කැලණි කේබල්ස් සමාගමේ zKelani BreezerZ විදුලි පංකාවට ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය පිරිනමන ‘SLS 814’  සහතිකය හිමි වේ.

Share with your friend

ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගම, තම නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කරමින් මෙරට වෙළෙඳපොලට හඳුන්වාදුන් zKelani BreezerZ විදුලි පංකාවට ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය පිරිනමන ‘SLS 814’ ප‍්‍රමිති සහතිකය පසුගියදා පිරිනමනු ලැබීය. ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය විසින් එම ‘SLS 814’ ප‍්‍රමිති සහතිකය පිරිනැමුණේ එහි නිෂ්පාදන විශිෂ්ටත්වය හේතුවෙනි. එම ‘SLS 814’ ප‍්‍රමිති සහතිකය ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්, ආචාර්ය, සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය විසින් කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතා වෙත එහි ප‍්‍රධාන කාර්යාලයේදී පිරිනැමුණි. මෙම අවස්ථාවට ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය නියෝජනය කරමින් පි‍්‍රයංකා පෙරේරා (අධ්‍යක්ෂිකා, භාණ්ඩ සහතික කිරීම්&” ඒ. පී. කන්දගේ (ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ, භාණ්ඩ සහතික කිරීම& යන මහත්මීන් සහභාගීවූ අතර කැලණි කේබල්ස් සමාගම නියෝජනය කරමින් ආචාර්ය, අනිල් මුණසිංහ මහතා (සාමාන්‍යාධීකාරී-අලෙවි&”  රෝහණ වාද්දුවගේ මහතා (වෙළෙඳ කළමනාකරු-විදුලි හා බලශක්ති& හා ගයාතී‍්‍ර ඒකනායක මිය (සහකාර කළමනාකාරීනි- තත්ත්ව ආරක්ෂණ& යන මහත්ම මහත්මීහූ සහභාගී වූහ.

එයට පෙර zKelani BreezerZ විදුලි පංකාවට ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය විසින් පිරිනමන ‘Two Star’ ප‍්‍රමිති සහතිකයද හිමිව තිබේ. 

ලෝක ප‍්‍රකට Havells සමාගම තම නිෂ්පාදන ලොව පුරා රටවල් 50කට වැඩි සංඛ්‍යාවක අලෙවි කරන්නේ තම Havells සන්නාමයෙන්මය. නමුත් එම සමාගම කැලණි කේබල්ස් සමාගම වෙනුවෙන් විශේෂයෙන්ම zKelani BreezerZ විදුලි පංකාව නිපදවන්නේ එයට විශේෂාංග රැසක් එක් කරමිනි. ඒ අතර එක් සුවිශේෂීතාවක් වන්නේ එහි විදුලි පාරිභෝජනය වොට් 74ක් වැනි අවම තත්ත්වයක තිබීමය. මෙරට වෙළෙඳපොලෙහි අලෙවි කෙරෙන වඩාත් අවම විදුලි පාරිභෝජනය සහිත විදුලි පංකාව zKelani BreezerZ වන අතර ඒ බව ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය විසින් පිරිනැමූ ‘Two Star’ ප‍්‍රමිති සහතිකයෙහිද සඳහන් විය. මෙම zKelani BreezerZ විදුලි පංකාව සතු, සෙසු විදුලි පංකාවල නොවන විශේෂාංගයක් වන්නේ එල්ලා තිබියදී යම් හෙයකින් ගැලවුණොත් එහි විදුලිය විසන්ධිකරන ආරක්ෂිත ස්විචයට (Safety Switch) අමතරව විදුලිය විසන්ධි කරන zMale – FemaleZ සම්බන්ධකයක් (Socket) තිබීමය. 

දෙවසරක පූර්ණ වගකීමක් පිරිනමන zKelani BreezerZ විදුලි පංකාවෙහි ආරක්ෂික දම්වැල (Safety Chain) මගින් යම් හෙයකින් පංකාව ගැලවී ගියද එය පහළට නොවැටීම, සුළංපෙතිවල තිබෙන නියමිත ආනතයෙන් කදිම සුළං සැපයුම, ද්විත්ව බෙයාරින්ග් යොදා තිබීම එහි විශේෂත්වයකි. තවද සුළංපෙති හා මෝටරයේ ඉහළ හා පහළ කොටස් මළ නොබැඳෙන ආකාරයෙන් සම්පූර්ණයෙන් ඇළුමේනියම් ලෝහයෙන් නිපදවූ මෙරට වෙළෙඳපොලෙහි අලෙවි කෙරෙන එකම විදුලි පංකාව වන්නේද zKelani BreezerZ ය. 

zKelani BreezerZ විදුලි පංකාවට හිමිවූ ‘SLS 814’ ප‍්‍රමිති සහතිකය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතා පැවසුවේ, ‘කැලණි’ යනු නිෂ්පාදන විශිෂ්ටත්වය සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගේ නොමඳ විශ්වාසය දිනූ වෙළෙඳනාමයක්. ඒ කැලණි කේබල්ස් සමාගම යම් නිෂ්පාදනයක් මෙරට පාරිභෝගිකයන්ට හඳුන්වාදෙන්නේ බොහෝ සැලකීමෙන් හා වගකීමෙන් යුතුව වන හෙයිනුයි. ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය විසින් පිරිනැමු මෙම ‘SLS 814’ ප‍්‍රමිති සහතිකය zKelani BreezerZහි නිෂ්පාදන විශිෂ්ටත්වය නැවතවරක් සනාථවීමක්.’ යන්නය.

100%ක්ම දේශීය සමාගමකවන කැළණි කේබල්ස් සමාගම, ගෙවුණු 53 වසර පුරා දෙස් විදෙස් හි පිරිනැමෙන බොහෝ තත්ත්ව සහතික රැසකට හිමිකම් කී සමාගමකි. ඒ අතර ISO 14001 තත්ත්ව කළමනාකරණ පද්ධති හා ISO 14001 පරිසර කළමනාකරණ සහතිකය ලබා ඇත. එමෙන්ම එම සමාගම ගෞරවනීය සම්මාන රැසක් දිනාගෙන ඇත. ඒ අතර 2017 හා 2019 වසරවලදී World Class Global Performance Excellence Awards සම්මානයෙන්ද පිදුම් ලැබූ කැලණි කේබල්ස් සමාගම වසර 2012, 2013, 2016, 2017 හා 2019 යන SLIM Brand Excellence හි B2B අංශයේ රන් සම්මානය, 2018 SLIM Brand Excellence හි B2B අංශයේ රිදී සම්මානය කැලණි කේබල්ස් සමාගම දිනාගත්තේය. එමෙන්ම 2020 SLIM Brand Excellence සම්මාන උළෙලේදී Restart Sri Lanka Resilience Award සම්මානය හා අන්තර් ව්‍යාපාරකරණය වෙනුවෙන් පිරිනමන B2B Brand of the Year අංශයෙහි රිදී සම්මානයක් දිනාගැනීමට සමත් විය. තවද 2015 හා 2018දී SLIM Brand Excellence සම්මාන උළෙලේදී විශිෂ්ටතම ආයතනික සමාජ සත්කාරක වෙළෙඳනාමය ලෙසින් රීදී සම්මානය දිනාගත් කැලණි කේබල්ස් සමාගම වසර 2016දී සමාජ කතිකා හා වැඩපොල සහයෝගීතා රන් සම්මානය හා National HR Excellence රීදී සම්මානයෙන් පිදුම් ලැබීය. එමෙන්ම එම වසරේදීම ‘ජනාධිපති පරිසර සම්මාන උළෙල – 2016 දී ^Presidential Environmental Awards& විශිෂ්ටතම හරිත වාර්ථාකරණය වෙනුවෙන් පිරිනැමෙන රන් සම්මානය හා ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් පිදෙන ජාතික තත්ත්ව සම්මානය හිමි කරගැනීමට සමත්විය. තවද 2015 හා 2016 වසරවලදී ‘ආසියාවේ විශිෂ්ටතම සේවායෝජක සන්නාම සම්මානය’ හිමිකරගැනීමටද කැලණි කේබල්ස් සමාගම සමත්විණ. එයට අමතරව එම සමාගම 2015 ජාතික හරිත සම්මානය, GEO Responsibility Award -2014 ‘ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මානය 2012 හා 2013’ හිමිකරගෙන ඇත. එමෙන්ම සේවක පුහුනුව හා සංවර්ධනය වෙනුවෙන් සැපයෙන දායකත්වය වෙනුවෙන් පිරිනැමෙන SLITAD People Development – 2013 රන් සම්මානය දිනාගැනීමට සමත් වූ කැලණි කේබලස් සමාගම කර්මාන්ත විශිෂ්ටත්ව රන් සම්මානය 2006, 2007 2008 යන වසරවලදී දිනාගනු ලැබිණ. 2008දී කර්මාන්ත විශිෂ්ටත්ව පළිගු සම්මානය, 2006 හා 2016දී ජාතික තත්ත්ව සම්මානය, 2007දී ටයිකි අකිමොටෝ 5S රන් සම්මානය, 2010දී ජාතික සුරක්ෂිතතා රන් සම්මානය, එමෙන්ම කැළණි කේබල්ස් තිරසාර ආර්ථික, සමාජ හා පාරිසරික සංවර්ධනයට ප‍්‍රතිඥාදෙමින් National Green Reporting System ක‍්‍රමවේදයට අනුගත ශී‍්‍ර ලංකාවේ පළමු සමාගම් කිහිපය අතරට එක්වූ සමාගමකි. තවද පරිසර හිතකාමී හා වෘත්තීය සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් දක්වන විශිෂ්ට දායකත්වය වෙනුවෙන් Responsibile Care ලාංජනය භාවිතාකිරීමේ සහතිකය හිමි සමාගමක් හෙයින් කැලණි කේබල්ස් නිෂ්පාදනවලට අපනයන වෙළෙඳපොලේ විශේෂිත පිළිගැනුමක් හිමිවේ.


Share with your friend