අනතුරු අවම කරගැනිමේ හැකියාවක් පවතියි.
ඔබ මෝටර් රථය ඇතුළට ගිය පසු ඔබට වෙනත් වාහන වලදි නොදැනුන වඩාත් සුවපහසු හැඟීමක් දැනෙනු ඇත.
එයට හේතුව මෝටර් රථයේ ආසන ඉතා මෘදු සහ ඒවා තුළ ගොඩනගා ඇති උණුසුම, වාතාශ්රය සහ නැඹුරුවීමේ සහයයි. මෙහි ඇති panoramic glass roof නිසාම කැබින් එක ඇතුළත විවෘත හා වාතය සහිත බවක් ඔබට දැනෙන නිසාම ඔබේ ගමන තවත් පහසු කරයි. ස්පීකර් 20 ක් සහිත ශබ්ද පද්ධතිය නිසා ඔබ සංගීතයට සවන් දෙන විට හෝ ඇමතුමක් ගන්නා විට පැහැදිලි ශ්රව්ය අත්දැකීමක් ද ඔබට ලබාදෙයි.
මෝටර් රථයේ රියදුරු ඇතුළු ඇතුළත සිටින සියල්ලන් ආරක්ෂා කිරීම සඳහා මෙහි ව්යුහය ගොඩනගා ඇති අතර, සියලු කෝණවලින් බලපෑම් නැති කරන සැලසුමක් සකසා ඇත. තියුණු හැරීම්, හදිසි නැවතුම් හෝ තෙත් මාර්ග වලදී පාලනයේ සිටීමට ඔබට උපකාර කරන intelligent driving system මෙහි අන්තර්ගත වේග උසස් තාක්ෂණය නිරන්තරයෙන් මෝටර් රථයේ වටපිටාව නිරීක්ෂණය කරන අතර අවස්තානුකූලව එය ඉබේම සකස් කරගනු ලබයි.
මේ වන විටත් AI තාක්ෂණය සමඟින් ඉලෙක්ට්රොනික මෝටර් රථ කලාවේ පෙරළියක් කිරීමට සූදානම් IM5 සහ IM6 සුඛෝපභෝගී මෝටර් රථ සමඟින් සුවපහසු නැවුම් ධාවන අත්දැකීමක් ලබාගැනීමට ඔබත් සූදානම් වන්න.